7. පඨමසමය සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි මනොභාවනියස්ස යනු මෙහි මනස වඩයි යන්නෙන් මනොභාවනියො නමි, දස්සනාය යනු දැකීම සඳහායි, නිස්සරණං යනු නික්මීමයි, සංසිඳීමයි, ධම්මං දෙසෙති යනු කාමරාගය දුරුකරනු සඳහා අසුභ කර්මස්ථානය කියයි, දෙවෙනි වාරාදියෙහි ද ව්‍යාපාදය දුරුකරනු සඳහා මෛත්‍රී කර්මස්ථානය ද ථිනමිද්ධය දුරු කරනු සඳහා ථිනමිද්ධය දුරුකරන කර්මස්ථානය ද ආලෝක සංඥාව හෝ වීර්යය පටන් ගැනීමේ වස්තු අතුරෙන් යමක් හෝ ද උද්ධච්චකුක්කුච්චය දුරුකරනු සඳහා සමථ කර්මස්ථානය ද විචිකිච්ඡාව දුරුකරනු සඳහා තෙරුවනෙහි ගුණකථාව ද කියන්නේ දම් දෙසයි යි කිවයුතුය, ආගම්ම යනු අරභයායි, මනසිකරොතො යනු අරමුණු වශයෙන් සිතෙහි කරන්නහුගේයි, අන්නතරා ආසවානං ඛයො හොති යනු අතරක් නැතිවම ආශ්‍රව ක්ෂය වෙයි.
8. දුතිය සමය සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි මණ්ඩලමාලෙ යන බොජුන් හලෙහියි, චාරිත්තකිලමථො යනු පිඬු හැසිරීමෙන් උපන් වෙහෙසයි, භත්තකිලමථො යනු බත් මතයයි, විහාරපච්ඡායායං යනු විහාර අන්තයෙහි වූ සෙවනෙහියි, යදෙවස්ස දිවා සමාධිනිමිත්තං මනසිකතං හොති යනු මොහු ඊට කලින් දිනයෙහි යම් සමථ නිමිත්තක් මෙනෙහි කළේද තදෙවස්ස තස්මිං සමයෙ සමුදාචරති යනු එයම එකල දිවා විහරණයෙහි හුන්නාවූ මොහුගේ මනෝද්වාරයෙහි හැසිරෙයි, ඔජට්ඨායි යනු ඔජසෙහි සිටියේ, පිහිටියේයි: ඵාසුස්ස හොති යනු ඔහුට පහසුවක් වෙයි, සම්මුඛො යනු කියන්නාගේ ඉදිරියෙහියි. සුතං යනු කණෙන් අසන ලදි, පටිග්ගහිතං යනු සිතෙන් පිළිගන්නා ලදි.
9. උදායී සූත්‍ර වර්ණනාව
නවවැන්නේ, උදායිං යනු උදායි තෙරුන්ය, සුණාමහං ආවුසො යනු ඇවැත්නි, මම බිහිරෙක් නොවෙමි, භාග්‍යවතුන් වහන්සේගේ වචනය අසමි, ප්‍රශ්නයක් ගැන සිතමි, අධිචිත්තං යනු සමාධි විදර්ශනා සිතයි, ඉදං භන්තෙ අනුස්සතිඨානං යනු මෙය ධ්‍යාන තුන නැමැති අනුස්සති කාරණයයි, දිට්ඨධම්මසුඛ විහාරාය සංවත්තති යනු මේ ආත්මභාවයෙහිම සැප විහරණය සඳහා පවතියි, ආලොකසඤ්ඤං යනු ආලොක නිමිත්තෙහි උපන් සංඥාවයි, දිවා සඤ්ඤං අධිට්ඨාති යනු දහවලැයි හැඟීමක් තබයි, යථා දිවා තථා රත්තිං යනු යම්සේ ඔහු විසින් දහවල ආලෝක සංඥාව මෙනෙහි කරන ලද්දේ ද රැයෙහි ද එසේම මෙනෙහි කරයි, යථා රත්තිං තථා දිවා යනු යම්සේ ඔහු විසින් රාත්‍රියෙහි ආලෝක සංඥාව මෙනෙහි කරන ලද්දේ ද දහවල්හි ද එය එසේම කරයි, විවටෙන යනු ප්‍රකට වූ දෙයිනි, අපරියොනද්ධෙන යනු නීවරණයන්ගෙන් නොවැසුනෙනි, සප්පභාසං චිත්තං භාවෙති යනු දිවැස් නැණ සඳහා බැබලීම් සහිත සිත වඩයි, දියුණු කරයි යි කියන ලදි. එය ථිනමිද්ධය දුරුකරන ආලෝක සංඥාව සඳහා කියන ලදි, දිබ්බචක්ඛුඤාණාලෝකය නොවේයයි දතයුතුය, ඤාණදස්සනපටිලාභාය යනු දිවස් නැණ නමැති ඥානදර්ශනය ලැබීම සඳහාය,
ඉමමෙවකායං යනාදියෙහි යමක් කිවයුතු වේද ඒ සියල්ල සර්වප්‍රකාරයෙන්ම විස්තර වශයෙන් විසුද්ධිමග්ගයෙහි කායගතාසති කමටහනෙහි දී කියන ලදි. කාමරාගපහානාය යනු පඤ්චකාමගුණික වූ රාගය දුරුකිරීම සඳහායි, සෙය්යථාපි පස්සෙය්ය යනු යම්සේ දක්නේද යනුයි, සරීරං යනු මළසිරුරුයි, සීවථිකාය ඡඩ්ඪිතං යනු සොහොනෙහි අත්හළයි, මැරුණු මොහුට එක්දිනයක්නුයි එකාහමතං නමි, මළ මොහුට දින දෙකකැයි ද්වීහමතං නමි, මළ මොහුට දින තුනකැයි තීහමතං නමි. පසුම්බියක් මෙන් වායුවෙන් පිම්ඹුණු, ජීවිතාවසානයෙහි සිට පිළිවෙලින් මතුවුණු ඉදිමුණු බවින් පිළිබුණු බැවින් පිම්ඹුණු දෙයම උද්ධුමාතක නමි, පිළිකුල් බැවින් අප්‍රිය වූ ඉදිමීම ඇත්තේනුයි හෝ උද්ධුමාතක නමි, සිඳී බිඳීගිය පැහැය විනීලක යයි කියනු ලැබේ. ඒ විනීලයම විනීලක නමි, පිළිකුල් බැවින් අප්‍රිය වූ විනීලයක් ඇත්තේනුයි හෝ විනීලකං නමි, මස් වැඩි තන්හි රත්පැහැය ඇති පෙර රැස්ව තිබු තැන්හි සුදු පැහැය ඇති නිල් පැහැය ඇති තැන්හි බෙහෙවින් නිල් පැහැය ඇති නිල් සළුවක් පොරවන ලද්දක් වැනි වූ මළමිනියට මෙය පර්‍ය්‍යාය නාමයකි, නවවිධවූ බිඳුණු තැන්වලින් හෝ වණමුඛයන්ගෙන් වැගිරෙන සුළුවූ සැරව ඇත්තේනුයි විපුබ්බක නමි, පිළිකුල් බැවින් අප්‍රිය වූ සැරව ඇත්තේනුයි හෝ විපුබ්බක නමි, සැරව බවට ගියේනුයි විපුබ්බකජාතං නමි,