7. චෝදනා සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි වොදකෙන යනු වස්තු දැක්වීම, ඇවැත් දැක්වීම, එක්ව විසීම ප්‍රතික්ෂේප කිරීම, පිළිසඳර ප්‍රතික්‍ෂේප කිරීම යන චොදනා වස්තු සතරින් චොදනා කරන්නහු විසිනි, කාලෙන වක්ඛාමි නො අකාලෙන යනු මෙහි චුදිතයාගේ කාලය කියන ලදි, චොදකයාගේ නොවේ, අනෙකෙකුට චෝදනා කරන්නහු විසින් පිරිස මැද හෝ පෙහෙවස්ගෙහි හෝ පවාරණයෙහි හෝ අසුන්හල් බොජුන්හල් ආදියෙහි හෝ චොදනා නොකළයුතුය, දිවා ස්ථානයෙහි හුන්කල්හි චෝදනා කරන ආයුෂ්මත්හු “අවසරයි, ආයුෂ්මතුන්ට කියනු (චෝදනා කරනු) කැමැත්තෙමැ”යි මෙසේ අවසර ගෙන චෝදනා කළයුතු පුද්ගලයා සලකා යම් ලොල් පුද්ගලයෙකි. අසත්‍යය කියා භික්ෂූන්ට අයස පවරනු කැමැත්තෙක් නම් හෙතෙම අවසර ගැනීමකින් තොරව ද චොදනා කළයුත්තේය, භූතෙන යන සත්‍යයෙනි, ස්වභාවයෙනි, සණ්හෙන යනු මටවූ මුදුවූ දෙයිනි, අත්‍ථසංහිතෙන යනු අර්‍ත්‍ථ කැමැත්තෙන් හිත කැමැත්තෙන් යුක්ත වූවෙනි, අවිප්පටිසාරො උපදහාතබ්බො යනු නොමකවූයේ උපදවිය යුත්තේය, අලං තෙ අවිප්පටිසාරාය යනු ඔබගේ නොමකුබවට සුදුසුයි, මෙහි සෙස්ස පැහැදිලිමය, අටවැන්න යටකියන ලද ආකාරය ඇති බැවින් ප්‍රකටමය.
9. ඛිප්පනිසන්ති සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි වහා අවධානය යොමු කරයි සලකා බලයි යන්නෙන් ඛිප්පනිසං නමි, මනාකොට ගනියිනුයි සුග්ගහිතග්ගාහී යි, අත්‍ථකුසලෝ යනු අර්‍ත්‍ථ කථාවෙහි දක්ෂවූයේයි, ධම්මකුසලො යනු පෙළෙහි දක්‍ෂවූයේයි, නිරුත්තිකුසලො යනු නිරුක්ති වචනයන්හි දක්ෂවූයේයි, ව්‍යඤ්ජනකුසලො යනු අක්‍ෂර ප්‍රභේදයෙන් දක්‍ෂවූයේයි, පුබ්බාපරකුසලො යනු අර්‍ත්‍ථයේ මුල අග ධර්‍මයේ මුල අග පදයේ මුල අග අක්‍ෂරයේ මුල අග ගැලපීමේ මුල අග යන මේ පස්වැදෑරුම් මුල් අග්හි දක්ෂවූයේයි. මෙහි අර්‍ත්‍ථයෙහි මුල් අගෙහි දක්‍ෂවූයේ වනාහි යට අර්ථයෙන් මතු අර්‍ත්‍ථය දනියි, මතු අර්‍ත්‍ථයෙන් යට අර්‍ත්‍ථය දනියි, හෙතෙම වනාහි යට අර්‍ත්‍ථය තබා මතු අර්‍ත්‍ථය කී කල්හි යට අර්‍ත්‍ථයක් ඇතැයි දනියි, මතු අර්‍ත්‍ථය අතහැර යට අර්‍ත්‍ථය කී කල්හි මතු අර්‍ත්‍ථයක් ඇතැයි දනියි, දෙකම අතහැර මැද අර්‍ත්‍ථය කී කල්හි අර්‍ත්‍ථ දෙකක් ඇතැයි දනියි, මැද අර්‍ත්‍ථය හැර දෙපස අර්‍ත්‍ථය කී කල්හි මැද අර්‍ත්‍ථයක් ඇතැයි දනියි, ධර්‍මයෙහි මුල අග ආදියෙහි ද මේ ක්‍රමයමැයි, අනුසන්ධියෙහි මුල අගෙහි වනාහි සීලය මුල්කොට පටන්ගත් සූත්‍රාන්තයෙහි මත්තෙහි අභිඥා සය පැමිණි කල්හි අනුසන්ධි අනුව පරිච්ඡේද අනුව සූත්‍රාන්තය ගියේයයි දනියි, දෘෂ්ටි වශයෙන් අරඹන ලද කල්හි මත්තෙහි සිහිකළ යුතු ධර්‍මයන් පැමිණි කල අනුසන්ධි අනුව ගියේයයි දනියි.
10. භද්දජී සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අභිභු යනු මැඩපවත්වා සිටි ජ්‍යෙෂ්ඨයායි, අනභිභූතො යනු අනුන් විසින් නොමඩනා ලයි, අඤ්ඤදත්ථු යනු එකාන්ත වචනයෙහි නිපාතයෙකි, දැකීම් වශයෙන් දසො නමි. සියල්ල දකියි යන අදහසයි, වසවත්තී යනු සියලු දෙනා යටතෙහි පවත්වයි. යථාපස්සනො යනු ඉටු අරමුණ හෝ වේවා අනිටු අරමුණ හෝ වේවා! යම් අයුරකින් එය බලන්නාගේයි, අන්නතරා ආසවානං ඛයො හොති යනු රහත්බවට අනතුරුවම උපදියි, යථා පුණතා යනු මෙහි ම මේ ක්‍රමයමයි, නැතහොත් ඇසින් යම් රූපයක් දැක නිරතුරුවම විදර්‍ශනාව තබා රහත් බවට පැමිණෙයිද ඔහුට ඒ රහත් බව චක්ෂුර් විඥානයට අනතුරු වූයේ නමි, ඉදං දස්සනානං අග්ගං යනු ඒ සඳහා කියන ලදි, දෙවැනි පදයෙහි ද මේ ක්‍රමයමයි,