6. විමොක්ඛ සූත්ර වර්ණනාව
සවැන්නෙහි විමොක්ඛා යනු කවර අර්ත්ථයෙන් විමොක්ඛ නම් වේද? අධිමුච්චන අර්ත්ථයෙනි. මේ අධිමුච්චනාර්ත්ථය නම් කුමක්ද? විරුද්ධ ධර්මයන්ගෙන් ද මනාව මිදෙන අර්ත්ථය ද අරමුණෙහි ද නො ඇලීම් වශයෙන් මනාව මිදෙන අර්ත්ථය ද වේ. පියාගේ ඇකයෙහි විසුරුවන ලද අවයව ඇති දරුවාගේ නිදීමක් මෙන් තරවටු කිරීම් නැති බැවින් ද නිසැක බැවින් ද අරමුණෙහි පවතීයයි කියන ලද්දේ වෙයි. මේ අර්ත්ථය වනාහි පැසුළු (අන්තිම) විමොක්ෂයෙහි නැත. මුල් විමොක්ෂයන්හි ඇත.
රූපි රූපානි පස්සති යනු මෙහි අධ්යාත්මවූ කෙසාදීන්හි නීල කසිණාදි වශයෙන් උපදවනලද රූපධ්යාන රූපයයි, එය ඔහුට ඇත්තේනුයි රූපී නමි. බාහිරවු නීල කසිණාදීවූ රූප ධ්යාන ඇසින් දකියි. මෙයින් අධ්යාත්ම බාහිර වස්තුකවූ කසිණයන්හි උපදවන ලද ධ්යාන ඇති පුද්ගලයාගේ රූපාවචර ධ්යාන සතර දක්වන ලදි. අජ්ඣත්තංඅරූපසඤ්ඤී යනු අධ්යාත්ම රූප සංඥී නොවේ. තමන්ගේ කෙස් ආදියෙහි නොඋපදවනලද රූපාවචර ධ්යාන ඇත්තේ යයි අර්ත්ථයයි. මෙයින් බාහිර පරිකර්ම කොට බාහිරවම උපදවනලද ධ්යාන ඇත්තාගේ රූපාවචර ධ්යනයෝ දක්වන ලද්දාහ.
සුභන්තෙව අධිමුත්තො යනු මෙයින් ඉතා පිරිසුදු වූ නීලාදී වර්ණ කසිණයන්හි ධ්යානයේ දක්වන ලද්දාහ. එහි කිසිදු අන්තයක් අර්පණාවෙහි සුභයයි සංකල්පනාවක් නැත. යමෙක් ඉතා පිරිසුදු වූ සුභ කසිණයක් අරමුණු කොට වෙසෙයි ද හෙතෙම යම් හෙයකින් සුභයයි මිදුනේ වේයයි කියයුතු බවට පැමිණෙයිද එහෙයින් මෙසේ දේශනාව කරන ලදි. පටිසම්භිදා මග්ගයෙහි වනාහි,
“කෙසේ නම් විමොක්ෂය සුභයයි මිදුනේ වේද යත්? මෙහි භික්ෂුව මෛත්රීසහගත සිතින් එක්දිශාවක් -පෙ- පතුරුවා වෙසෙයි, මෛත්රිය වැඩූ බැවින් සත්වයෝ නොපිළිකුල් වෙත්. කරුණා, මුදිතා, උපෙක්ඛා සහගත සිතින් එක්දිශාවක් -පෙ- පතුරුවා වෙසෙයි. උපේක්ෂාව වඩනලද බැවින් සත්ත්වයෝ නොපිළිකුල් වෙති. මෙසේ සුභයයි මිදුනේ වේනුයි විමොක්ෂයයි” කියන ලදි.
සබ්බසො රූපසඤ්ඤානං යනාදියෙහි යමක් කිවයුතු ද ඒ සියල්ල විසුද්ධිමග්ගයෙහි කියන ලද්දේමය. අයං අට්ඨමො විමොක්ඛො යනු මෙය සතර ස්කන්ධයන් සර්වප්රකාරයෙන් වෙන්වූ බැවින් මිදුනු බැවින් අටවැනි වූ උතුම් විමොක්ෂය නම් වේ.
7-8. අනරියවොහාර ආදි සූත්ර වර්ණනා
සත්වැන්නෙහි අනරියවොහාරා යනු ආර්ය්ය කථා නොවේ. දොස් සහිත කථායි. යම් චෙතනාවන්ගෙන් ඔවුහු වහරත්ද ඔවුන්ට මේ නමයි. අටවැන්නෙහි කියන ලද්ද ප්රතික්ෂේප කිරීමේ ක්රමයෙන් අර්ත්ථය දතයුතුය.
9. පරිස සූත්ර වර්ණනාව
නවවැන්නෙහි ඛත්තියපරිසා යනු ක්ෂත්රිය පිරිස්වල රැස්වීමයි, එක්වීමයි, මෙය සියලු තන්හි ක්රමයයි. අනෙකසතං ඛත්තියපරිසං යනු බිම්බිසාර සමාගම ඥාතිසමාගම ලිච්ඡවිසමාගම වැනිවූ දෙය වෙනත් සක්වලවල ද ලැබේමය. සල්ලපිතපුබ්බං යනු අල්ලාප සල්ලාපය කළවිරූය. සාකච්ඡා යනු ධර්ම සාකච්ඡාව ද සමවැදුනු විරූය. යාදිසකො තෙසං වණ්ණො යනු ඔවුහු සුදුවූවෝ ද වෙත්. කළුවූවෝ ද වෙත්. තද කහ පැහැති සම ඇත්තෝ ද වෙත්. ශාස්තෲන් වහන්සේ රන්වන්ය. මේ වනාහි හැඩය සඳහා කියන ලදි. හුදෙක් ඔවුන්ගේ සටහන පැනේමය. භාග්යවතුන් වහන්සේ ම්ලෙච්ඡයකු සමාන වූවෝ නොවෙත්. පළඳනා ලද මිණිකඬොල් ඇත්තෝ ද නොවෙත්. බුදු වෙසින්ම හිඳිති. ඔවුහු ද තමන්ට සමාන සටහනම දකිත්. යාදිසකො තෙසං සරො යනු ඔවුහු සිඳුනු ස්වර ඇත්තේ ද වෙත්. ඛණ්ඩස්වර ඇත්තෝ ද වෙත්. කාකස්වර ඇත්තෝ ද වෙත්. ශාස්තෲන් වහන්සේ බ්රහ්මස්වර ඇත්තෝමය. මේ වනාහි භාෂාන්තරය උදෙසා කියනලදි. ඉදින් එහි රජ දුන්නේ කියයි ද අද රජ මිහිරිව කියයි යි ඔවුනට අදහස් වෙයි. කියා භාග්යවතුන් වහන්සේ වැඩිකල්හි යළි රජු ආ බව දැක මේ කිමෙක්දැයි විමසීමක් ඇතිවෙයි. එහි කො නු ඛො අයං යනු මෙතැන්හි දැන්මම මගධ බසින් සිංහල බසින් මිහිරි සේ කියන්නේ කවරෙක් නම් මේ අතුරුදහන් වූයේද කිම දෙවියෙක්ද නැතහොත් මිනිස්සෙක්දැයි විමසන්නාහුද නොදනිත්යයි අරුත්ය. මෙසෝ නොදන්නවුන්ට කුමක් සඳහා ධර්මය දෙසයිදැයි වාසය කරවීමේ අර්ත්ථයෙන් මෙසේ අසන ලද්දේ ද ධර්මය අනාගතයෙහි ප්රත්යය වේයයි අනාගතය සඳහා දෙසනා කරයි. අනෙකසතං බ්රාහ්මණ පරිසං යනු සොණදණ්ඩ සමාගමය වශයෙන් ද අනෙක් සක්වළ වශයෙන් ද හටගැනීම දතයුතුයි.
10. භූමිචාල සූත්ර වර්ණනාව
දසවැන්නෙහි නිසීදනං යනු මෙහි සම්කඩක් අදහස් කරනලදි. උදෙනං චෙතියං යනු උදෙන යක්ෂයාගේ චෛත්යස්ථානයෙහි කරනලද විහාරයයි කියනු ලැබේ. ගොතමක යනාදියෙහි ද මේ ක්රමයමයි, භාවිතා යනු වඩනා ලදයි, බහුලිකතා යනු යළි යළිත් කරන ලදයි, යානිකතා යනු සුදුසු යානයක් මෙන් කරන ලද්දාවූයි, වත්ථුකතා යනු පිහිටි අරුතින් ඉඩමක් මෙන් කරන ලද්දාවූයි. අනුට්ඨිතා යනු අදිටන් කරන ලද්දාවූයි, පරිචිතා යනු හාත්පසින් රැස්කරන ලද වඩන ලද්දාවූයි, සුසමාරද්ධා යනු මනාව අරඹන ලද්දාවූයි,