7. ප්‍රථම අපාසාදික සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි අපාසාදිකෙ යනු නොපහදවන සුල කායකර්‍මාදියෙන් යුක්ත වූයේයි, පාසාදිකෙ යනු පැහැදීම ඇති කරවන පිරිසුදු යහපත් හැසිරීමෙහියි, අටවැනි නවවැනි සූත්‍රයෝ පැහැදිලි අරුත් ඇත්තේමය.
10. මධුරා සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා මධුරායං යනු එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙන සේක් මධුරා නුවරට සැපැමිණ ඇතුළු නුවරට පිවිසීමට පටන්ගත් සේක. ඉක්බිති එක් මිථ්‍යාදෘෂ්ටික යක්ෂණියක් නිරුවත් වී දෙඅත් විසුරුවා දිව සොලවා දශබලයන් වහන්සේගේ ඉදිරියෙහි සිටියාය, ශාස්තෲන් වහන්සේ ඇතුළු නුවරට නොපිවිස එයින් නික්ම විහාරයට වැඩිසේක. මහජනයා කෑ යුතු බිඳියයුතු දෑද සත්කාර සම්මාන ද රැගෙන විහාරයට ගොස් බුද්ධ ප්රමුඛ සංඝයාට දානයක් දුන්නේය, ශාස්තෲන් වහන්සේ ඒ නුවරට නිග්‍රහ කරනු සඳහා මේ සූත්‍රය ඇරඹූ සේක. එහි විසමා යනු සමතලා නොවූයේයි, බහුරජා යනු සුළඟ හමන කල්හි උඩට නැගුණු දූවිලි සමූහයෙන් වැසුනාක් මෙන් වෙයි, සෙස්ස සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේමය.
දෙවැනි වර්ගයයි
3. දීඝචාරික වර්ගය
1. ප්‍රථම දීඝචාරික සූත්‍ර වර්ණනාව
තෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අනවත්ථචාරිකං යනු අරුත් සහිත චාරිකාවයි. සුතං න පරියොදපෙති යනු යමක් ඔහුට ඇසුනේ වේද එය පිරිසුදු කිරීමට නොහැකි වෙයි. සුතෙනෙකච්චෙන අවිසාරදො හොති යනු ටිකෙන් ටික ඇසීම ඇතිවිට ද නුවණින් සොම්නසට පැමිණියෙක් නොවෙයි, සමවත්ථචාරෙ යන චාරිකාවෙහියි, දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
3. ප්‍රථම අතිනිවාස සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි බහුභණ්ඩො යනු බොහෝ පිරිකර ඇත්තේයි, බහුභෙසජ්ජො යනු ගිතෙල් වෙඬරු ආදිය අධිකවීමෙන් බොහෝ බෙහෙත් ඇත්තේයි, ව්යත්තො යනු ඇළුණු තැනැත්තේයි, සංඝට්ඨො යනු පස් ආකාර සසර්ගයෙන් ඇළුණේ වීයි, අනනුලොමිකෙන යනු සසුනට නොසුදුසු දෙයිනි,
4. ද්විතීය අතිනිවාස සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි වණ්ණමච්ඡරි යන ගුණවැණුමට මසුරායි, ධම්මමච්ඡරි යනු පර්‍ය්‍යාප්ති ධර්මයෙහි මසුරායි,
5. ප්‍රථම කුලූපග සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි අනාමන්තචාරෙ යනු වළඳන ලද බත් ඇත්තේම ඇරයුම් ලද්දේ සිටින භික්ෂුව නොවිමසා පෙරබතෙහි හෝ පසුබතෙහි කුලයන්හි සැරිසැරීමට පැමිණෙන්නේයි, ශික්‍ෂාපදයෙහි කියන ලද ඇවතට පැමිණෙන්නේය, රහො නිසජ්ජාය යනාදිය ද ඒ ඒ ශික්ෂා පදයන්ගේ වශයෙන් දතයුතුය.
6. ද්විතිය කුලූපග සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි අතිවෙලං යනු ඉක්මුණු නියමිත කාලයයි, සත්වැන්න පැහැදිලිමය,
8. උස්සූරභත්ත සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි උස්සුරභත්තෙ යනු ඉතා දහවලෙහි පිසින බතෙහිය, න කාලෙන පටිපූජෙන්ති යනු කැඳ කාලයෙහි කැඳ ද කැවිලි කාලයෙහි කැවිලි ද භොජන කාලයෙහි බොජුන් ද නොපිසන්නාහු සුදුසුකාලය ඉක්මවීමෙන් සුදුසු කල්හි නොපුදත්, තමන්ගේ සිතෙන්ම දෙති නම් වෙත්. ඉක්බිති ඔවුන් තමන්ගේ නිවසට ආවිට එසේම කරත්. කුල ප්‍රවේණියෙන් පැමිණි බිලි පිළිගන්නා දෙවියෝ ද සුදුසු කාලයෙහි ලාභ ලබමින් ම රකිති ආරක්ෂා කරති, පීඩාවට පත්ව නොකල්හි ලබන්නාහු මොවුහු අප කෙරෙහි ආදර නැත්තෝය ආරක්ෂාව නොකරති,
මහණ බමුණෝ ද මොවුන්ගේ ගෙහි හොජන කාලයෙහි බොජුන් නැත. සිටි මද්දහනෙහි දෙතියි මඟුල් අවමඟුල්වල දී කළයුතු දේ නොකරත්. විමුඛා කම්මං කරොන්ති යනු උදයෙහි කිසිවක් නොලබමු සයින් පෙළුනාහු කටයුතු කිරීමට නොහැක්කෝ වෙමුයි කටයුතු අතැර හිඳිත්. අනොජවන්තං හොති යනු නොකල්හි කෑ දෙය ඔජස් ඇතිකිරීමට නොහැකිවෙයි. යහපත් පැත්ත කියන ලද්දට විරුද්ධ ලෙසින් දතයුතුය.
9. ප්‍රථම කණ්හසප්ප සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි සභීරූ යනු නිදි සහිතවූයේ මහත් නින්දක් නිදයි, සප්පටිභයො යනු එය නිසා බියක් උපදියි, එහෙයින් බියසහිත වූයේයි, මිත්තදූහි යනු කෑම්බීම් දෙන මිත්‍රයාට වුවද ද්වෙශ කරයි, හිංසා කරයි: මාතුගාමෙ යන්නෙහි ද මේ ක්‍රමයමයි.
10. ද්විතීය කණ්හසප්ප සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි ඝොරවිසො යනු දරුණු විසයි, දුජිව්හො යනු දෙකට බිඳුණු දිව ඇත්තේයි. ඝොරවිසතා යනු දරුණු විස ඇති බැවිනි, සෙසු දෙකෙහි එම ක්‍රමයමැයි.
තෙවැනි වර්ගයයි.
4. ආවාසික වර්ගය
1. අභාවනීය සූත්‍ර වර්ණනාව
සිවුවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි න ආකප්පසම්පන්නො යනු ශ්‍රමණ ආකල්පයෙන් යුක්ත නොවූයේයි, අභාවනීයො හොති යනු වර්ධනීය වූයේ වෙයි, දෙවැන්න පැහැදිලිමය.
3. සොභන සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි පටිබලො යනු කායබලයෙන් ද ඥානබලයෙන් ද යුක්තවූ බැවින් ප්‍රතිබල වූයේයි.
4. බහූපකාර සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි ඛණ්ඩඵුල්ලං වැටුණු තැන්ද බිඳුණු තැන් ද යනුයි, සංඛරොති යනු ප්‍රකෘතිමත් කරයි: ආරොචෙති යන මෙය පැවරූ කුලයන්ගේ වශයෙන් කියන ලදි.
5. අනුකම්පක සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි අධිසීලෙසු යනු පන්සිල්හියි, ධම්මදස්සනෙ නිවෙසෙති යනු සිවුසස් දහම් දැක්මෙහි පිහිටුවයි, අරහග්ගතං යනු සියලු සත්කාරයන්ට සුදුසු වූ තෙරුවනෙහිම ගියාවූ, තුන්වස්තුන්හි ගරුබුහුමන උපදවායි අරුත්ය. සයවැන්න පැහැදිලිමය.