1. සොණ සූත්ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි බ්රාහ්මණ ධම්මා යනු බ්රාහ්මණ ස්වභාවයෝයි, සුනඛෙසු යන බල්ලන් කෙරෙහිය, නෙච කිණන්ති න වික්කිණන්ති නොගන්නෝ මිළදී නොගනිත්, නොදෙන්නෝ නොවිකුණත්, සම්පියෙනෙව සංවාසං සංසග්ගත්ථාය සමපවත්තෙන්ති යනු ප්රිය වූ ප්රිය තැනැත්තකු වෙත එළඹ ප්රවේණියට ඇදීම සඳහා එක්ව විසීම පවත්වත්, උදරාවදෙහකං යනු උදරය ඉඩ නොතබා රැස්කොට පුරවායි, අවස්සෙං ආදාය පක්කමන්ති යනු යමක් කෑමට නොහැකි වෙත්ද එය පොට්ටනියක් කොට ගෙනයති, මේ සූත්රයෙහි සසරම කියන ලදි.
2. දොණ සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි ත්වම්පි නො යනු නුඹත් නොවෙහිද? පවත්තාරො යනු පවත්වන්නෝයි, යෙසං යනු යමෙකුන්ට අයත් දෙයයි, මන්තපදං යනු වෙදසංඛ්යාත මන්ත්රයමයි, ගීතං යනු අට්ටකාදී වූ පෞරාණික බ්රාහ්මණයන් දසදෙනා විසින් ස්වර සම්පත්ති වශයෙන් සජ්ඣායනය කරනලද දෙයයි, පවුත්තං යනු අනුනට කියන ලද්ද කියන ලදියි අරුත්ය, සමීහිතං යනු එක් කරන ලද රැස්කරන ලද දෙය පිඬු කොට තබන ලදැයි අරුත්ය, තදනුගායන්ති යනු දැන් (වෙසෙන) බමුණෝ ඒ පෙර (විසූ) බමුණන් විසින් ගයන ලද එය අනුගායනය කරති. අනුසජ්ඣායනය කරති, තදනුභාසන්ති යනු එය අනුව කියති, මෙය මුල්පදයටම පර්ය්යාය වචනයකි. භාසිතමනුභාසන්ති යනු ඔවුන් කියන ලද දෙය අනුව කියති, සජ්ඣායිතමනුසජ්ඣායන්ති යනු ඔවුන් විසින් සජ්ඣායනය කරන ලද දෙය අනුසජ්ඣායනය කරති, වාචිතමනුවාචෙන්ති යනු ඔවුන් විසින් අනුනට කියන ලද දෙය අනුව කියති, සෙය්යථිදං යනු ඔවුහු කවරහුදැයි අරුත්ය, අට්ටකො යනාදි ඔවුන්ගේ නම්ය, ඔවුහු වනාහි දිවැසින් බලා අනුන් නොපෙළා කාශ්යප සම්මා සම්බුදුන්ගේ පාවචනය සමග සසඳා මන්ත්රයන් රචනා කළහ, පසුව පසුව වූ බමුණෝ සත්ත්වඝාතනාදිය බහා ත්රිවිධවේදයන් වනසා බුදුවදන් සමග ප්රතිපක්ෂ වූවන් කළාහුය. ත්යාස්සු මෙ යනු මෙහි අස්සු යනු නිපාත මාත්රයකි, බමුණා මේ පඤ්ඤ බ්රාහ්මණයන් පනවතැයි අරුත්ය.
මන්තෙ අධීයමානො යනු වේදයන් සජ්ඣායනය කරමින් ගන්නේයි, ආචරියධනං යනු ආචාර්ය්ය දක්ෂිණාවයි, ආචාර්ය භාගයයි, න ඉස්සත්ථෙන යනු රාජ උපස්ථායකභාවයෙන් නොවේ, කෙවලං භික්ඛාචරියාය යනු හුදු පිඬුසිඟා හැසිරීම සඳහාමය, කපාලං අනතිමඤ්ඤමානො යනු ඒ භික්ෂා භාජනය පහත් කොට නොසලකන්නේයි, හෙතෙම වනාහි පිරුණු පාත්රය ගෙන හිස සිට නහා කුල ගෙවල සිටම අටසාළිස් වසක් කුමර බඹසරෙහි හැසුරුණෙමි, මවිසින් මන්ත්රයෝ ද උගන්නා ලදහ. ආචාර්ය්යවරයාට ද ආචාර්ය්ය ධනය දෙන්නෙමි, මට ධනය දෙවු යයි යදියි, එය අසා මිනිස්සු හැකි පරිද්දෙන් බලය පරිද්දෙන් අටක් ද සොළසක් ද සියයක් ද දහසක්දැයි දෙති. මෙසේ සියලු ගමෙහි හැසිර ලද ධනය ආචාර්ය්යවරයාට පවරා දෙයි. එය සඳහා මෙය කියන ලදි. එවං ඛො දොණබ්රාහ්මණො බ්රහ්මසමො හොති යනු මෙසේ බ්රහ්ම විහාරයන්ගෙන් සමන්විත බැවින් බමුණා බ්රහ්ම සමවූයේ නමි වෙයි,
නෙව කයෙන න වික්කයෙන යනු තමා විසින් මිළදී ගැන්මක් කොට නොගනියි, අනුන් විසින් විකුණන දෙයක් කොට ද නොගනියි, උදකූපස්සට්ඨං යනු දියෙන් (වත්කොට) දෙන ලද පරිත්යාග කරන ලදයි, හෙතෙම වනාහි යම් කුලයක වියපත් දැරියක් ඇත්ද, ගොස් ඒ ගෙදොරෙහි සිටියි, කුමක් නිසා සිටියෙහිදැයි ඇසූ කල මම අටසාළිස් වසක් කුමර බඹසර හැසිරීමි, ඒ සියල්ල නුඹලාට දෙමි, නුඹලා මට දැරිය දෙවුයි කියයි, ඔවුහු දැරිය ගෙනවුත් ඔහුගේ අතෙහි දිය හෙළා දෙති. හෙතෙම ඒ දියෙන් හෙළා දෙන ලද බිරිඳගෙන යයි, අතිමීළ්හජො යනු මහා අසුචි ගොඩක උපන්නේයි, තස්ස සා යනු ඔහුට මෝ තොමෝයි, න දවත්ථා යන කෙළිසෙල්ලම සඳහා නොවේ, න රතත්ථා යනු කාමයෙහි ඇලීම සඳහා නොවේ, මිථුනං උප්පාදෙත්වා යනු දුවක හෝ පුතකු උපදවා දැන පරපුර සම්බන්ධ වන්නේයයි (ගෙයින්) නික්ම පැවිදිවෙයි, සුගතිං සග්ගං ලොකං යනු බඹලොව සඳහාම මෙය කියන ලදි: දෙවසමො හොති යනු දිව්ය විහරණයෙන් යුක්ත බැවින් දෙවියන්ට සමවූයේ නම් වෙයි,
තමෙව පුත්තස්සාදං නිකායමානො යනු මොහුට දුවක හෝ පුතකු උපදිනු දැක යම් පුත්ර ප්රේමයක් පුත්රවාදයක් උපදියි ද එය කැමතිවනු ලබන්නේ පතනු ලබන්නේයි, කුටුම්බං අජ්ඣාවසති යනු කුටුම්බය (පවුල) පිහිටුවා කුටුම්බය මැද වෙසෙයි, මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.
3. සඞ්ගාරව සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි පගෙව යනු පළමුවමයි, කාමරාගපරියුට්ඨිතෙන යනු කාමරාගයෙන් ගන්නා ලද්දහු විසිනි, කාමරාගපරෙතෙන යනු කාමරාගයට අනුගත වූවහු විසිනි, නිස්සරණං යනු කාමරාග නිශ්ශරණය තෙවැදෑරුම් වෙයි, වික්ඛම්හන නිස්සරණය තදඞ්ග නිස්සරණය, සමුච්ඡෙද නිස්සරණය යනුවෙනි. එහි අසුභ භාවනාවෙහි ප්රථමධ්යානය වික්ඛම්හන නිස්සරණය නමි, විදර්ශනාව තදඞ්ග නිස්සරණය නමි, අරහත්මාර්ගය සමුච්ඡෙද නිස්සරණය නමි, ඒ ත්රිවිධ නිශ්ශරණයම නොදනියි අරුත්ය, අත්තත්ථමපි යනාදියෙහි අරහත්වය සංඛ්යාත තමන්ගේ අර්ත්ථය අත්තත්ථො නමි, ප්රත්යය දෙන්නවුන්ගේ අර්ත්ථය පරදා නමි, ඒ දෙකම උභයත්ථො නමි, මේ ක්රමයෙන් සියලු වාරයන්හි අර්ත්ථය යන්න දතයුතුයි:
මේ වනාහි විශේෂයයි, ව්යාපාදස්ස නිස්සරණං යනාදියෙහි වික්ඛම්හන නිස්සරණය සමුච්ඡෙද නිස්සරණය යන නිශ්ශරණ දෙකමය, එහි ව්යාපාදයාගේ වනාහි මෛත්රියෙන් ප්රථම ධ්යානය (ලැබීම) වික්ඛම්හන නිස්සරණයයි, අනාගාමී මාර්ගය සමුච්ඡෙද නිස්සරණයයි, ථීන මිද්ධයාගේ ආලොක සංඥාව වික්ඛම්හන නිස්සරණයයි, අරහත් මාර්ගය සමුච්ඡෙද නිස්සරණයයි, යම්කිසි සමථයක් උද්ධච්චකුක්කුචයාගේ වික්ඛම්හන නිස්සරණයයි, උද්ධච්චයේ වනාහි මෙහි අරහත් මාර්ගය ද කුක්කුච්චයේ අනාගාමි මාර්ගය ද සමුච්ඡෙද නිස්සරණයයි, යන නිශ්ශරණ දෙකමය, එහි ව්යාපාදයාගේ වනාහි මෛත්රියෙන් ප්රථම ධ්යානය (ලැබීම) වික්ඛම්හන නිස්සරණයයි, අනාගාමී මාර්ගය සමුච්ඡෙද නිස්සරණයයි, ථිනමිද්ධයාගේ ආලෝක සංඥාව වික්ඛම්හන නිස්සරණයයි, අරහත් මාර්ගය සමුච්ඡෙද නිස්සරණ යයි, යම්කිසි සමථයක් උද්ධච්චකුක්කුචයාගේ වික්ඛම්හන නිස්සරණයයි, උද්ධච්චයේ වනාහි මෙහි අරහත් මාර්ගය ද කුක්කුච්චයේ අනාගාමි මාර්ගයද සමුච්ඡෙද නිස්සරණයයි, ධර්ම ව්යවස්ථානය විචිකිච්ඡාවගේ වික්ඛම්හන නිස්සරණයයි, ප්රථම මාර්ගය සමුච්ඡෙද නිස්සරණයයි,