2. ඵග්ගුණ සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි සම්ඤ්වොපි යනු නැඟී සිටින අයුරු දැක්විය, පටික්කමන්ති යනු පිරිහෙත්, නො අභික්කමන්ති යනු නොවැඩෙත්, දදෙය්‍ය යනු හිස වෙළා ගැටයකින් වටකොට බඳින්නේය, ඉන්ද්‍රියානි විප්පසීදිංසු යනු ඒ මියෙන විට ඉන්ද්‍රිය සය නොපැහැපත් විය. අත්‍ථුප්පරික්ඛාය යනු වැඩ ඇවැඩ කරුණු නොකරුණු විමසීමෙහියි, අනුත්තරෙ උපධිසංඛයෙ යනු නිවනෙහියි, අධිමුත්තං හොති යනු රහත් ඵලයෙන් මිදුනේ වෙයි.
3. ඡළාභිජාති සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි ජළාභිජාතියො යනු ජාති සයයි, තත්‍රිදං යනු එහි මේයි, ලුද්දා යනු දරුණුවූවෝයි, භික්ඛුකණ්ටකවුතිත්කා යනු මොවුහු ශ්‍රමණයෝ නමි, එකසාටකා යනු එකම රෙදිකඩකින් ඉදිරිපස වසන්නාවූයි, අකාමකස්ස බිලං ඔලග්ගෙය්‍යුං යනු ගැල් සාත්තුව යන විට ගෝනකු මළ කල්හි ගවමස් මිළ ලබා ගැනීම සඳහා කොටස් කොට කන්නාහු එකෙකු ගවමස නොකැමතිව සිටියදීම කොටසක් කොට ඔබ විසින් මෙය ද කෑ යුතුය, මිළ ද දියයුතුයයි ඒ කොටස නම්වූ පංගුව එල්වන්නාහුය, බලහත්කාරයෙන් අතෙහි තබන්නාහුයයි අරුත්ය. අඛෙත්තඤ්ඤුනා යනු අභිජාති පැනවීමෙන් ක්‍ෂෙත්‍රය නොදන්නාහු විසිනි, තං සුණාභි යනු ඒ මගේ පැනවීම අසව යනුයි, කණ්හාභිජාතිකො යනු කළු ස්වභාවය ඇත්තෙකි, කණ්හං ධම්මං අභිජායති යනු කළු ස්වභාවය ඇතිව උපදියි, කළු ජාතියෙහි හෝ උපදියි, නිබ්බානං අභිජායති යනු නිවනට පමුණුවයි, ආර්‍ය්‍යභූමි සංඛ්‍යාත වූ නිවන් ජාතියෙහි උපදියි.
4. ආසව සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි සංවරා පහාතබ්බා යනු සංවරයෙන් දුරුකළ යුතු වූයි, සෙසු තැන්හි ද මේ ක්‍රමයමයි, ඉධ යනු මෙම සසුනෙහියි, පටිසංඛා යනු මනාව දැන, ප්‍රත්‍යවෙක්ෂා කොට යන අරුත්ය, යොනිසො යනු ක්‍රමයෙන්, මාර්‍ගයෙන්ය, මෙහි ද අසංවරයෙහි ආදීනව විමසා බැලීම නුවණින් (උපායෙන්) විමසා බලායි දතයුතුය, මේ එයද “වරං භික්ඛවෙ තත්තාය අයොසලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය චක්ඛුන්ද්‍රියං සම්පලිමට්ඨං නත්තෙව චක්ඛුවිඤ්ඤෙය්‍යසු රූපෙසු අනුව්‍යඤ්ජනසො නිමිත්තග්ගාහො” යනාදි වූ ආදිත්තපරියායයෙන් දතයුතුය. චක්ඛුන්ද්‍රියසංවර සංවුතො විහරති යන මෙහි චක්ෂුවම ඉන්ද්‍රිය වූයේනුයි චක්ඛුන්ද්‍රිය නමි, සංවරකිරීම් වශයෙන් සංවරයයි, වැසීමෙන් ඇහැරීමෙනැයි කියන ලද්දේ වෙයි, මෙය සිහියට නමෙකි, චක්ෂූර්ඉන්ද්‍රියෙහි සංවරය චක්ඛුන්ද්‍රිය සංවරය නමි, ජවනයෙහි උපදිනු ලබන්නා වූ ද මෙය ඒ දොරටුවෙහි කෙලෙසුන්ගේ ඉපදීම වළහන බැවින් චක්ඛුන්ද්‍රිය සංවරයයි කියනු ලැබේ, සංවුතො යනු සංවරයෙන් යුක්ත වූයේයි, එසේ පාතිමොක්ඛසංවර සංවුතොති ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො”යි කියන ලදි, නැතහොත් සංවරි යනු සංවරවූයේය, වැළකීය, වැසීයයි කියන ලද්දේ වෙයි, චක්ඛුන්ද්‍රියසංවරසංවුතො යනු චක්ඛු ඉන්ද්‍රිය සංවර සංඛ්‍යාත වූ චක්ඛුද්වාරයෙහි සිහිය නමැති කවුළුව ගෙදොර කවුළුව මෙන් සංවර කළේය, වැසීය, වැළකී යයි කියන ලද්දේ වෙයි, මෙහි මේ අර්‍ත්‍ථයම වඩාත් සොඳුරුය, එහෙයින් “චක්ඛුන්ද්‍රිය සංවරං අසංවුතස්ස විහරතො සංවුතස්ස විහරතො” යන මේ පදයන්හි මේ අර්‍ත්‍ථයම දක්නා ලැබේ,
යං හිස්ස යනාදියෙහි යම් චක්ඛුන්ද්‍රිය සංවරයක් වේද එය නොවසනාලද වසා වළක්වා හුන්නා වූ මේ භික්ෂුවගේ යන අර්‍ත්‍ථයයි, “ය” යන්නට මේ “සං” යන ආදේශයයි, යමෙක් මොහුගේ යන අරුත්ය. ආසවා විඝාකපරිළාහා යනු සතර ආශ්‍රවයෝ ද අන්‍යවූ දුක් ඇතිකරවනසුලු ක්ලෙශ පරිළාහයෝ හෝ විපාක පරිළාහයෝ හෝ යනුයි, චක්ඛුද්වාරයෙහි ආපාථයට පැමිණි ඉටු අරමුණ කාමාස්වාද වශයෙන් ආස්වාදය කරන්නාට, සතුටු වන්නාට කාමාසවය උපදියි, මෙබඳු වූවක් වෙනත් සුගති භවයක ද ලබන්නෙමැයි හවය පැතීම සඳහා සතුටු වන්නාට භවාසවය උපදියි. සත්ත්වයායි හෝ සත්ත්වයාගේයි ගන්නාට දිට්ඨාසවය උපදියි, සියල්ල සමඟ හටගත් නොදැනීම අවිජ්ජාසවය යනුවෙන් සිවු ආසවයෝ උපදිත්, ඔවුන් හා සමඟ යෙදුණු අනෙක් ක්ලෙශ සංඛ්‍යාත දුක් උපදවන පරිළාහයෝ හෝ අනාගතයෙහි විපාකයෝ ද යන මේවා ද අසංවරව වෙසෙන්නාට උපදින්නාහුයයි කියනු ලැබෙත්, එවංස තෙ යනු මෙසේ ඔහුට වෙයි. මේ උපායයෙන් නොවෙත්, වෙනත් අයුරකින් නොවෙත් යැයි කියන ලද්දේ වෙයි, පටිසංඛායොනිසො සොතින්ද්‍රියසංවරසංවුතො යනාදියෙහි ද මේ ක්‍රමයමයි, ඉමෙ වුච්චන්ති ආසවා සංවරා පහාතබ්බා යනු මේ දොරටු සයෙහි සතර සතර කොට සූවිසි ආසවයෝ සංවරයෙන් දුරු කළ යුත්තාහුයයි කියත්,
පටිසංඛායොනිසො චීවරං යනාදියෙහි යමක් කිවයුතු ද ඒ සියල්ල විසුද්ධිමග්ගයෙහි සීලකථාවෙහි දී කියන ලද්දේය. යං හිස්ස යනු යම් සිවුරක් පිණ්ඩපාතාදියෙන් අන්‍යතරවූවක් වේද යනුයි, අපටිසෙවතො යනු මෙසේ නුවණින් නොසෙවුනා ලද්දහුටයි, මෙවර නොලද සිවුරු පතන්නහුට හෝ ලද සිවුර ආස්වාදය කරන්නාට කාමාසවයාගේ උපත දතයුතුය, වෙනත් සුගති භවයෙක්හි ද මෙබඳු වූවක් ලබන්නෙමැයි භවය පැතීම ආස්වාද කරන්නාට භවාසවය ද මම ලබමි, නොලබමියි හෝ මෙය මගේ යයි හෝ ආත්මසංඥාව ඉටන්නාට දිට්ඨාසවය ද මේ සියල්ල සමග එකට උපන් අවිජ්ජාසවයදැයි මේ සිවු ආසවයන්ගේ උපත විඝාතපරිළාහයමය (ඒ බව) නව වැදෑරුම් වෙදනාවන්ගේ හටගැනීමෙන් දතයුතුය. ඉමෙ වුච්චන්ති භික්ඛවේ ආසවා පටිසෙවනා පහාතබ්බා යනු එක් එක් ප්‍රත්‍යයෙහි සතර සතර (බැගින්) කොට ඇතිවන මේ සොළොස් ආසවයෝ මේ ඤාණසංවර සංඛ්‍යාත වූ ප්‍රත්‍යවෙක්ෂණය ඇසුරු කිරීමෙන් දුරු කළ යුත්තෝයි කියති.
පටිසංඛායොනිසො ඛමො හොති සීතස්ස යනු උපායෙන් මාර්‍ගයෙන් ප්‍රත්‍යවෙක්ෂා කොට ශීත ඉවසන්නේ වෙයි, ශීත උසුලයි ඉවසයි, වීර්යය ඇති පුරුෂයකු මෙන් සුළුවූ ද ශීතෙන් සැලෙයි කම්පාවෙයි, කමටහන අතහරියි. උෂ්ණාදියෙහිද මේ ක්‍රමයමයි, දුක්ඛානං යනාදියෙහි ඉවසීමට දුෂ්කරය යන අර්‍ත්‍ථයෙන් දුක්ය, ඝන යන අර්‍ත්‍ථයෙන් ලිස්සා (තීව්‍ර) නමි, ඵරුෂාර්ථයෙන් රළු (ඛරා) නමි, තීක්ෂණ යන අර්‍ත්‍ථයෙන් කටුක නමි, ආස්වාදවිරහිත බැවින් අඝාතාමන නමි, නොවැඩීමෙන් අමනාපා නමි, පණ ගැනීමට සමත් බැවින් පාණහරායි දතයුතුය. යං හිස්ස යන සීතාදිය අතුරින් යම්කිසි එක්දෙයකුදු වන්නේයි, අනධිවාසයතො යනු නොඉවසන්නාගේයි, නොඋසුලන්නාගේයි, මෙහි ආසවයන්ගේ උපත මෙසේ දතයුතුයි, සීතලෙන් පැහැසුණු උෂ්ණය පතන තැනැත්තාට කාමාසවය උපදියි, සියලු තැන්හි මෙසේය, සුගති භවයෙහි සීතලක් හෝ ඌෂ්ණයක් නැතැයි භවය පතන්නහුට භවාසවයයි, මගේ ශීතල මගේ උෂ්ණයයි ගැනීම දිට්ඨාසවයයි, සියල්ලෙන්ම යුක්තවූයේ අවිජ්ජාසවයයි. ඉමෙ වුච්චන්ති යනු ශීතාදියෙහි එක එක වශයෙන් සතර සතර බැගින් කොට නොයෙක් ආසවයෝ මේ ක්ෂාන්ති සංවර සංඛ්‍යාත වූ අධිවාසනාවෙන් (ඉවසීමෙන්) දුරුකළ යුත්තේයයි කියනු ලැබෙතියි අර්‍ත්‍ථයි,