7. සප්පුරිසදාන සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි සුචිං යනු පිරිසුදුවූවක්, පැහැපත්වූවක් දෙයි, පණීතං යනු රසයෙන් යුක්ත වූවකි, කාලෙන යනු සුදුසු කාලයෙනි, කප්පියං යනු යමක් සුදුසුද (ගැලපේද) එය දෙයි, විචෙය්ය දෙති යනු මොහුට දුන්දෙය මහත්ඵල වෙයි, මොහුට (දුන්දෙය) මහත්ඵල නොවේයයි මෙසේ පිළිගන්නන් සෙවීම් වශයෙන් දානය හෝ විමසා බලා දෙයි.
8. සප්පුරිස සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි අත්ථාය යනු අර්ත්ථ සඳහායි, හිතාය සුඛාය යනු හිත සඳහා සුව සඳහායි, පුබ්බපෙතානං යනු පරලොව ගිය ඥාතීන්ටය, මේ සූත්‍රයෙහි බුදුන් නූපන් කල්හි සක්විති රජවරු බෝසත්හු පසේ බුදුවරු ලැබෙත්, බුදුවරුද බුදුසව්වෝ ද කියන ලද පරිද්දෙන් වූ මොවුන්ට අර්ත්ථ සඳහා හිත සඳහා සුව සඳහා පවතිත්, බහුන්නං වත අත්ථාය සප්පඤ්ඤො ඝරමාවසං යනු පැණවත් පුද්ගල තෙමේ ගෘහයෙහි වසන්නේ ඒකාන්තයෙන්ම බොහෝ දෙනාට වැඩ සඳහා වෙයි. පුබ්බෙ යනු පළමුවයි, පුබ්බෙකතමනුස්සරං යනු මව්පියන්ගේ පුබ්බකාර (මුලින් කරන) ගුණයන් සිහිකරයි, සහධම්මෙන යනු කරුණු සහිත වූ ප්‍රත්‍ය පිදීමෙන් පුදයි, අපවෙ බ්රහ්මචාරයො යනු ගරුකරයි, ඔවුන්ට පහත් පැවතුම් ඇති බවට පැමිණෙයි, පෙසලා යනු ප්රියශීලීවූයි,
9. පුඤ්ඤාභිසන්ද සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි දානානි යනු සිතුවිලි දීමය, අග්ගඤ්ඤා නි යනාදීන්ගේ අර්ත්ථය යට කියන ලද්දේමය.
10. අපායසංවත්තනික සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි පාණාතිපාතො යනු පණනැසීමේ චෙතනාවයි, සබ්බලහුසො අප්පායුකසංවත්තනිකො යනු ඒ සුළු කර්ම විපාකයෙන් අඩු ආයුෂ ඇත්තේ වෙයි. දුන් පමණට හෝ ප්රතිසන්ධියෙන් වියැකී යයි, මවුකුසින් නික්මෙන කෙණෙහි හෝ (මෙසේ අල්පායුෂ්ක වෙයි.) මෙබන්ඳක් වනාහි අන්කිසි කර්මයක ප්රවෘත්ති විපාකයක් නොවේ. මෙය පණ නැසීමේ කර්මය ගියමගයි. භොගව්යසනසංවත්තනිකො යනු යම්සේ කාකණික මාත්‍රයකුදු අතේ නොසිටියිද මෙසේ භොග විනාශයට හේතුවෙයි, වෙරසපත්තසංවත්නිකො හොති යනු සතුරන් සමඟ වෛරය පවත්වයි, ඔහුට සතුරෝ බොහෝ වෙත්, යමෙක් ඔහු දකියි ද වෛරයම උපදවයි. නොනිවෙයි, මෙබන්ඳක් වනාහි අනුන්ගේ රැකවල් කරනලද භාණ්ඩයෙහි කරන ලද අපරාධයාගේ ප්රවෘත්ති විපාකයයි.
අභූතබ්හක්ඛාන සංවත්තනිකො හොති යනු අසත්‍යයෙන් දොස්නැඟීමට හේතුවෙයි. යම් කිසිවකු විසින් කරන ලද්ද ඔහු මත වැටෙයි, මිත්තෙහි භෙදනසංවත්තනිකො යනු මිත්‍රයන්ගෙන් මිදීමට හේතුවෙයි, යමකු යමකු මිත්‍රයකු කරගනියිද හෙතෙම හෙතෙම බිඳෙයිමය. අමනාපසද්දසංවත්තනිකො යනු නොකැමැති ශබ්දයට හේතුවෙයි. යම් ඒ වචනයක් රළු කර්කශ කටුක වේද, තරහ උපදවයිද මරණීය වේද ගියගිය තැන එයම අසයි, හිත කැමති ශබ්ද ඇසීමක් නොලබයි, මෙබන්ඳක් රළුවචනයාගේ කර්මය ගිය ගිය මගයි. අනාදෙය්යවාචසංවත්තනිකො යනු නොගතයුතු වචනයට හේතු වෙයි. නුඹ කෙසේ කියහිද? කවරෙක් නුඹගේ වචනය ගන්නේදැයි කියයුතු බවට පැමිණෙයි, මේ නිසරු වචන කීමේ කර්මය ගිය මගයි. උම්මත්තකසංවත්තනිකො හොති යනු උමතුබවට හේතුවෙයි. එයින් මිනිසා උමතුවූවෙක් හෝ විසුරුණු සිතැත්තෙක් හෝ කෙළතොල්ලෙක් හෝ වෙයි. මේ සුරාපානයාගේ ප්රවෘත්ති විපාකයයි. මේ සූත්‍රයෙහි සසරම කියන ලදි.