8. උක්ඛිත්තාසික සූත්ර වර්ණනාව
අටවැන්නෙහි මෙත්තාවතාය යනු මෛත්රියෙන් යුක්ත වූ සේවාවෙනි, ශෛක්ෂයෝ සත්දෙනා තථාගතයන් වහන්සේට මෛත්රී සහගත සේවාව කරති. ක්ෂීණාශ්රවයා සේවා කරනලද ශාස්තෲන් වහන්සේ ඇත්තෙකි.
9. අතම්මය සූත්ර වර්ණනාව
නවවැන්නෙහි අතම්මයො යනු තෘෂ්ණා දෘෂ්ටීහු තන්මයායි කියනු ලැබෙති. ඒ තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් වියුක්ත වූයේයි, අහිංකාරා යනු “මම” යන දෘෂ්ටියයි. මමිංකාරා යන මගේයි ගැනීමයි, තෘෂ්ණාවයි සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
දසවැනි ආනිසංස වර්ගයයි
පණ්ණාසකාතිරෙක වග්ගා
1. තික වර්ගය
1. රාග සූත්ර වර්ණනාව
එකොළොස්වැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි අසුභං යනු අසුභකර්මස්ථානයයි, මෙත්තා යනු මෛත්රී කර්මස්ථානයයි, පඤ්ඤා යනු විදර්ශනා සහගත මාර්ග ප්රඥාවයි.
6. අස්සාද සූත්ර වර්ණනාව
සවැන්නෙහි අස්සාදදිට්ඨි යනු සාස්වත දෘෂ්ටියයි, අත්තානුදිට්ඨි යනු තමන්ට අනුගත වු විංශතිවස්තුක සත්කාය දෘෂ්ටියයි, මිච්ඡාදිට්ඨි යනු දෙසැට වැදෑරුම් දෘෂ්ටියයි, සම්මාදිට්ඨි යනු මාර්ගසම්යක් දෘෂ්ටියයි, දුන්දෙයෙහි විපාක නැතැයි ආදිය හෝ මිථ්යා දෘෂ්ටියයි, කර්මවිපාක ඇතැයි නුවණ සම්මාදිට්ඨියයි,
7. අරති සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි අධම්මචරියා යනු දශ අකුශල කර්මපථයෝයි,
10. උද්ධච්ච සූත්ර වර්ණනාව
දසවැන්නෙහි අසංවරො යනු නොයිවසනසුලු බවයි. සෙස්සු සියලු තැන්හි පැහැදිලිමය.
එකොළොස් වැනි වර්ගයයි.
2. සාමඤ්ඤ වර්ගය
මින් මත්තෙහි තපුස්සො යනු ද්වෙවාචික උපාශකයායි, තථාගතෙ නිට්ඨං ගතො යනු බුදු ගුණයන්හි පිහිටි සිත් ඇත්තේ දුරුකළ සැක ඇත්තේයි, අමෘතය දුටුවේයි අමතද්දසො නමි, අරියෙන යනු නිදොස්වූ ලෝකෝත්තර ශීලයෙනි, ඤාණෙන යනු ප්රත්යවෙක්ෂණ ඥානයෙනි, විමුත්තියා යනු ශෛක්ෂ්ය ඵල විමුක්තියෙනි, තවකණ්ණිකො යනු මෙබඳු නම් ඇති ගෘහපතියායි, තපකණ්ණිකො යනු ද පෙළයි,
ඡක්කනිපාතයෙහි රාගාදිපෙය්යාල සූත්ර
රාගස්ස යනු පඤ්චකාමගුණික වූ රාගයයි, සෙස්ස සියලු තැන්හි පැහැදිළිමය.
මනොරථපූරණී නම්වූ අඞ්ගුත්තර නිකායට්ඨ කථාවෙහි
ඡක්කනිපාත වර්ණනාව නිමියේයි.
ඡක්කනිපාත වර්ණනාව නිමියේයි.