4. ව්‍යග්ඝපජ්ජ සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි ව්‍යාග්ඝපජ්ජා යන මෙය වනාහි ප්‍රවෙණි නාම වශයෙන් ආමන්ත්‍රණයයි. ඔහුගේ පූර්‍ව පුරුෂයෝ ව්‍යාඝ්‍රමාර්‍ගයෙහි උපන්නාහුයි. ඒ කුලයෙහි මිනිස්සු ව්‍යග්ඝපජ්ජ යයි කියනු ලැබෙත්. ඉස්සත්‍ථෙන යනු ආයුධකර්‍මයෙනි. තත්‍රෑපායාය යනු මෙකල්හි මෙය කළයුතුයයි දැනීමෙහි උපායවූයි, වුද්ධසීලිනො යනු වැඩූ සිල් ඇති දියුණු කළ සමාචාර ඇත්තෝයි, ආයං යනු පැමිණීමයි, නාච්චොගාළ්හං යනු ඉතා මහත් නොවූයි, නාතිහීනං යනු ඉතා අමාරු නොවූයි, පරියාදාය යනු ගෙන ගෙවා දමායි, (ක්‍ෂය කොටයි). එහි යමෙකුගේ වැය වීමෙන් දෙගුණය ආය නමි. ඔහුගේ වැයෙන් අය ගෙවා දැමීමට නොහැකි වෙයි.
“ගිහිගෙහි වෙසෙන නුවණැත්තේ භොගයන් සිවු අයුරකින් බෙදන්නේය, එක් කොටසකින් භොගයන් පරිභොග කරන්නේය, දෙකොටසකින් කටයුතු යොදවන්නේය, අනාගතයෙහි ආපදාවන්හි ප්‍රයෝජනය සඳහා සිවුවැනි කොටස තැන්පත් කරන්නේය”.
මෙසේ පිළිපදින්නාගේ වැය අය ගෙවා දැමීමට නොහැකිවෙයි.
උදුම්බරක්ඛාදිකං යනු යම්සේ දිවුල් කනු කැමැත්තෙන් පැසුණු (ගෙඩි ඇති) දිවුල්ගස සෙලවූ විට එක් විටම බොහෝ ගෙඩි වැටෙයි. හෙතෙම කෑයුතු ගෙඩි කා ඉතිරි බොහෝ ගෙඩි අතහැර දමා යයි. එසේම යමෙක් අයෙන් වැය බොහෝ කොට විසුරුවමින් භොගයන් පරිභොග කරයි ද හෙතෙම දිවුල් කෑමෙන් මෙන් මේ කුලපුත්‍රයා භොගයන් කාදමතියි කියනු ලැබේ. අජද්ධුමාරිකං යනු අනාථමරණයයි, සමං ජීවිකං කප්පෙති යනු මනාව ජීවිකාව කරයි, සමජීවිතා යනු සමාන ජීවිකාවයි, අපායමුබානි යනු විනාසයට කරුණුයි,
උට්ඨාතා කම්මධෙය්‍යෙසු යනු කටයුතු කරන තැන්හි උත්ථාන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේයි, විධානවා යනු විධානයෙන් (මෙහෙයවීමෙන්) යුක්ත වූයේයි, සොත්‍ථානං සම්පරායිකං යනු සුවපත් වූ පරලොවයි, සච්චනාමෙන යනු බුදුබැවින්ම බුදුයයි මෙසේ වෙනස් නොවන නමිනි, චාගො පුඤ්ඤං පවඩ්ඪති යනු ත්‍යාගය ද සෙසු පින් ද වැඩෙයි, මේ සූත්‍රයෙහි ශ්‍රද්ධාදිය මුසුව කියන ලදි. පස්වැන්න පැහැදිලිමය.
6. කාමාධිවචන සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි ගබ්හො යනු ගැබෙහි විසීමයි, දිට්ඨධම්මිකාපි යනු ඉහාත්මයෙහි ගැබෙහි විසීමට සමානවූයි, සම්පරායිකාපි යනු මිනිස් කුස හැර සෙසු ගැබෙහියි, උභයං එතෙ කාමො පවුච්චන්ති බිය ද දුක ද බිය ද රෝගය බිය ද ගඩුව ද බිය ද හුල ද බිය ද බිය ද ඇල්ම ද බිය ද මඩ ද බිය ද ගැබ දැයි මෙසේ මේ දෙකම කාමයෝයි කියනු ලැබෙත්, සාතරූපෙන යනු කම්සුවයෙනි, පලිපං යනු සසර ගොහොරුව ඉක්මවායි, මෙතැන්හි විදර්‍ශනාව කියා මේ භික්ෂුවගේ රහත්බව ගන්නාලදී. ඉක්මවූ ගොහොරුව ඇත්තේයි, ජාති ජරාවගෙන් යුත් තුන් භවයන්හි සැලෙන්නා වූ මෙබඳු ජනතාව බලන්නේ යයි සූත්‍රයෙහි සසර කියා ගාථාවන්හි නිවන කියන ලදි. සත්වැනි අටවැනි සුත්‍රයෝ පැහැදිලිමය.
9. ප්‍රථම අට්ඨපුග්ගල සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි උජුභූතො යනු කායවඞ්කාදිය නොමැති බැවින් සෘජුවූයි, පඤ්ඤාසීලසමාහිතො යනු ප්‍රඥාවෙන් ද, ශීලයෙන් ද, යුක්ත වූයේයි, යජමානානං යනු දන්දෙන්නවුන්ගේය, පුඤ්ඤෙපෙබානං යනු පින බලන්නවුන්ගේයි, ඔපධිකං යනු උපධි විපාකයයි. ප්‍රකට නොවු තැන් අපමණය, දසවැන්නෙහි සමුක්කට්ඨො යනු උතුම් වූයේයි, සත්තානං යනු සියලු සත්ත්වයන්ගේයි, සෙස සියලු තැන්හි පැහැදිලිමය.