9. මාපුඤ්ඤභායි සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි මා භික්ඛවෙ පුඤ්ඤදානං භායිත්‍ථ යනු පින් කරන්නෝ ඒවාට බිය නොවන්නහුයි, මෙත්තං චිත්තං භාවෙසිං යනු තික චතුෂ්ක ධ්‍යානික වූ මෛත්‍රියෙන් යුක්ත වූ සිත ප්‍රණීත කොට වැඩීමියි දක්වයි, සංවට්ටමානස්සුදාහං යනු ධ්‍යානය පිරිහෙන විට මම යනුයි, සංවට්ටමානෙ යනු ධ්‍යානය පිරිහෙමින් පවත්නා කල්හියි, ධම්මිකො යනු දශකුශලධර්‍මයන්ගෙන් යුක්තවූයේයි, ධම්මරාජා යනු ඊටම පර්‍ය්‍යාය වචනයි, දැහැමින් හෝ ලබන ලද රාජ්‍යත්වය ඇති බැවින් ධම්මරාජා යි, චාතුරන්තො යනු පෙරදිග සමුදුර ආදී සමුදුරු වශයෙන් සිවුකෙළවර ඇති පොළොවට අධිපතිවූයේයි, විජිතාවි යනු දිනනලද යුද ඇත්තේයි, ඔහු කෙරෙහි ජනපදය තහවුරුබවට, ස්ථිර බවට පත්වූයේයි ජනපදත්‍ථාවරියප්පත්තො නමි, පරොසහස්සං යනු වැඩිමනක් දහසක් ඇත්තේයි, සුරා යන බියනැත්තාහුයි, විරඞ්ගරූපා යනු වීරයන්ගේ අංගය වීරඞ්ග නමි. වීර්යයට මේ නමෙකි. වීර්යය නමැති රූපය මොවුනටනුයි විරඞ්ගරූපා නමි. වීර්යය උපතකොට ඇත්තෝයි, වීර්ය ස්වභාවය ඇත්තෝයි, වීර්යයෙන් කරන ලද්දවුන් මෙන් දවසම වුවද යුද වදිමින් නොවෙහෙසෙන්නෝයි, ක්ලාන්ත නොවෙතියි කියන ලද්දේ වෙයි, සාගරපරියන්තං යනු සක්වළ පව්ව හිම්කොට සිටි මුහුදු කෙළවරයි, අදණ්ඩෙන යනු ධනයෙන් දඬුවම් දීමෙන් (මුදල් අයකිරීමෙන්) ද සිඳීම් බිඳීම් අවවාද දීම් ආදී අවි දඬුවමෙන්ද තොරවමයි, අසත්‍ථෙන යනු එක්පසෙක මුවහත ඇති ආදී වශයෙන් වූ අනුන් වෙහෙසන අවියෙනුදු තොරවමයි, ධම්මෙන යනු මහරජ, එනු මැනවැයි මෙසේ විරුද්ධ රජවරුන් විසින් පිළිගන්නා ලද ගමන් ඇත්තේ පණ නොනැසිය යුතුයයි ආදි වශයෙන් දැහැමින්ම කියනලද අයුරු ඇති පොළොව දිනායි,
සුඛෙසීනො යනු සුවය සොයන සතුන් අමතයි, සුඤ්ඤං බ්‍රහ්මුපගතො යනු ශුන්‍ය බ්‍රහ්ම විමානයකට යන්නේයි, පඨවිං ඉමං යනු සයුර කෙළවර කොට ඇති මහපොළොවයි, අසාහසෙන යනු සැහැසිකමින් නොවේ, සමෙනමනුසාසියං යනු සමවූ කර්‍මයෙන් අනුශාසනා කෙළෙමි, තෙහෙතං සුදෙසිතං යනු ඒ සංග්‍රහ කරනසුලු වූ මහාකාරුණික බුදුවරුන් විසින් මෙපමණ තැනක් මනාව දෙසන ලදි, මනාව පවසන ලදි. පථඛ්‍යො යනු පොළොවෙහි හිමියායි.
10. සත්තභරියා සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙ යනු කෙවුළන්ගේ මාලු පැස ගොඩබා සිටි තැන හෝ දැල දියෙන් ගොඩගත් කෙනෙහි මාලු ගන්නවුන්ගේ වශයෙන් මහා ශබ්දයක් වෙයි, ඒ සඳහා මෙය කියනලදි, සුජාතා යනු විශාඛාවගේ කනිටු සොහොයුරියයි, සා නෙව සස්සුං ආදියති යනු නැන්දනිය (ස්වාමියාගේ මව) ට කළ යුතු වතක් නම් ඇත්ද එය නොකරයි, නැන්දණියයි ඇය ගණන් නොගනියි. මයිළනුවන්ට නොසලකයි ආදී ඇයගේ වචන නොගනියි, මෙසේ අනාදරවත් බව නිසා ද නොගැනීමෙන් ද න ආදියති නම්වේ. සෙසු තැන්හි ද මේ ක්‍රමයමැයි, මෙසේ අනේපිඬු සිටුතෙමේ ලේලියගේ බර (වගකීම) ගෙන ශාස්තෲන් වහන්සේගේ ඉදිරියෙහි හුන්නේය, ඒ සුජාතා තොමෝත් කිමෙක්ද මේ සිටුවරයා දශබලයන් වහන්සේ හමුවෙහි මගේ ගුණ කියයිද නැතහොත් අගුණ කියයිදැයි (සිතා) ගොස් නුදුරෙහි ශබ්දය අසමින් සිටියාය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ සුජාතාවනි, එවයි ඇමතු සේක.
අහිතානුකම්පිනී යනු හිතානුකම්පා නොමැත්තීයි. අඤ්ඤෙසු යනු වෙනත් මිනිසුන් කෙරෙහියි, අතිමඤ්ඤතෙ යනු අවමාන අතිමාන වශයෙන් පහත් කොට සලකයි, ධනෙන කීතස්ස යනු ධනයෙන් මිළදී ගන්නා ලද්දී වන්නේය, වධාය උස්සුකා යනු නැසීමට උත්සුක බවට පැමිණියායි, යං ඉත්‍ථියා වින්දති සාමිකො ධනං යනු ස්ත්‍රියගේ යම් ධනයක් සැමියා ලබයිද, අප්පමපිස්ස අපහාතුමිච්ඡති යනු ඔහුගේ ටිකකින් වුව ද පැහැරගැනීමට කැමති වෙයි, උදුනෙහි තැබූ සැළියෙහි බැහිය යුතු සහලින් ටිකක් ගැනීමටම වෑයම් කරයි, අලසා යනු හුන්තැන හුන්නීම සිටිතැන සිටියාම වෙයි, ඵරුසා යනු රළුවූවායි, දුරුත්තවාදිනි යනු නරක කථා ඇත්තී කර්‍කශ රළු කථාම කියයි, උට්ඨායකානං අභිභුය්‍ය වත්තති යන මෙහි උට්ඨායකානංයි බහුවචන වශයෙන් වීර්යයෙන් හා උත්ථානයෙන් යුත් හිමියා කියන ලදි, ඔහුගේ ඒ උට්ඨාන සම්පත්තිය යටපත් කොට පහත්කොට පවතියි, පමොදති යනු තුටුපහටු වූවා වෙයි, කොලෙය්‍යකා යනු කුලීන වූවායි පතිබ්බතා යනු හිමියා දෙවිකොට සලකන්නීයි, වධදණ්ඩතජ්ජිතා යනු දඬුවක් ගෙන වධයෙන් තර්ජනය කරන ලද්දී මොහු මරන්නෙමැයි කියන ලද්දීයි, දාසිසමං යනු හිමියාගේ වත්සපුරන දැස්සකැයි භාග්‍යවතුන් වහන්සේ මා සලකන සේක්වායි පවසා සරණයෙහි පිහිටියාය.
11. කෝධන සූත්‍ර වර්ණනාව
එකොළොස් වැන්නෙහි සපත්තකන්තා යනු සතුරු වූ වෛරීන්ට ප්‍රියමනාපවූවා ඔවුන් විසින් කැමති වනු ලැබූ පතනු ලැබුයි, සපත්තකරණා සතුරු වූ වෛරීන්ට හිතවැඩ කරන්නාවූයි. කොධපරෙතො යනු ක්‍රෝධයට අනුගත වූයේයි, පචුරත්‍ථා තාය යනු බොහෝ වැඩ සඳහාය, බොහෝ හිත සඳහාය, අනත්‍ථම්පි යනු අවැඩක් වුවද, අත්‍ථො මෙ ගහිතො යනු මවිසින් වැඩක් ගන්නා ලදි,
අථො අත්‍ථං ගහෙත්වාන යනු ඉක්බිති වැඩක් ගෙනයි, අනත්‍ථිං අධිපජ්ජති යනු මවිසින් අනර්‍ත්‍ථයක් ගන්නා ලදැයි සලකයි, වධං කත්වාන යනු පණ නැසීමේ කර්‍මයක් කොටයි, කොධසම්මදසම්මත්තො යනු ක්‍රෝධ මතින් මත්වූයේ, දැඩිසේ ගැනීමෙන් අල්ලා ගන්නා ලද්දේයි අරුත්ය. ආයසක්‍යං යනු අපකීර්තිමත් බවයි, කීර්තිය නැත්තේ නින්දාවට පත්වූයේයි අරුත්ය, අන්තරතො ජාතං යනු අභ්‍යන්තරයෙහි උපන්නාවූයි, අත්‍ථං න ජානාති යනු වැඩ අර්‍ත්‍ථය නොදනියි, ධම්මං න පස්සති යනු සමථ විදර්‍ශනා ධර්‍මය නොදකියි, අන්‍ධන්තමං යනු අන්‍ධභාවය ඇති කරන ඝන අඳුරයි, සහතෙ යනු මැඩපවත්වයි,
දුම්මඞ්කුයං යනු දොම්නස් සහගත බවයි, තෙද නැති බවයි, දුර්වර්ණ වූ මුහුණ ඇති බවයි, යතො පතායති යනු යම් විටෙක උපදියි, න වාවො හොති ගාරවො යනු වචනයට ද ගරුබවක් නොවෙයි, න දීපං හොති කිඤ්චනං යනු කිසියම් වූ ද පිහිටක් නම් නැත. තපනීයානි යනු තැවීම ඇතිකරවන්නාවූයි, ධම්මෙහි යනු සමථ විදර්‍ශනා ධර්‍මයන්ගෙනි, ආරකා යනු දුරෙහියි, බ්‍රාහ්මණං යනු කෙලෙස් දුරුකළ බමුණකුයි, යාය මාතුභතො යනු යම් මවක විසින් වඩන ලද්දේ පෝෂණය කරන ලද්දේයි, පාණදදිං සන්තිං යනු ජීවිත දෙන්නියකට සමාන වූයි, හන්ති කුද්ධො පුථුත්තානං යනු කිපුණු පුද්ගලතෙමේ බොහෝ නොයෙක් කරුණින් තමා නසයි, නානාරූපෙසු මුච්ඡිතො යනු නොයෙක් අරමුණුවල මුළාවූයේ වීයි, රජ්ජුයා බජ්ඣමිය්‍යන්ති යනු රැහැනින් බැඳ මරත්, පබ්බතාමපි කන්දරෙ යනු පර්‍වත කඳුරෙහි ද වැටි මරත්,