5. උපාසකචණ්ඩාල සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි උපාසකපතිකිට්ඨො යනු උපාසකයන් අතුරෙන් අන්තිමයායි, කොතුහල මඞ්ගලිකො යනු මෙයින් මෙය වන්නේ යයි මෙසේ පැවති කුතූහල සංඛ්‍යාත වූ දුටු ඇසූ සහ විඳි මඟුල්වලින් (උතුම් දෙයින්) යුක්ත වූයේයි, මඞ්ගලං පච්චෙති නො කම්මං යනු මඞ්ගල්‍යය බලයි කර්‍මය නොබලයි. ඉතො ච බහිද්ධා යනු මේ සසුනෙන් බැහැරවූවෝයි, පුබ්බකාරං කරොති යනු දීම ගරු කිරීම ආදී කුසල් කටයුතු පළමුවම කරයි.
6. පීති සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි කින්තිමයං යනු කවර නම් උපායකින් අපි යනුයි, පච්චෙකපිතිං යනු ප්‍රථමද්විතීයද්ධ්‍යානයන් නිසා උපදින ප්‍රීතියයි, කාමුපසංහිතං යනු දෙවැදෑරුම් කාමයන් නිසා උපදින්නාවූයි: අකුසලුපසංහිතං යනු මුව ඌරු ආදීන් විදින්නෙමැයි ඊය යවා එය වැරදුණුවිට මට වැරදිනැයි මෙසේ අකුශලයන් නිසා උපදින්නාවූයි, එබඳු තැන්හි නොවරදින්නාට මවිසින් මනාව විදින ලදි, මනාව පහරදෙන ලදියි උපදින් අකුසල සහගත වූ සුවය සොම්නස නමි, දානාදී උපකරණ නොලැබීමෙන් උපදිනු ලබන, කුසලය ඇසුරු කොට ඇති දුක දොම්නස යයි දතයුතුය.
7. වණිජ්ජා සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි වණිජ්ජා යනු වෙළඳ කටයුතුයි, උපාසකෙන යනු සරණගිය තැනැත්තා විසිනි, සත්‍ථවණිජ්ජා යනු ආයුධ භාණ්ඩ තනා ඒවා විකිණීමයි, මංසවණිජ්ජා යනු ඌරුමුව ආදීන් පොෂණය කොට ඔවුන් විකිණීමයි, මජ්ජවණිජ්ජා යනු කිසියම් මද්‍යයක් තනා එය විකිණීමයි, විසවණිජ්ජා යනු විෂ තනා එය විකිණීමයි, මෙසේ මේ සියලු වෙළදාම් තමා විසින් කිරීමටත් අනුන් සමාදන් කරවා කිරීමටත් නොවටියි.
8. රාජ සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි පබ්බාජෙන්ති යනු රටින් පිටුවහල් කරත්, යථා පච්චයං වා කරොන්ති යනු කැමැති පරිද්දෙන් අදහස් පරිද්දෙන් කරත්, තථෙව පාපකං කම්මං පවෙදයන්ති යනු ඔහු විසින් කරන ලද දෙය යම්සේද එය එසේම අනුන්ට සැලකරත් කියත්.
9. ගිහි සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි සංවුතකම්මෙනතං යනු වැසූ කර්‍මාන්තයයි, ආභිචෙතසිකානං යනු උතුම් සිත ඇසුරු කළවුන්ගේයි, දිට්ඨධම්මසුඛවිහාරානං යනු ප්‍රත්‍ය ධර්‍මයන් පවතින කෙණෙහි සැප විහරණ ඇත්තවුන්ගේයි, අරියකන්තෙහි යනු ආර්‍ය්‍යයන්ගේ සිත්ගන්නා මාර්‍ගඵල ශීලයන්ගෙනි,
අරියධම්මං සමාදාය යනු මෙහි ආර්‍ය්‍යධර්‍මය යන්නෙන් පන්සිල් කියන ලදි, මෙරයං වාරුණිං යනු සිවුවැදෑරුම් මෙරය ද පස් වැදෑරුම් සුරාව ද වේ, අනුචිතක්කයෙ යනු නව ලොවුතුරු දහම සිහිකිරීම් වශයෙන්ම විතර්‍කනය කරන්නේය, අබ්‍යාපජ්ඣං හිතං චිත්තං යනු නිදුක් වූ මෛත්‍රි ආදී බ්‍රහ්මවිහාර සිතයි, දෙවලොකාය භාවයෙ යනු බ්‍රහ්මලෝකය (ලැබීම) සඳහා වඩන්නේය, පුඤ්ඤත්‍ථස්ස ජිගිංසතො යනු පිනෙන් වැඩ ඇත්තාට, පින සොයන්නාටයි, සන්තෙසු යනු බුදු-පසේ බුදු තථාගත ශ්‍රාවකයන් කෙරෙහියි, විපුලා හොති දක්ඛිණා යනු මෙසේ දුන් දානය මහත්ඵලවෙයි, අනුපුබ්බේන යනු සිල්පිරීම් ආදියෙන් ක්‍රමයෙනි, සෙස්ස තික නිපාතයෙහි කියනලද අර්‍ත්‍ථ ඇත්තේමය.
10. ගවෙසී සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි සිතං පාත්වාකාසි යනු මහමගින් යන්නේ ඒ සල්වනය බලා මෙතැන්හි උපන්විරූ යහපත් කරුණක් ඇද්දැයි කාශ්‍යප බුදුන් සමයෙහි (සත්‍යය) සොයන්නාවූ උවසුවකු විසින් කරනලද යහපත් කරුණක් දුටුවේය. ඉක්බිති උන්වහන්සේට මෙසේ අදහසක් විය. “මේ යහපත් කරුණ භික්ෂු සංඝයාට අප්‍රකටය, සැඟවුණේය, ඒකාන්තයෙන්ම එය භික්ෂු සංඝයාට ප්‍රකට කරමි” යනුවෙනි, මාර්‍ගයෙන් බැස එක්තරා පෙදෙසක සිටියේම සිනහ පහළ කිරීමක් කළේය, උතුම් දත්අග දක්වා මඳ සිනහවක් පහළ කළේය, ලෞකික මනුෂ්‍යයෝ උදරයට ගසමින් කොහි කොහිදැයි (කහ් කහ් යන හඬින්?) යම්සේ සිනහසෙත්ද බුදුවරු එසේ නොවෙති, බුදුවරුන්ගේ සිනහව වනාහි තුටු පහටු බවම වෙයි,