7. උග්ග මහාමත්ත සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි උග්ගො රාජමහාමත්තො යනු පසේනදි කොසොල් රජුගේ මහාමාත්‍යයායි, උපසංකමි යනු අනුභව කළ උදා ආහාරය ඇත්තේ එළඹියේය, අඩ්ඪො යනු නිදන්ගත වූ ධනයෙන් ආඪ්‍යවූයේයි, මිගාරො රොහණෙය්‍යො යනු රෝහණ සිටුගේ මුණුබුරුවූ මිගාර සිටු සඳහා මෙය කීවේය. මහද්ධනො යනු පරිභොග කරන ධනයෙන් මහාධනය ඇත්තේයි, මහාභොගො යනු උපභොග පරිභොග භාණ්ඩ මහත් බැවින් මහාභොග වූයේයි, හිරඤ්ඤස්ස යනු ස්වර්‍ගයේයි, ඔහුට ස්වර්‍ණයන්ගෙන්ම කොටි සංඛ්‍යාත ධනයක් වූයේය, රූපියස්ස යනු භාජන සරාව ඇතිරිලි ඇඳුම් ආදීවූ පරිභොග පරිෂ්කාරයන්ගේ පමණ ගිණීමෙහි වාදයක් නැත්තේමය.
8. සත්තසඤ්ඤොජන සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි අනුනයසංයොජනං යනු කාමරාගසංයෝජනයයි, මේ සියල්ල ඛන්ධනාර්ථයෙන් සංයෝජනයයි දතයුතුය, මේ සූත්‍රයෙහි සසරම කියනලදි. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේය.
පළමුවැනි වූ ධන වර්‍ගයයි
2. අනුසය වර්ගය
3. කුලූපගමන සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්‍ගයෙහි තෙවැනි සූත්‍රයෙහි නාලං යනු නොසුදුසුයි, නොගැලපෙයි, න මනාපෙන යනු මනසෙහි නැගෙන ආකාරයෙන් හුන් අසුනින් නොනැඟිටිත්, අනාදරයක්ම දක්වාත්, සන්තමස්ස නිගුහන්ති යනු පවත්නා වූ ද දෙය්‍යධර්‍මය (දානවස්තුව) මොහුට සඟවත්, වසත්, අසක්කච්චං දෙන්ති නො සක්කච්චං යනු රළුවූ හෝ ප්‍රණීත වූ හෝ දෙය නොම සියතින් අගෞරවයෙන් දෙත්, ගෞරවයෙන් නොදෙත්.
4. ආහුනෙය්‍ය පුග්ගල සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි උභතො භාගවිමුත්තො යනු දෙකොටසින් මිදුණේයි, අරූප සමාපත්තියෙන් රූපකායයෙන් මිඳුනේ මාර්‍ගයෙන් නාමකායයෙන් මිඳුනේයි, හෙතෙම සතර අරූප සමාපත්තීන්ගේ එකිනෙකින් නැඟිට සංස්කාරයන් සම්මර්‍ශනය කොට රහත්බවට පත් සිවුදෙනාගේ ද නිරොධයෙන් නැඟිට රහත්බවට පත් අනාගාමියාගේ ද වශයෙන් පස්වැදෑරුම් වූයේ වෙයි. මෙහි පෙළෙහි (පෙළට අනුව) කවරනම් පුද්ගලයෙක් උභතොභාග විමුත්ත නම් වූයේද? මෙහි ඇතැම් පුද්ගලයෙක් අෂ්ට විමොක්ෂයන් කයින් පැහැස වෙසෙයි, ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රවයෝ ක්‍ෂය වෙතියි මෙසේ අෂ්ට විමාෂලාභීන්ගේ වශයෙන් ආවාහුය,
ප්‍රඥාවෙන් මිඳුනේයි පඤ්ඤාවිමුත්තො නමි, හෙතෙම ශුෂ්ක විදර්‍ශකවූයේ ද සතර ධ්‍යානයන්ගෙන් නැඟිට රහත් බවට පත් සතරදෙනාදැයි මොවුන්ගේ වශයෙන් පස්වැදෑරුම් වූයේ වෙයි, මෙහි පෙළවනාහි අෂ්ට විමොක්ෂ ප්‍රතික්‍ෂේප වශයෙන්ම ආවාහුය. “න හෙව ඛො අට්ඨවිමොඛෙ කායෙන ඵස්සිත්වා විහරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛිණා හොන්ති අයං වුච්චති පුග්ගලො පඤ්ඤවිමුත්තො - (අෂ්ට විමොක්ෂයන් කයින් ස්පර්‍ශ කොට වසන්නේ පමණක් නොවේ, ප්‍රඥාවෙන් ද දැක මොහුගේ ආශ්‍රවයෝ ක්ෂය වූවාහු වෙති, මේ පුද්ගලයා ප්‍රඤාවිමුත්ත යයි කියනු ලැබේ. යම්සේ කියන ලද්දේ ද එබැවිනි.
ස්පර්‍ශ කළ කෙළවර ක්‍ෂාත්කරන ලද්දේයි කායසක්ඛි නමි, හෙතෙම ධ්‍යාන ස්පර්‍ශය පළමුව ස්පර්‍ශ කරයි, පසුව නිරොධය වූ නිවන ප්‍රත්‍යක්‍ෂ කරයි, හෙතෙම සෝවාන් පෙලෙහි සිටියහු මුල්කොට ඇති රහත් මග සිටින්නා දක්වා සයවැදෑරුම් වෙයි, එහෙයින්, “ඉධෙකච්චො පුග්ගලො අට්ඨවිමුඛෙ කායෙන ඵස්සිත්වා විහරති පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති අයං වුච්චති පුග්ගලො කායසක්ඛි” - (මෙහි ඇතැම් පුද්ගලයෙක් අට විමොක්ෂයන් කයින් ස්පර්‍ශ කොට වෙසෙයි, ප්‍රඥාවෙන් දැක ඔහුගේ ඇතැම් ආශ්‍රවයෝ ක්ෂයවූවාහු වෙති, මේ පුද්ගලයා කායසක්ඛියි කියනු ලැබේ) යයි කියන ලදි.
දුටු කෙළවරට පැමිණියේයි දිට්ඨප්පත්තො නමි, මේ එහි සංක්ෂෙප ලක්ෂණයි, සංස්කාරයෝ දුක්ය, නිරොධය සැපයයි දන්නා ලද්දේ වෙයි, ප්‍රඥාවෙන් දක්නා ලද්දේ හඳුනන ලද්දේ පසක් කරන ලද්දේ, දෘෂ්ටප්‍රාප්ත (දිට්ඨප්පත්ත) යයි, විස්තර වශයෙන් වනාහි හෙතෙමේ ද කායසක්ඛි පුද්ගලයා මෙන් සවැදෑරුම් වෙයි, “ඉධෙකච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති - පෙ- අයං දුක්ඛ නිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා පඤ්ඤාය -පෙ- අයං වුච්චති පුග්ගලො දිට්ඨප්පත්තො” එහෙයින් කියන ලදි.
ශ්‍රද්ධාවෙන් විමුක්තියට පත්වූයේයි සද්ධාවිමුත්තො නමි. හෙතෙමේත් කියන ලද ක්‍රමයෙන්ම සවැදෑරුම්වූයේ වෙයි. “ඉධෙකච්චො පුග්ගලො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධ-ගාමිනී පටිපදාති යථාභූතං පජානාති තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති සොචරිතා පඤ්ඤාය -පෙ- නො ච ඛො යථා දිට්ඨප්පත්තස්ස අයං වුච්චති පුග්ගලො සමාධිවිමුත්තො”යි එහෙයින් කියන ලදි. මේ ශ්‍රද්ධා විමුක්තයාගේ පූර්‍වභාග මාර්‍ගක්ෂණයෙහි අදහන්නාගේ මෙන් ද විශ්වාස කරන්නාගේ මෙන් ද එදෙසට නැඹුරු වන්නාගේ මෙන් ද ක්ලෙශ ක්ෂය වෙයි. දෘෂ්ටප්‍රාප්ත (දිට්ඨප්පත්ත) යාගේ පූර්‍වභාග මාර්‍ගක්‍ෂණයෙහි කෙලෙස් නසන ඥානය අඳනොවී සියුම්ව සූරවී ගලායයි, එහෙයින් යම්සේ නම් ඉතා නොතියුණු කඩුවකින් කෙසෙල් ගසක් සිඳින්නාගේ සිඳුණු තැන මට නොවේද කඩුව වහා ගලා නොයේද හඬක ඇසේද බලවත් වෑයමක් කළයුතු වේද ශ්‍රද්ධාවිමුක්තයාගේ පූර්‍වභාගමාර්‍ග භාවනාව ද එබඳුය. යම්සේ වනාහි ඉතා සියුම් කඩුවකින් කෙසෙල් ගසක් සිඳින්නහුගේ සිදුණු තැන මට වේද? කඩුව වහා ගලායයි ද හඬක් නොඇසේ ද බලවත් වෑයම් කිරීමක් නොවේ ද ප්‍රඥාවිමුක්තයාගේ පූර්‍වභාග මාර්‍ගභාවනාව එබඳුයයි දතයුතුය.