2. සාමඤ්ඤ වර්ගය
මින් මත්තෙහි තපුස්සො යනු ද්වෙවාචික උපාශකයායි, තථාගතෙ නිට්ඨං ගතො යනු බුදු ගුණයන්හි පිහිටි සිත් ඇත්තේ දුරුකළ සැක ඇත්තේයි, අමෘතය දුටුවේයි අමතද්දසො නමි, අරියෙන යනු නිදොස්වූ ලෝකෝත්තර ශීලයෙනි, ඤාණෙන යනු ප්‍රත්‍යවෙක්ෂණ ඥානයෙනි, විමුත්තියා යනු ශෛක්ෂ්‍ය ඵල විමුක්තියෙනි, තවකණ්ණිකො යනු මෙබඳු නම් ඇති ගෘහපතියායි, තපකණ්ණිකො යනු ද පෙළයි,
ඡක්කනිපාතයෙහි රාගාදිපෙය්‍යාල සූත්‍ර
රාගස්ස යනු පඤ්චකාමගුණික වූ රාගයයි, සෙස්ස සියලු තැන්හි පැහැදිළිමය.
මනොරථපූරණී නම්වූ අඞ්ගුත්තර නිකායට්ඨ කථාවෙහි
ඡක්කනිපාත වර්‍ණනාව නිමියේයි.