5. තිකණ්ඩකී වර්ගය
1. අවජානාති සූත්ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි සංවාසෙන යනු එක්ව විසීමෙනි, ආදිය්යමුඛො යනු පිළිගැනීමේ දොරටුව, ගැනීමේ දොරටුව යන අරුත්ය, තමෙනං දත්වා අවජානාති යනු මෙතෙම දුන්දුන් දෙය පිළිගැනීමට පමණක් දනියි යනුවෙන් අවමන් කරයි, තමෙනං සංවාසෙන අවජානාති යනු කිසියම් සුළු දෙයක් නිසා කිපී “ඔබ විසින් කරන ලද දෙය මම දනිමි. මෙපමණ කලක් මම කුමක් කරමින් විසූයෙම්ද නුඹගේම කළනොකළ දෑ විමසමින් නොවේදැ”යි ආදිය කියන්නේ වෙයි, ඉක්බිති අනෙකා ‘මගේ කිසි දොසක් වන්නේය’යි කිසිවක් පැවසීමට නොහැකි වෙයි, තං ඛිප්පංයෙව අධිමුච්චිතා හොති යනු ඒ ගුණ වැණුම හෝ දොස් නැගීම ඉක්මණින්ම අදහයි, ඇදහීම් අරුතින් පිළිගැනීමෙන් මෙතෙම ආදිය්යමුඛො යි කියන ලදි, ආධිය්යමුඛො යනු පෙළෙහි වනාහි තබනලද මුව ඇත්තේයි අරුත්ය, පාරෙහි සෑරුණු වළක් ඊට ආ ආ දිය පිළිගන්නාක් මෙන් ගුණයක් හෝ අගුණයක් හෝ විශ්වාස කිරීම් වශයෙන් පිළිගැනීමට තබන ලද මුවකැයි (විවරයකැයි) කියන ලද්දේ වෙයි,
ඉත්තරසද්ධො යන අඩ සැදැහැ ඇත්තේයි, කුසලාකුසලෙ ධම්මෙ න ජානාති යනාදියෙහි කුශලධර්මයෙහි මේ කුශලයෝයි ද අකුශල ධර්මයෙහි මේ අකුශලයෝයි ද නොදනියි, එසේම වැරදි සහිත දොස් සහිත ධර්මයන්හි වේවා වැරදි සහිතයයි ද වැරදි රහිත නිදොස් දහම්හි මේවා අනවද්යයයි ද පහත් ධර්මයන්හි පහත්යයිද උසස් ධර්මයන්හි උසස්යයි ද කණ්හසුක්ක සප්පටිභාගයන්හි මේ පාපධර්ම යහපත් ධර්ම යටපත් කොට සිටි බැවින් සප්පටිභාගයෝ යයි ද මේ යහපත් ධර්ම පාපධර්මයන් යටපත් කොට සිටි බැවින් සප්පටිභාගයෝයි ද නොදනිත්.
2. ආරම්භති සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි ආරභති ච විප්පටිසාරී ච හොති යනු ඇවැත් ඉක්මවීම වශයෙන් අරඹයි (නසයි?) මෙන්ම ඒ හේතුවෙන් විපිළිසරද වෙයි, චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යනු අරහත්ත සමාධිය මෙන්ම අරහත් ඥානය ද වේ, නප්පජානාති යනු අවබෝධ නො කළ බැවින් නොදනියි, ආරභති න විප්පටිසාරි හොති යනු ඇවතට පැමිණෙයි, එයින් නැඟී සිටි බැවින් විපිළිසර නොවෙයි, නාරභති විප්පටිසාරී හොති යනු වරක් ඇවතට පැමිණ එයින් නැඟී සිට පසුව කිසි ඇවතකට නොපැමිණෙයි, විපිළිසර බව දුරු කිරීමට නොහැකි වෙයි, නාරභති න විප්පටිසාරී හොති යනු ඇවතට පැමිණෙන්නේත් නොවේ විපිළිසර වන්නේත් නොවේ, තඤ්ච චෙතොවිමුත්තිං - පෙ- නිරුජ්ඣති යනු රහත්බවට නොපැමිණියේ වෙයි, පස්වැන්නෙන් ක්ෂීණාශ්රවයා කියන ලදි.
ආරම්හජා යනු ඇවැත් ඉක්මීම නිසායි. විප්පටිසාරජා යනු විපිළිසරවීමෙන් හටගත්තාවූයි, පවඩ්ඪන්ති යනු නැවත නැවත ඉපදීමෙන් වැඩෙත්, ආරම්හජෙ ආසවෙ පහාය යනු ඉක්වීමෙන් හටගත් ආශ්රවයන් ඇවැත් දෙසීමෙන් හෝ ඇවතින් නැඟී සිටීමෙන් හෝ දුරුකොටයි, පටිවිනොදෙත්වා යනු පිරිසුදු බවෙහි සිටිබව මෙනෙහි කිරීමෙන් දුරුකොටයි, චිත්තං පඤ්ඤඤ්ව භාවෙතු යනු විදර්ශනා සිත ද ඒ හා යෙදුණු ප්රඥාව ද වඩවායි, සෙස්ස මේ ක්රමයෙන්ම දතයුතුය.
3. සාරන්දද සූත්ර වර්ණනාව
තුන්වැන්නෙහි කාමාධිමුත්තානං යනු වස්තුකාම ක්ලේශකාමයන්හි යෙදුනවුන්ගේයි, ධම්මානුධම්මපටිපන්නො යනු නවලොවුතුරා දහම සඳහා සීලය සමග පූර්වභාග ප්රතිපදාවට පිළිපන්නාවූ පිළිවෙත් පුරන පුද්ගලයා ලොවෙහි දුලබයි,
4. තිකණ්ඩකී සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි අප්පටික්කුලෙ යනු පිළිකුල් නොවන අරමුණෙහියි, පටික්කුලසඤ්ඤි යනු පිළිකුල්යයි මෙසේ හැඟීම් ඇත්තේයි, සියලු තන්හි මේ ක්රමයයි, කෙසේ නම් මෙතෙම මෙසේ වෙසේද යත්? ඉෂ්ට වස්තුවෙහි අසුභය සඳහා හෝ පතුරුවයි, අනිත්ය වශයෙන් හෝ යොමු කරයි, මෙසේ පිළිකුල් නොවන දෙයෙහි පිළිකුල් හැඟීම් ඇත්තේ වසයි, අනිටු වස්තුවෙහි මෙත් සිතින් හෝ පතුරුවා සිටියි, ධාතු වශයෙන් හෝ යොමු කරයි, මෙසේ පිළිකුල් දෙයෙහි පිළිකුල් නොවීමේ හැගීම් ඇතිව වෙසෙයි, දෙකෙහිම මුල් ක්රමය හා පසුක්රමය වශයෙන් තෙවැනි හා සිවුවැනි වාර කියන ලදි, අංග සයක් ඇති උපේක්ෂාව වශයෙන් පස්වැන්නයි, මේ අංග සයක් ඇති උපේක්ෂාව ක්ෂීණාශ්රවයාගේ උපෙක්ෂාවයි, ක්ෂීණාශ්රවයාගේ උපේක්ෂාව සමාන වන්නක් නොමැත. එහි උපෙඛකො විහරෙය්ය යනු මැදහත් බවෙහි සිටියේ හැසිරෙන්නේය, කච්චිනි යනු කිසි අරමුණෙකයි, කත්ථචි යනු කිසියම් පෙදෙසකයි, කිඤ්චනා යනු කිසියම් නොපමාවූවෙක් ද වේ, මෙසේ මේ සූත්රයෙහි පස් තැනක විදර්ශනාව කියන ලදි, අරඹන ලද විදසුන් ඇති එක් භික්ෂුවක් එය කිරීමට සමත්වෙයි, නුවණැති ප්රඥාවෙන් ශ්රේෂ්ඨ වූ බහුශ්රැත ශ්රමණයෙක් ද එය කිරීමට සමත්වෙයි. සෝවාන් සකෘදාගාමි අනාගාමීහු කිරීමට සමත් වෙත්මය, ක්ෂීණාශ්රවයා ගැන කිවයුත්තක්ම නැත. පස්වැන්න පැහැදිලිමය.
6. භික්ඛුමිත්ත සූත්ර වර්ණනාව
සවැන්නෙහි කම්මන්තං කාරෙති යනු කුඹුරු ආදී කර්මාන්ත කරවයි, අධිකරණං ආදියති යනු සතර අධිකරණ ගනියි, පාමොක්ඛෙසු භික්ඛුසු යනු දිශා ප්රමුඛ වූ භික්ෂූන් කෙරෙහිය, පටිවිරුද්ධො හොති යනු ප්රතිවිරුද්ධ ගැන්වීමට විරුද්ධ වෙයි, අනවත්ථ චාරිකං යනු අනිශ්චිත හැසිරීමයි.