10. භද්දජී සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අභිභු යනු මැඩපවත්වා සිටි ජ්‍යෙෂ්ඨයායි, අනභිභූතො යනු අනුන් විසින් නොමඩනා ලයි, අඤ්ඤදත්ථු යනු එකාන්ත වචනයෙහි නිපාතයෙකි, දැකීම් වශයෙන් දසො නමි. සියල්ල දකියි යන අදහසයි, වසවත්තී යනු සියලු දෙනා යටතෙහි පවත්වයි. යථාපස්සනො යනු ඉටු අරමුණ හෝ වේවා අනිටු අරමුණ හෝ වේවා! යම් අයුරකින් එය බලන්නාගේයි, අන්නතරා ආසවානං ඛයො හොති යනු රහත්බවට අනතුරුවම උපදියි, යථා පුණතා යනු මෙහි ම මේ ක්‍රමයමයි, නැතහොත් ඇසින් යම් රූපයක් දැක නිරතුරුවම විදර්‍ශනාව තබා රහත් බවට පැමිණෙයිද ඔහුට ඒ රහත් බව චක්ෂුර් විඥානයට අනතුරු වූයේ නමි, ඉදං දස්සනානං අග්ගං යනු ඒ සඳහා කියන ලදි, දෙවැනි පදයෙහි ද මේ ක්‍රමයමයි,
යථාසුඛිතස්ස යනු යම් මාර්‍ග සුවයකින් සුවපත් වූවහුගේයි, අනන්තරා ආසවානං ඛයො හොති යනු අනතුරුවම රහත්බව උපදියි, ඉදං සුඛානං අග්ගං යනු මේ මාර්‍ගසුවය සුවයන් අතුරින් උතුම්ය. යථාඤ්ඤිස්ස යනු මෙහි ද මාර්‍ග සංඥාවම අදහස් කරන ලදි, යථාභූතස්ස යනු යම් භවයක යම් අත්බවෙක සිටියහුයි, අනන්තරා යනු අනතුරු රහිතවීමෙනි, ඉදං භවානං අග්ගං යනු මේ අන්තිම ආත්මභාවය භවයන් අතුරින් උතුම්ය, නැතහොත් යථාභූතස්ස යනු යම් ස්කන්ධයන්ගෙන් මාර්‍ගක්ෂණයෙහි වූවහුගේයි, පවතින්නහුගේයි, අනන්තරා ආසවානං ඛයො හොති යනු මාර්‍ගයට අනතුරුවම ඵලය උපදියි, ඉදං භවානං අග්ගං යනු මාර්‍ගක්‍ෂණයෙහි ස්කන්ධ පඤ්චකය භවයන් අතුරෙන් අග්‍ර නම් වෙයි.
දෙවැනි වර්‍ගයයි.
3. උපාසක වර්ගය
1-3. සාරජ්ජ ආදි සූත්‍ර වර්ණනා
තෙවැනි වර්‍ගයෙහි පළමු දෙවැනි හා තෙවැනි සූත්‍රයන්හි අගාරික ප්‍රතිපත්තිය කියන ලදි, සෝවාන් සකෘදාගාමීහු වෙත්වා (ඔවුනටද) වටීමය.
4. වෙර සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි භයානි යනු සිත තැතිගැන්මේ බියයි, වෙරානි යනු අකුශල වෛරයෝ ද පුද්ගල වෛරයෝ ද වෙත්, චෙතසිකං යනු සිත ඇසුරු කොට ඇත්තේයි, දුක්ඛං යනු කායප්‍රසාද වස්තුක වූ දුකයි. දොමනස්සං යන දොම්නස් වේදනාවයි, මේ සූත්‍රයෙහි විරතීන් දුරුකිරීම කියන ලදි,
5. උපාසකචණ්ඩාල සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි උපාසකපතිකිට්ඨො යනු උපාසකයන් අතුරෙන් අන්තිමයායි, කොතුහල මඞ්ගලිකො යනු මෙයින් මෙය වන්නේ යයි මෙසේ පැවති කුතූහල සංඛ්‍යාත වූ දුටු ඇසූ සහ විඳි මඟුල්වලින් (උතුම් දෙයින්) යුක්ත වූයේයි, මඞ්ගලං පච්චෙති නො කම්මං යනු මඞ්ගල්‍යය බලයි කර්‍මය නොබලයි. ඉතො ච බහිද්ධා යනු මේ සසුනෙන් බැහැරවූවෝයි, පුබ්බකාරං කරොති යනු දීම ගරු කිරීම ආදී කුසල් කටයුතු පළමුවම කරයි.
6. පීති සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි කින්තිමයං යනු කවර නම් උපායකින් අපි යනුයි, පච්චෙකපිතිං යනු ප්‍රථමද්විතීයද්ධ්‍යානයන් නිසා උපදින ප්‍රීතියයි, කාමුපසංහිතං යනු දෙවැදෑරුම් කාමයන් නිසා උපදින්නාවූයි: අකුසලුපසංහිතං යනු මුව ඌරු ආදීන් විදින්නෙමැයි ඊය යවා එය වැරදුණුවිට මට වැරදිනැයි මෙසේ අකුශලයන් නිසා උපදින්නාවූයි, එබඳු තැන්හි නොවරදින්නාට මවිසින් මනාව විදින ලදි, මනාව පහරදෙන ලදියි උපදින් අකුසල සහගත වූ සුවය සොම්නස නමි, දානාදී උපකරණ නොලැබීමෙන් උපදිනු ලබන, කුසලය ඇසුරු කොට ඇති දුක දොම්නස යයි දතයුතුය.