7. වස්සනතරාය සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි නෙමිත්තා යනු නිමිති කියන්නෝයි, තෙජොධාතු පකුප්පති යනු මහ ගිනි ගොඩක් උපදියි, පාණිනා උදකං පටිච්ඡිත්වා යනු උපන්, සෘතුවෙන් හටගත් ජලය යොදුනක් පමණ වු අතින් පිළිගෙනයි, පමත්තා හොන්ති යනු තමන්ගේ ක්‍රීඩාවට පමාවෙති. පහවූ සිහිය ඇත්තෝ වෙත්, ඔවුන්ගේ සත්කාය කාමයෙන් සතුටු වෙමුයි සිත උපන් කල්හි නොකල්හි ද වැස්ස වසියි, එය නැති කල්හි නොවසියි, එය සඳහා මෙය කියන ලදි, නොකල් වැස්සයි, අටවැනි නවවැනි සූත්‍රයේ පැහැදිලි අරුත් ඇත්තෝය.
10. නිස්සාරණීය සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි නිස්සාරණීයා යනු ඉවත්වූයි, වෙන්වූයි, ධාතුයො යනු ආත්මශුන්ය ස්වභාවයයි, කාමං මනසිකරොතො යනු කාමය මෙනෙහි කරන්නාගේයි, අසුභ ධ්‍යානයෙන් නැගිට බෙහෙතක් ගෙන විෂ විමසන්නෙකු මෙන් විමසීම සඳහා සාමය පෙරටු කොට ඇති සිත යවන්නාගේය යන අරුත්ය, න පක්ඛන්දති යනු නොපිවිසෙයි, න සන්තිට්ඨති යනු නොපිහිටයි, න විමුච්චති යනු නොමිදෙයි, යම්සේ ගින්නෙහි බහාලූ කුකුල් පිහාටුවක් හෝ නහර වැදැල්ලක් හෝ හැකිලෙයි ද පෙරලී සිටියිද දිග නොහැරෙයි ද එසේ හැකිලෙයි දිග නොහැරෙයි, නෙක්ඛම්මං ඛො පන යනු මෙහි නෙක්ඛම්මය යනු අසුභයන්හි ප්‍රථම ධ්‍යානයයි, එය මෙනෙහි කරන ඔහුගේ සිත පැකිල්ලෙයි, තස්ස තං චිත්තං යනු ඔහුගේ ඒ අසුභධ්යාන සිතයි, සුගතං යනු ගොදුරෙහි ගිය බැවින් මනාව යන ලද්දේයි, සුභාවිතං යනු පිරිහීම් පැත්තෙහි නොවන බැවින් මනාව වඩනා ලද්දේයි, සුවුට්ඨිතං යනු කාමයෙන් නැගී සිටියේයි, සුචිමුත්තං යනු කාමයන්ගෙන් මනාව මිදුනේයි, කාමපච්චයා ආසවා නම් කාමය හේතුකොට ඇති සතර ආශ්‍රවයෝයි, විඝාතා යනු දුක්ඛයෝයි, පරිළාහා යනු කාමරාග දැවීම්ය, න සො තං වෙදනං වෙදියති යනු හෙතෙම ඒ කාම වේදනාව ද දුක් තැවීම් වේදනා ද නොවිඳියි, ඉදමක්ඛාතං කාමානං නිස්සරණං යනු මේ අසුභධ්යානය කාමයන්ගෙන් වියුක්ත වූ බැවින් කාමයන්ගේ නිශ්ශරණය (වෙන්වීම) යයි කියන ලදි, යමෙක් එම ධ්‍යානය පාදක කොට සංස්කරණයන් ගැන මනාව දනිමින් තෙවැනි මගට පැමිණ අනාගාමි ඵලයෙන් නිවන දැක නැවත කාමයෝ නම් නැතැයි දනියි, ඔහුගේ සිත අත්‍යන්තයෙන්ම මිදුනේමය. සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි,
මේ වනාහි විශේෂයයි, දෙවැනි වරෙහි මෛත්‍රී ධ්‍යානයෝ ව්‍යාපාදයාගේ නිශ්ශරණයයි, තෙවැනි වරෙහි, සිවුවැනි වරෙහි අරූපධ්යානයෝ රූපයන්ගේ නිශ්ශරණයයි, අත්‍යන්ත නිශ්ශරණයෙහි මෙහි අරහත්ඵලය යෙදිය යුතු ය. පස්වැනි වරෙහි සක්කායං මනසිකරොතො යනු සුද්ධ සංස්කාරයන් විමසා රහත්බවට පැමිණි ශුෂ්ක විදර්ශකයාගේයි, පලසමවතින් නැගිට විමසීම සඳහා පඤ්ච උපාදාන ස්කන්ධයන් පෙරටුකොට මෙහෙයවන්නාගේයි, ඉදමක්ඛාතං සක්කායස්ස නිස්සරණං යනු මෙය අරහත් මගින් ද ඵලයෙන් ද නිවන දැක සිටි භික්ෂුවට යළි සත්කායය නැතැයි උපන්නා වූ අරහත්තඵල සමාපත්ති සිත සත්කායයාගේ නිශ්ශරණයයි කියන ලදි, දැන් මෙසේ සත්කාය නිශ්ශරණය වූ නිරෝධයට පැමිණ සිටි ක්ෂීණාශ්රවයාගේ ගුණ කියමින් තස්ස කාමනන්දිපි නානුසෙති යනාදිය කීවේය. එහි නානුසෙති යනු නොඉපදෙයි, අනනුසයා යනු නොඉපදීමෙනි, මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.
පස්වැනි බ්‍රාහ්මණ වර්ගයයි
සිවුවැනි පණ්ණාසකයයි.
5. පස්වන පණ්ණාසකය
1. කිම්බිල වර්ගය
1. කිම්බිල සූත්‍ර වර්ණනාව
පස්වැනි පණ්ණාසකයේ පළමු සූත්‍රයෙහි කිම්බිලායං යනු එබඳු නම් ඇති නුවරෙහිය, නිවෙලුවනෙ යනු මුචලින්ද වනයෙහියි, එතදවොච යනු මේ තෙරුන් වහන්සේ එනුවරෙහිම සිටු පුතෙකි, ශාස්තෲන් සමීපයෙහි පැවිදිව පෙර විසූ කඳපිළිවෙල පිළිබඳ නුවණ ලැබීය, හෙතෙම තමා විසූ ස්කන්ධ පරම්පරාව සිහි කරන්නේ කාශ්‍යප දශබලයන් වහන්සේගේ සසුන පිරිහෙමින් තිබූ කාලයෙහි පැවිදිව සිවු පිරිස සසුනෙහි නිගරු කරන කාලයෙහි හිණක් බැද පව්වකට නැග එහි මහණදම් කොට තමා විසු බව දුටුවේය, හෙතෙම ශාස්තෲන් වහන්සේ වෙත එළඹ එකරුණ විමසමැයි මේ “කො නු ඛො භන්තෙ” යන වචනය කීවේය.
සත්ථරි අගාරවා විහරන්ති අප්පතිස්ස යනු ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවය ජ්යෙෂ්ඨභාවය ද නොඑළවා වාසය කරත්, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි. එහි සෑමිදුල් ආදියෙහි සත් දරා පාවහන් පැළඳ හැසිරෙන්නේ නොයෙක් ආකාර ඇති නිරර්ථක කථා කියන්නේ ශාස්තෲන් කෙරෙහි අගෞරවයෙන් වසයි නමි, දහම් අසන හලෙහි හිඳගෙන නිදියන්නේ ද නොයෙක් ආකාර නිරර්ථක කථා කියන්නේ ද ධර්මය කෙරෙහි අගෞරවයෙන් වසයි නමි, සඟ මැඳ දෙඅත් විසුරුවන නොයෙක් කථා කියන්නේ ස්ථවිර නවක මධ්‍යම භික්ෂූන් කෙරෙහි ගෞරව නොකරන්නේ සඞ්ඝයා කෙරෙහි අගෞරවයෙන් වසයි නමි, ශික්ෂාව නොපුරන්නේ ශික්ෂාවට අගෞරවයෙන් වසන්නේ නමි, ඔවුනොවුන් කලහ ආරවුල් ආදිය කරන්නේ ඔවුනොවුනට අගෞරවයෙන් වසයි නමි,
දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය