1-3. උපසම්පාදෙතබ්බ ආදි සූත්ර වර්ණනා
සවැනි පණ්ණාසකයේ පළමු සූත්රයෙහි උපසම්පාදෙතබ්බං යනු උපාධ්යායවරයකු වී උපසම්පදා කළයුතුය, දෙවැන්නෙහි නිස්සයො දාතබ්බො යනු ආචාර්ය්යවරයකු වී නිස දියයුතුය, තෙවැන්නෙහි සාමණෙරො උපට්ඨාපෙතබ්බො යනු උපාධ්යායයකු වී හෙරණෙක් ගතයුතුය, මේ සූත්ර තුනම ප්රථම බෝධියෙහි ක්ෂීණාශ්රව වශයෙන් කියන ලදි.
4. මච්ඡරිය සූත්ර වර්ණනාව
සිවුවැන්න ආදිය පදයෙන් පදය වර්ණනා කිරීම් වශයෙන් පැහැදිලි අරුත් ඇත්තේමය,
වර්ගාතිරෙක සූත්ර
භත්තුද්දෙසකාදීන්ගේ විනිශ්චය කථාව සමන්තපාසාදිකා විනයට්ඨකථාවෙහි කියනලද ක්රමයෙන්ම දතයුතුය. සම්මතො න පෙසෙතබ්බො යනු ප්රකෘතියෙන් සම්මත වූයේ යව, බත් උදෙසවයි නොයැවිය යුතුය,
සාටියගාහාපකො යනු වැසිසළුව ගන්වන්නායි, පත්තගාහාපකො යනු “යො ච තස්සා භික්ඛුපරිසාය පත්තපරියන්තො සො තස්ස භික්ඛුනො පදාතබ්බො”යි මෙහි කියන ලද පාත්රය ගන්වන්නායි,
ආජීවකො යනු නග්න පිරිවැජියායි, නිගණ්ඨො යනු මුල් කොටස වසන ලද්දේයි, බුඩ්ඪසාවකො යනු නිගණ්ඨ ශ්රාවකයායි, ජටිලකො යනු තවුසායි, පරිබ්බාජකො යනු වැසුණු පිරිවැජියායි, මාගන්දිකා යනාදීහු ද තීර්ථකයෝමයි, මොවුන්ගේ ශීලයන් සම්පුර්ණ කිරීමේ අභාවයෙන් යහපත් අංශය නොගන්නා ලදි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
මනොරථපූරණී නම්වූ අංගුත්තරනිකායට්ඨ කථාවෙහි
පඤ්චක නිපාත වර්ණනාව නිමියේයි.
පඤ්චක නිපාත වර්ණනාව නිමියේයි.