9. ප්‍රථම අට්ඨපුග්ගල සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි උජුභූතො යනු කායවඞ්කාදිය නොමැති බැවින් සෘජුවූයි, පඤ්ඤාසීලසමාහිතො යනු ප්‍රඥාවෙන් ද, ශීලයෙන් ද, යුක්ත වූයේයි, යජමානානං යනු දන්දෙන්නවුන්ගේය, පුඤ්ඤෙපෙබානං යනු පින බලන්නවුන්ගේයි, ඔපධිකං යනු උපධි විපාකයයි. ප්‍රකට නොවු තැන් අපමණය, දසවැන්නෙහි සමුක්කට්ඨො යනු උතුම් වූයේයි, සත්තානං යනු සියලු සත්ත්වයන්ගේයි, සෙස සියලු තැන්හි පැහැදිලිමය.
සවැනි ගොතමි වර්ගයයි.
7. චාපාල වර්ගය
1. ලාහිච්ඡා සූත්‍ර වර්ණනාව
සත්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි පවිවිත්තස්සා යනු කායවිවේකයෙන් හුදෙකලා වූවහුගේයි, නිරායත්තවුත්තිනො යනු කිසිතැනක නොබැඳුණු පැවතුම් ඇති විදර්ශනාවෙහි යෙදෙන්නාගේයි, ලාභාය යනු සිවුපසය ලැබීම සඳහායි, සොචී ච පරිදෙවී ච යනු ශෝකකරන්නා ද හඬන්නා ද, සොචිච්ච පරිදෙවිච්ච යනු ද පාඨයි. චුතො ච සද්ධම්මා යනු එකෙණෙහිම විදර්ශනා ධර්මයෙන් චුතවූයේයි, මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.
2. අලං සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අලං අත්තනො අලං පරෙසං යනු තමාට ද අනුන්ට ද හිතවත් වූ ප්රතිපත්තියෙහි සමත්වූයේ දක්ෂවූයේ යෝග්යවූයේයි, ඛිප්පනිසන්ති යනු වහා වටහාගනියි, ස්කන්ධ ධාතු ආයතනාදිය කියනු ලබන කල්හි ඒ ධර්මයන් වහා දනිතියි අරුත්ය, මේ සූත්‍රයෙහි සමථ විදර්ශනා කියන ලදි. පුද්ගලාධ්යායෙන් මෙන්ම දේශනා විලාසයෙන් ද මත්තෙහි පටන් යටට බැසයාම කියන ලදි.
3. සඞ්ඛිත්තදෙසිත සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි එවමෙව යනු කරුණු රහිතවම යම්සේද එසේය, මොඝපුරිසා යනු මෝඩ පුරුෂයෝයි, හිස් පුද්ගලයෝයි, අජ්ඣෙසන්ති යනු යොදත්, අනුබන්ධිතබ්බං යනු ඉරියව් අනුගමනයෙන් එහුබැදිය යුතුය, මා අත්නොහළ යුතුයයි සිතත්, දැනගැනීම සඳහා ඉවත් කරන්නේ මෙසේ කීය. මේ භික්ෂුව වනාහි අවවාද දුන්කල්හි ද ප්‍රමාදයෙහිම යෙදෙයි. ධර්මය අසා එහිම වසයි, මහණදම් කිරීමට නොඑයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඔහු ඉවත් කරවා යළිත් යම් හෙයකින් හෙතෙම රහත්බවට උපනිශ්‍රය ඇත්තේද එහෙයින් ඔහුට අවවාද දෙමින් “තස්මාතිහ තෙ භික්ඛු එවං සික්ඛිතබ්බං” යනාදිය කී සේක. එහි ආධ්යාත්මවූම සිත පිහිටන්නේය. මනාව පිහිටියේය. උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඬගෙන නොසිටින්නාහ” යන මේ ඔහුගේ අවවාදයෙන් ස්වකීය අධ්යක්ම වශයෙන් සිතේ එකඟතා මාත්‍ර වූ මූලසමාධිය කියන ලදි.
ඉක්බිති එතකින්ම සතුටට නොපැමිණ මෙසේ ඒ සමාධිය වැඩිය යුතුයයි දැක්වීමට “යම්සේ මහණ, ඔබගේ අධ්‍යාත්ම සිත සිටියේ වෙයිද මනාව පිහිටියේද උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඬගෙන නොසිටිත්ද, එහෙයින් මහණ, මෙසේ හික්මිය යුතුය. මවිසින් මෛත්‍රී චෙතො විමුක්තිය වඩන ලද්දේ වන්නේය - පෙ- මනාව අරඹන ලද්දේය” යනුවෙනි. මෙසේ ඔහු මෙත්‍රී වශයෙන් භාවනාව පුහුණුකරවා යළිත් “මහණ යම් හෙයකින් ඔබ විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වෙයිද බොහෝකොට වඩනා ලද්දේ ද එහෙයින් මහණ, ඔබ විතර්ක සහිතවූත් මෙම සමාධිය විචාර සහිතව වඩන්නෙහිය”යි යනාදිය දෙසන ලදි. යම් විටෙක මහණ, ඔබගේ මේ මූලසමාධිය මෙසේ මෛත්‍රී වශයෙන් වඩන ලද්දේ වෙයිද එකල්හි ඔබ එපමණකින් සතුටට නොපැමිණම මේ මූලසමාධිය වෙනත් අරමුණුවල වතුෂ්ක පඤ්චක ධ්‍යානයන් පමුණුවමින් විතර්ක සහිතවත් විචාර සහිතවත් යනාදී ක්‍රමයෙන් වඩන්නෙහියි” යනු එහි අර්ත්ථයයි.