9. පඨමජ්ඣාන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි න යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨො හොති යනු වස්තූ කාම ක්ලෙශ කාමයන්’හි ආදීනවය ඇති සැටියෙන් ධ්‍යාන ප්‍රඥාවෙන් මනාව නොදක්නා ලද්දේ වෙයි, දසවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
සත්වැනි වර්ගයයි
3. අරහත්ත වර්ගය
1. දුක්ඛ සූත්‍ර වර්ණනාව
අටවැනි වර්ගයෙහි පළමු සුත්‍රයෙහි සවිඝාතං යනු පෙළීම් සහිතවූයි, උවදුරු සහිතවූයි, සපරිළාහං යනු කායික චෛතසික දැවිල්ලෙන් දැවිලි සහිතවූයි, පාටිකඞ්කා යනු කැමති විය යුතු, අවශ්‍යයෙන් සිදුවන්නාවූයි.
2. අරහත්ත සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි මානං යනු ජාති ආදීන්ගෙන් සිතීමයි. ඔමානං යනු මම පහත් වෙමියි මානයයි, අතිමානං යනු ඉක්මවා පැවති ඉතා උසස් යැයි සිතන අතිමානයයි, අධිමානං යනු ලබාගත් මානයයි, ථම්භං යනු කොධමානයන්ගෙන් දැඩිබවයි, අතිනිපාතං යනු පහත් වූවහුගේ මම පහත් වෙමැයි යන මානයයි.
3. උත්තරිමනුස්සධම්ම සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි උත්තරිමනුස්සධම්මො යනු මනුෂ්‍ය ධර්මයන්ගෙන් මත්තෙහි වූයි, අලමරියඤාණදස්සනං යනු ආර්‍ය්‍යභාවය කිරීමට සමත් ඥානදර්ශන විශේෂයයි. සතර මඟ හා සතර පල යන අරුත්ය, කුහනං යනු තෙවැදෑරුම් වඤ්චනික වස්තුවයි, ලපනං යනු ලාභලබනු කැමැත්තෙන් උස්කොට හෝ පහත්කොට හෝ කීමයි.
4. සුඛසොමනස්ස සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි යොනි වස්ස ආරද්ධා හොති යනු ඔහුගේ හේතුව ද පිරිපුන් වූයේ දැඩිව ගන්නා ලද්දේ වෙයි, ධම්මාරාමො යනු ධර්මයෙහි ඇල්ම විඳියි, භාවනාවෙහි සිත අලවයි හෝ භාවනාව වඩන්නේ ඇලෙයි යන්නෙන් භාවනාරාමො නමි, දුරුකිරීමෙහි ඇලෙයි හෝ දුරුකරමින් සතුටුවේනුයි පහානාරාමො නමි, ත්‍රිවිධ වූ ප්රවීවේකයෙහි ඇලේනුයි පච්චෙකාරාමො නමි. අව්යපද්යයෙහි - නිදුක් බවෙහි ඇලේනුයි අව්යාපජ්ඣාරාමො නමි, නිෂ්ප්‍රපංච සංඛ්‍යාත වූ නිවනෙහි ඇලේනුයි නිප්පපඤ්චාරාමො නමි.
5. අධිගම සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි න ආයුකුසලො යනු ඒමෙහි (දියුණුවෙහි) අදක්ෂවූයේයි, න අපගමනකුසලො යනු ඉවත්වීමෙහි අදක්ෂ වූයේයි, ඡන්දං යනු කරනු කැමති ඡන්දයයි, න සාරක්ඛති යනු නොරකියි.
6. මහන්තත්ත සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි ආලොකබහුලො යනු ඥානය නමැති ආලෝකය බොහෝවූයි, යොගබහුලො යනු යෝගයෙහි (භාවනාවෙහි) බහුලව කටයුතු කරයි, වෙදබහුලො යනු ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් බහුල වූයේයි, අසන්තුට්ඨිබහුලො යනු කුශලධර්මයන්හි සතු වු නොවූයෙයි, අනික්ඛිත්තධුරො යනු නොතැබූ (අත්නොහළ) වගකීම් ඇත්තේ, දැඩිවගත් වීර්යය ඇත්තේයි, උත්තරිඤ්ච පතාරෙති යනු දැන් ද මත්තෙහි ද වීර්යය කරයිමය. සත්වැන්න පැහැදිලිමය.
8-10. දුතිය නිරය ආදි සූත්‍ර වර්ණනා
අටවැන්නෙහි පගබ්භො යනු කායප්රගල්භාදියෙන් යුක්තවූයේයි, නවවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය, දසවැන්නෙහි විඝාතවා යනු දැඩි ලෝභය නිසා උපන් ලොභ දුකෙන් දුකට පත් වූයේයි, සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
අටවැනි වර්ගයයි
4. සීති වර්ගය
1. සීතිභාව සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි පළමු සූත්‍රයෙහි සීතිභාවං යනු සිසිලසයි, යස්මිං සමයෙ චිත්තං නිග්ගණහිතබ්බං යනාදියෙහි සිත නොසන්සුන් කාලයෙහි සිත සමාධියෙන් අවමන් කළයුත්තේ නමි, කුෂීතකම ඇති වූ විට වීර්යයෙන් දැඩිකොට ගතයුත්තේ නමි, ආස්වාදරහිත කාලයෙහි සමාධියෙන් සතුටුකළයුත්තේ නමි, සමව පවත්නා කල බොධ්‍යංග උපේක්ෂාවෙන් මැදහත්විය යුත්තේ නමි.
2. ආවරණ සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි කම්මාවරණතාය යන ආනන්තර්‍ය්‍ය කර්ම පසෙනි, කිලෙසාවරණතාය යනු නියත මිසදිටුවෙනි, විපාකාවරණතාය යනු අකුශල ප්රතිසන්ධියෙන් හෝ කුශල විපාකයන්ගෙන් අහේතුක ප්රතිසන්ධියෙන් හෝයි,
4-5. සුස්සූසති ආදි සූත්‍ර වර්ණනා
සිවුවැන්නෙහි අනත්ථං යනු අවැඩයි, අත්ථං රිඤ්චති යනු වැඩීම් අර්ත්ථය ඉවත්කරයි, අනනුලොමිකාය යනු සසුනට අනුලොම් නොවන දෙයිනි, පස්වැන්නෙහි දිට්ඨිසම්පදං යනු සෝවාන් මගයි,
8-10. අභබ්බට්ඨාන ආදි සූත්‍ර වර්ණනා
අටවැන්නෙහි අනාගමනියං වත්ථුං යනු අනුගමනය නොකළ යුතු කරුණයි, පස්වැදෑරුම් වෛරයන්ට ද දෙසැටක් දෘෂ්ටිගතයන්ට ද මේ නමෙකි, අට්ඨමං භවන්ති යනු කාමාවචරයෙහි අටවැනි ප්‍රතිසන්ධියයි, නවවැන්නෙහි කොතුහලමඞ්ගලෙන යනු දුටු ඇසු විඳි මඟුල්වලිනි, දසවැන්නෙහි ‘සයං කතං’ යනාදි ආත්මදෘෂ්ටි වශයෙන් කියන ලදි, අධිච්චසමුප්පන්නං යනු අහේතුකව උපන්යනුයි. සෙස්ස සියලු තැන්හි පැහැදිලිමය.