4. ඛලුඞ්ක සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි පෙහීති වුත්තො යනු යවයි කියන ලද්දේයි. පිට්ඨිතො රථං පටිවත්තෙති යනු පිටනාරටියෙන් වියගස උඩට හරවා පසුභාගයෙන් රිය කරකවන්නේ පසුබායි. පච්ඡාලං ඛිපති කුබ්බරං භන්ති යනු පස පා දෙක ඔසවා එයින් පහර දී රියෙහි ඒරියා කඳ බිඳියි. තිදණ්ඩං භඤ්ජති රියේ ඉදිරියෙන් දඬු තුනක් වෙයි. ඒවා කඩයි. රථිසාය සත්ථිං උස්සජ්ජිත්වා යනු හිස නමා වියගස බිම හෙළා කලවයෙන් රියෙහි ඒරියා කඳ පහරදීයි. අජ්ඣොමද්දති යනු ඉදිරි දෙපයින් ඒරියා කඳ මඬිමින් සිටියි. උබ්බටුමං රථං කරොති යනු ගොඩට හෝ කටුගොඩකට රිය නංවයි. අනාදියිත්වා යනු මෙනෙහි නොකොට නොසලකායි, මුඛාධානං යනු මුව තැබීම සඳහා දෙන ලද යකඩ සැකිල්ලකි. ඛීලට්ඨායි යනු සතර පා කණු මෙන් නිසොල්ව තබා සිටියි, මේ සූත්‍රයෙහි සසරම කියන ලදි.
5. මල සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි අසජ්ඣායමලා යන උගත මන්ත්‍රයන්ට සජ්ඣායනා නොකිරීම මලයක් (කිළුටක්) නම් වෙයි, අනුට්ඨානමලා ඝරා යනු උත්ථාන වීර්යය නැතිකම ගෙවලට මල නමි. වණ්ණස්ස යනු සිරුරු පැහැයේයි. රක්ඛතො යනු යම්කිසි අයත් දෙයක් රකින්නාගේයි, අවිජ්ජා පරමං මලං යනු එයින් සෙසු අකුසලධර්ම මලින් අටතැනක නොදැන්ම සංසාර මූල සංඛ්‍යාත මල වන බැවින් අවිද්‍යාව පරම මලයි ඊට වැඩි කිළුටක් නම් නැත. මේ සූත්‍රයෙහි සසරම කියන ලදි.
6. දූතෙය්‍ය සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි දූතෙය්යං යනු දූත කර්මයයි, ගන්තුමරහති යනු දූතකර්ම සංඛ්‍යාත වූ හසුන දරා ගෙනයාමට සුදුසු වෙයි. සොතා යනු යමෙකුට හසුන දෙයිද එය අසන්නායි. සාවෙතා යනු උගෙන මෙය ඔබ විසින් කියන ලදැයි යළි අස්වන්නායි (යලි කියන්නායි). උග්ගහෙතා යනු මනාව ගන්නායි, ධාරෙතා යනු මනාකොට දරන්නක් කොට දරන්නායි, විඤ්ඤාතා යනු වැඩ අවැඩේ අරුත දන්නායි, විඤ්ඤාපෙතා යනු අනුන්ට හඟවන්නායි. සහිතාසහිතස්ස යනු මෙය යහපත්ය මෙය අයහපත්යයි මෙසේ වැඩ අවැඩෙහි දක්ෂවූයේ එළඹුණු දෙයෙහි (විමසා බැලීමෙහි) හැකියාව ඇති තැනැත්තේ හසුන සැළකරන්නේ අර්ත්ථවත් දෙයම සලකා සැලකරයි. න වෙධති යනු නොඅවුස්සයි. අසන්දිද්ධං යනු පහවූ සැක ඇත්තේයි, පුච්ඡිතො යනු ප්‍රශ්න සඳහා විමසන ලද්දේයි.
7-8. පුරිසබන්ධන ආදි සූත්‍ර වර්ණනා
සත්වැන්නෙහි රොණ්ණෙන යනු හැඬිමෙනි, ආකප්පෙන යනු හැඳීම් පෙරවීම් ආදී විධියෙනි. වනභඞ්ගෙන යනු වනයෙන් කඩා ගෙනෙන ලද මල්පල ආදී පඬුරෙනි, අටවැන්නෙහි ද මේ ක්‍රමයමයි.
9. පහාරාද සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි පහාරාදො යනු එබඳු නම් ඇත්තෙකි. අසුරින්දො යනු අසුර දෙටුවෙකි. අසුරයන් අතුරෙහි වෙපචිත්ති, රාහු, පහාරාද යන මේ තිදෙන දෙටුවෝයි. යෙන භගවා තෙනුපසඞ්කමි යනු දසබලයන් වහන්සේ බුදු වූ දිනයෙහි සිට අද යමි හෙට යමියි එකළොස් වසක් ගෙවා දොළොස් වසරෙහි ශාස්තෲන් වහන්සේ වෙරඤ්ජාවෙහි වෙසෙන කල්හි සම්බුදුන්වහන්සේ සමීපයට යන්නෙමැයි සිත උපදවා මට අද හෙටයයි දොළොස් වසරක් වූයේය. අද ඒකාන්තයෙන්ම දැන්ම යමියි එකෙණෙහිම අසුර සමුහයා පිරිවරා අසුර භවනයෙන් නික්ම මද්දහනෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළැඹියේය. එකමන්තං අට්ඨාසි යනු හෙතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අසා මෙසේ ධර්මය අසන්නෙමැයි පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ දුටු වේලෙහි සිට බුද්ධ ගෞරවයෙන් ඇසීමට නොහැකි වන්නේද ශාස්තෲන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිතු සේක. මේ පහාරාද තෙමේ මා කථා නොකරද්දී පළමුව කථා කිරීමට නොහැක්කේය. පුරුදු කළ බලය ඇති තැන්හිම මොහුට කථාව ඇතිකිරීම සඳහා එක් ප්‍රශ්නයක් අසන්නෙමැයි සිතා