4. හිමවන්ත සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි පදාලෙය්ය යනු බිඳින්නේය, ඡවාය යනු ලාමකවූයි. සමාධිස්ස සමාපත්තිකුසලො හොති යනු ගැලපෙන ආහාර, ගැලපෙන ඍතුන් විමසා සමාධියට සමවදින්නට ද වූයේ වෙයි, දක්ෂ වූයේ සමත්වූයේ ප්රතිබල වූයේයි, සමාධිස්ස ඨිතිකුසලො යනු සමාධිය පවත්වා ගැනීමෙහි දක්ෂවූයේයි, සමාධිය තබා ගැනීමට හැක්කේයයි අරුත්ය, සමාධිස්ස වුට්ඨානකුසලො යනු සමාධියෙන් නැගිටීමෙහි දක්ෂවූයේයි, පිරිසිඳීමට අනුව නැඟිටීමට හැක්කේයි අරුත්ය, සමාධිස්ස කල්ලිතකුසලො යනු සමාධියේ මනෝඥබවෙහි දක්ෂ වූයේයි, සමාධි සිත බබළවන්නට මනහර කරන්නට හැක්කේයි අරුත්ය, සමාධිස්ස ගොචරකුසලො යනු සමාධියට නොගැලපෙන උපකාර නොවන ධර්මයන් හැර ගැලපෙන උපකාරක ධර්මයන් ඇසුරු කරන්නා ද මේ සමාධි නිමිත්තාරම්මණය, මේ ලක්ෂණාරම්මණයයි දන්නා ද සමාධිස්ස ගොචරකුසලො නම් වෙයි, සමාධිස්ස අභිනීහාරකුසලො යනු මතුමත්තෙහි සමවත්වලට සමවැදීම සඳහා ප්රථම ධ්යනාදී සමාධිය යොමුකිරීමට හැකිවන්නා සමාධිස්ස අභිනීහාරකුසලො නමි, හෙතෙම ප්රථම ධ්යනයෙන් නැඟිට ද්විතීය ධ්යානයට සමවදියි, ද්විතීය ධ්යානයෙන් - පෙ- තෘතීය ධ්යානයෙන් නැඟිට චතුර්ථ ධ්යනයට සමවදියි.
5. අනුස්සතිට්ඨාන සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි අනුස්සතිට්ඨානාති යනු අනුස්සතිකාරණයෝයි, “ඉතිපි සො භගවා” යනාදිය විසුද්ධිමග්ගයෙහි විස්තර කරන ලද්දාහුය. ඉදම්පි ඛො භික්ඛවේ ආරම්මණං කරිත්වා යන මෙය බුද්ධානුස්සති කමටහන අරමුණු කොටයි, විසුජ්ඣන්ති යනු පරම විසුද්ධිය වූ නිවනට පමුණුවත්, සෙස්ස හැම තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය. මේ සූත්රයෙහි අනුස්සති කාරණයෝ මිශ්රකව කියන ලද්දාහුයි දතයුතුය.
6. මහා කච්චාන සූත්ර වර්ණනාව
සවැන්නෙහි සම්බාධෙ යනු පස්කම් ගුණ නැමති බාධාවෙහියි, ඔකාසාධිගමො යනු මෙහි අනුස්සති කරුණු සය ඔකාසයයි කියනු ලැබේ, ඔවුන් අවබෝධ කිරීමයි, විසුද්ධියා යනු පිරිසුදු වීම සඳහායි, සොකපරිද්දවානං සමතික්කමාය යනු ශෝකයන්ගේත් වැලපීම්වලත් ඉක්මවීම සඳහායි, අත්ථගමාය යනු අස්තයට යාම සඳහායි, ඤායස්ස අධිගමාය යනු විදර්ශනාව සහිත මාර්ගය අවබෝධ කිරීම සඳහායි, නිබ්බානස්ස සච්ඡිකිරියාය යනු ප්රත්යය රහිත නිර්වාණය පසක් කරනු සඳහායි,
සබ්බසො යනු සර්වප්රකාරයෙනි, ආකාස්සමෙන යනු නොලැගීම් අරුතින් මෙන්ම බාධාරහිත යන අරුතින් ද අහස සමාන වූයෙනි, විපුලෙන යනු අල්ප නොවුවෙනි, මහග්ගතෙන යනු මහත්බවට ගිය දෙයිනි හෝ මහත් වූ ආර්ය ශ්රාවකයන් විසින් ගිය, අවබෝධ කළ දෙයිනි යන අරුත්ය, අප්පමාණෙන යනු පැතිරීම අපමණ බැවින් අප්රමාණ වූ දෙයිනි, අවෙරෙන යනු අකුශල වෛර පුද්ගල වෛර රහිත දෙයිනි, අව්යාපජ්ඣෙන යනු ක්රෝධ දුක අත්හළ දෙයිනි, මේ සියල්ලම බුද්ධානුස්සති සිත සඳහාම කියන ලදි, අන්තැන්හි ද මේ ක්රමයමයි. විසුද්ධිධම්මා යනු පිරිසුදු වීම් ස්වභාවයෝයි, මේ සූත්රයෙහි ද අනුස්සති කරුණු සය මිශ්රකවම කියන ලදි.
7. පඨමසමය සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි මනොභාවනියස්ස යනු මෙහි මනස වඩයි යන්නෙන් මනොභාවනියො නමි, දස්සනාය යනු දැකීම සඳහායි, නිස්සරණං යනු නික්මීමයි, සංසිඳීමයි, ධම්මං දෙසෙති යනු කාමරාගය දුරුකරනු සඳහා අසුභ කර්මස්ථානය කියයි, දෙවෙනි වාරාදියෙහි ද ව්යාපාදය දුරුකරනු සඳහා මෛත්රී කර්මස්ථානය ද ථිනමිද්ධය දුරු කරනු සඳහා ථිනමිද්ධය දුරුකරන කර්මස්ථානය ද ආලෝක සංඥාව හෝ වීර්යය පටන් ගැනීමේ වස්තු අතුරෙන් යමක් හෝ ද උද්ධච්චකුක්කුච්චය දුරුකරනු සඳහා සමථ කර්මස්ථානය ද විචිකිච්ඡාව දුරුකරනු සඳහා තෙරුවනෙහි ගුණකථාව ද කියන්නේ දම් දෙසයි යි කිවයුතුය, ආගම්ම යනු අරභයායි, මනසිකරොතො යනු අරමුණු වශයෙන් සිතෙහි කරන්නහුගේයි, අන්නතරා ආසවානං ඛයො හොති යනු අතරක් නැතිවම ආශ්රව ක්ෂය වෙයි.