2. ආදිබ්රහ්මචරියපඤ්ඤා සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි ආදිබ්රහ්මචරියකා යනු මාර්ග බ්රහ්මචර්ය්යාවට මුල්වූයි, පඤ්ඤාය යනු විදර්ශනාවටයි, ගරුට්ඨානියං යනු ගෞරවය ඉපදීමට හේතුවූයි, ගරුභාවයට සුදුසුයි, තිබ්බං යනු බහුලවූයි, පරිපුච්ඡති යනු අරුත් පෙළ ගැලපීම් පෙර අපර යන කරුණු විමසයි, පරිපඤ්හති යනු ප්රශ්න කරයි, මෙය ද මෙය ද අසන්නෙමැයි සිතයි, ද්වයෙන යනු දෙවැදෑරුම් වූවෙනි, අනානාකථිකො යනු නානත්වයන් (විවිධත්වයන්) කථාකරන්නෙක් නොවේ, අතිරච්ඡානකථිකො යනු නන්වැදෑරුම් තිරිසන් කථා නොකියයි, අරියං වා තුණ්හී භාවං යනු ආර්ය තුෂ්ණීම්භාවය නම් චතුර්ථ ධ්යානයයි, සෙසු කමටහන් මෙනෙහි කිරීම ද වටියි, ජානං ජානාති යනු දතයුතුදෙය දනියි, පස්සං පස්සති යනු දැකිය යුතු දේ දකියි, පියත්තාය යනු ප්රියභාවය සඳහායි, ගරුත්තාය යනු ගරුභාවය සඳහායි, භාවනාය යනු බවුන් වැඩීම සඳහායි, ගුණ සම්භාවනය හෝ සඳහායි, සාමඤ්ඤාය යනු මහණදම් සඳහායි, එකීභාවාය යනු නිතරබව සඳහායි.
3. පළමුවැනි පිය සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි අප්පියපසංසි යනු අප්රිය ජනයාට පසසන්නායි, ගුණ කියන්නායි, පියගරහී යනු ප්රියජනයාට නින්දා කරන්නායි, ගරහන්නායි.
4. දෙවැනි පිය සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි අනවඤ්ඤත්තිකාමො යනු අහෝ මට අනුන් අවමන් නොකරත් නම් මැනවැයි අවමන් නොවනු කැමැත්තේයි, අකාලඤ්ඤූ යනු කථාවට කාලය නොදනියි, නොසුදුසු කල්හි කථා කරයි, අසූචි යනු අපිරිසුදු කායකර්මාදියෙන් යුක්තවුයේයි.
5. පළමුවැනි ලෝකධම්ම සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි ලොවට දහම්නුයි ලොකධම්මා නමි, මෙයින් මිදුනාහු නම් නැත. බුදුවරුනට ද වෙත්. එහෙයින් කිය. ලොකං අනුපරිවත්තන්ති යනු ඵහු බඳිත්, අත් නොහරිත්, ලොවින් නොනවතිතැයි අරුත්ය, ලොකො ච අට්ඨලොකධම්මෙ අනුපරිවත්තති යනු මේ ලෝකය ද මේවා ඵහුබඳියි. නොහරියි, මේ ධර්මයන්ට අනුව පවතියි යනු අරුත්ය.
ලාභො අලාභො යනු ලැබීම පැමිණිවිට නොලැබීම ආයේමයැයි දතයුතුය, අයසාදීන්හි ද මේ ක්රමයමයි. අචෙක්ඛති විපරිණාමධම්මෙ යනු විපර්ය්යාසයට (වෙනසට) පත්වන ධර්මයන් මේවායි මෙසේ දකියි, විධූපිතා යනු විනාශකර දමන ලදි. දුරුකරන ලදි. පදඤ්ච ඤත්වා යනු නිවන් පදය දැනයි, සම්මප්පජානාති භවස්ස පාරගුං යනු භවයෙහි පරතෙරට ගියේ නිෂ්පත්තියට මස්තකප්රාප්ත වූයේ නිවන් පදය දැනම එය පරතෙරට ගිය බව මනාව දනියි. මේ සූත්රයෙහි සසර හා නිවන කියන ලදි.
6. දෙවැනි ලෝකධම්ම සූත්ර වර්ණනාව
සවැන්නෙහි කො විසෙසො යනු කවර වෙසෙසි කරුණක්ද? කො අධිප්පායො සො යනු කවර අධික ප්රයෝගයක්ද? පරියාදාය යනු ගෙන නිමවායි, මෙහිද සසර හා නිවනම කියන ලදි.
7. දෙවදත්තවිපත්ති සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි අචිරපක්කන්තෙ යනු සංඝයා බිඳ නොබෝකල්හියි, ආරබ්හ යනු අවුත්, නිසා, සඳහායි, අත්තවිපත්තිං යනු තමන් විපතට පත්වූ ආකාරයයි, සෙසු පදයන්හි ද මේ ක්රමයමයි, අභිභුය්ය යනු මැඬපවත්වා, යටපත්කොටයි.
8. උත්තර සූත්ර වර්ණනාව
අටවැන්නෙහි ධවජාලිකායං යනු මෙබඳු නම් ඇති වෙහෙරෙහියි, එය ධව වනයෙහි ඇතුල් වී ඇති බැවින් ධවජාලිකායි නිමාවට ගියේය, පාතුරහොසි යනු මෙකරුණ දෙව්රජුට සැළකරන්නෙමැයි ගොස් ප්රකට වූයේය, ආදිබ්රහ්මචරියකො යනු ශික්ෂාත්රයට ඇතුළත් වූ සියලු ශාසන බ්රහ්මචර්ය්යාවට මුල් වූයේයි.
9. නන්ද සූත්ර වර්ණනාව
නවවැන්නෙහි කුලපුත්තො යනු ජාතියෙන් කුල පුත්රයෙකි, බලවා යනු සවිමත් වූයේයි. පාසාදිකො යනු රූප සම්පත්තියෙන් ප්රසාදය ඇතිකරන්නේයි. තිබ්බරාගො යනු බලවත් රාගය ඇත්තේයි, කිමඤ්ඤත්ර යනාදියෙහි මේ අර්ත්ථයයි: කියනලද වෙනත් කරුණකින් කවර වැඩක්ද? මේ නන්ද තෙමේ ඉඳුරන්හි වැසූ දොරටු ඇත්තේයි, අනුභවයෙහි පමණ දන්නේයි. නිදිවැරීමෙහි යෙදුනේයි, සිහිනුවණින් යුත්වූයේයි, යම්බඳු වූ මෙකරුණින් නන්දතෙමේ පිරිපුන් පිරිසුදු බඹසරෙහි හැසිරීමට හැක්කේ වෙයි. ඉදින් මෙකරුණින් යුක්ත වූයේ නොවන්නේ නම් නොහැකි වන්නේය යනුයි. ඉතිහ තත්ථ යනු මෙසේ එහියි, මේ සුත්රයෙහි සසරම කියන ලදි.