12. ධම්මික සූත්‍ර වර්ණනාව
දොළොස්වැන්නෙහි සබ්බසො යනු සියල්ලෙහියි, සත්තසු විහාරෙසු යනු පිරිවෙන් සතෙහියි, පරිභාසති යනු පරිභව කරයි, බිය පහළ කරයි, විහිංසති යනු වෙහෙසයි, චිතුදති යනු විදියි, රොසෙති වාචාය යනු වචනයෙන් ගටයි, පක්කමන්ති යනු දිශාවන්ට යති, න සණ්ඨහන්ති යනු නොපිහිටුවත්, රිඤ්චන්ති යනු ඉවතට දමන, අත්හැර දමත්, පබ්බාජෙය්යාම යනු පිටමං කරන්නෙමුයි, හන්ද යනු නිශ්චයාර්ත්ථයෙහි නිපාතයෙකි, අලං යනු ඔහු පිටමං කරති යන යමක් වේ ද එය සුදුසුයි යනුයි, කින්තෙ ඉමිනා යනු මේ ජාති භූමියෙහි විසීමෙන් ඔබට කවර වැඩක්ද යනුයි, තීරදස්සිං සකුණං යනු දිශා දක්වන කවුඩකුයි, මුඤ්චන්ති යනු දිශා දැක්වීම සඳහා මුදාහරිති, සාමන්තා යනු නුදුරෙහිය, සමන්තා යනු ද පාඨයි, හාත්පසින් යන අරුත්ය, අභිනිවෙසො යනු පැතිරී සිටි අතුවල විසීමයි, මූලසන්තානකානං යනු මුල්වල වාසයයි,
ආළ්හකත්ථාලිකා යනු සහල් ආළ්හකයක බත් පිසින තලියයි, ඛුද්දං මධුං යනු කුඩා (මී) මැස්සන් විසින් කරනලද දඬුවැල්බෑ මීයයි, අනෙලකං යනු නිදොස් වුවයි, න ච සුදං අඤ්ඤමඤ්ඤස්ස ඵලානි හිංසන්ති යනු ඔවුනොවුන්ගේ කොටස්වලට අයත් ගෙඩිවලට හිංසා නොකරත්, තමන්ගේ කොටසෙහි මුල හෝ පොත්ත හෝ කොළ හෝ සිඳින්නෙක් නම් නැත. තම තමන්ගේ අතුවල යටට වැටුණු දේම පරිභොග කරති. අනෙකකුගේ කොටසින් වෙනත් කෙනකුගේ කොටසට පෙරලී ගිය දේ වුව ද අපගේ අත්තේ ගෙඩියක් නොවේයයි දැන නොකති, යාවදත්ථං භක්ඛිත්වා යනු උගුර පමණට කායි, සාඛං භඤ්ජිත්වා යනු ඡත්රයක් පමණ වූ තැනක් සිඳ සෙවනැල්ලක් කොට ගියේය, යත්ර හි නාම යනු යම්කිසිවෙක් නම් යනුයි. පක්කමිස්සති යනු යන්නේයි. නාදාසි යනු දෙවතාවාගේ ආනුභාවයෙන් පල නොගත්තේය, මෙසේ ඕතොමෝ අදිටන් කළාය,
තෙනුපසංකමි යනු දනවු වැසියන් ගොස් මහරජ, ගස පල නොගත්තේය. දෝෂය අපගේ ද නුඹගේ දැයි ඇසූ විට මගේ දොසක් නැත, දනවුවැසියන්ගේ ද නැත. අපගේ විජිතයෙහි අදහමක් නම් නොපවතියි, කවර කරුණකින් ගස පල නොදැරුවේද ශක්‍රයා වෙත එළඹ විමසමැයි සිතා සක්දෙව් රජු යම් තැනකද එතැනට එළඹියේය, පවත්තෙසි යනු පෙරළීය. උම්මුලමකාසි යනු ඉදුරූමුල් ඇත්තක් කළේය, අපි නු ත්වං යනු නුඹගේ නොවේද? අට්ඨිතායෙව යනු පැවැත්මටමය, සච්ඡවිනි යනු සමානසිවි ඇතියි, ප්‍රකෘති ස්ථානයෙන් සිටියාවූයි, න පච්චක්කොසති යනු පෙරළා ආක්‍රොශ නොකරයි, රොසෙන්තං යනු ගටන්නාවූයි, භණ්ඩන්තං යනු පහර දෙන්නාවූයි,
සුනෙත්තො යනු ඇස් නෙත්තායි කියනු ලැබෙයි, ඔවුන්ගේ සොඳුරු බව නිසා සුනෙත්තො නමි, තිත්ථකරො යනු සුගතියට බසින තොටක් කරන්නායි, වීතරාගො යනු යටපත් කිරීම් වශයෙන් පහවූ රාග ඇත්තේයි, පසවති යනු ලබයි. දිට්ඨසම්පන්නං යනු දර්ශනයෙන් යුක්තවූයේයි, සෝවාන් වූවහු යන අරුත්ය, ඛන්තිං යනු තමන්ගේ ගුණ මකාදැමීමයි, යථාමං සබ්රහ්මචාරීසු යනු යම්සේ සබ්‍රහ්මචාරීන් කෙරෙහි ආක්රොශපරිභවයක් වේද මෙබඳුවූ වෙනත් ගුණ මකාදැමීමක් නොකියමියි අරුත්ය, න නො ආම සබ්රහ්මචාරීසු යනු මෙහි ආමජනො නම් ස්වකීය ජනයායි කියනු ලැබේ. එහෙයින් අපගේ ස්වකීය සබ්‍රහ්මචාරින් අතුරෙහි සිත් ප්‍රදූෂ්‍ය නොවෙතැයි යන මෙය මෙහි අරුත්ය,
ජොතිපාලො ච ගොවින්දො යනු නමින් ජොතිපාලයි, තනතුරින් මහා ගොවින්දයි, සත්තපුරොහිතො යනු රේණු ආදී සත් රජුන්ගේ පුරෝහිතයායි, අහිංසෙකෙ අතීතංසෙ යනු මේ ශාස්තෲවරු සදෙන අතීතයෙහි අහිංසකයෝ වූහ. නිරාමගන්ධා යනු ක්රොධනමැති පිළිගඳින් (මස්ගඳින්) මඳ නැත්තෝ වූහ. කරුණෙ විමුත්තා යනු කරුණා ධ්‍යානයෙහි මිදුනාහුය, කරුණාවෙහි ද කරුණා පූර්ව භාගයෙහි ද පිහිටියාහුය, යෙ තෙ යනු මොවුහුයි. මෙයම හෝ පාඨයයි, න සාධුරූපං ආසිදෙති යනු යහපත් බව නොගටන්නේය, දිට්ඨට්ඨානප්පහායිනං යනු දෙසැට මිසදිටු අත්හරින්නාවූයි, සත්තමො යනු රහත් බවෙහි සිට සත්වැන්නායි, අවිතරාගො යනු දුරුනොකළ රාග ඇත්තේයි, මෙයින් අනාගාමීභාවය ප්‍රතික්ෂේප කරයි, පඤ්චින්ද්රියා මුදු යනු මෘදු වූ විදර්ශනා ඉන්ද්රිය පසයි, ඔහුගේ ඒ ඉන්ද්රියයෝ සකෘදාගාමි බව නිසා මෘදු වූවාහු නම් වෙති, විපස්සනා යනු සංස්කාර පරිග්‍රහ ඥානයයි, පුබ්බෙව උපහඤ්ඤති යනු පළමුවම විනාශ කරයි, අක්ඛතො යනු ගුණ මකාදැමීමෙන් මකා නොදැමුයේ නොනැසුවේ වීයි, සෙස්ස සියලුතන්හි පැහැදිලිමය.