3. ධම්මරාජ සූත්‍ර වර්ණනාව
තෙවැන්න තික නිපාතයෙහි කියන ලද ක්‍රමය ඇත්තේමය, මෙහි ඇසුරු කළ යුතු හා ඇසුරු නොකළ යුත්තේ වනාහි අන්තිම පද දෙකෙහිම විශේෂයයි, එහි සම්මා ආජීවය ඇසුරු කළ යුත්තේය, මිථ්‍යා ආජීවය ඇසුරු නොකළ යුතුය, ගැලපෙන ගම්නියම්ගම් ඇසුරු කළ යුතුය, නොගැලපෙන ගම් නියම් ඇසුරු නොකළ යුතුය.
4. ඛත්තියරාජ සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි උභතො යනු දෙපක්ෂයෙන්මය, මාතිතො ච පිතිතො ච යමෙකුගේ මව ක්ෂත්රිය ද මවගේ මව ක්ෂත්රිය ද ඇයගේ මව ද ක්ෂත්රිය ද පියා ක්ෂත්රිය ද පියාගේ පියා ක්ෂත්රිය ද ඔහුගේ පියා ද ක්ෂත්රිය ද හෙතෙම මවගේ ද පියාගේ ද යන දෙපසින්ම සුජාතය, සංසුද්ධග්ගණිකො යනු පිරිසුදු වූ මව්කුසින් යුක්ත වූයේයි, සමවෙපාකිනියා ගහණියා යනු මෙහි කර්මජ තෙජොධාතුව ගහණියයි කියනු ලැබේ, යාව සත්තමා පිතාමහයුගා යනු මෙහි පියාගේ පියා පිතාමහ නම් වේ. පිතාමහගේ යුගය පිතාමහ යුගං නමි, යුගය යනු ආයුෂ් ප්‍රමාණයයි, කියනු ලැබේ. මෙය හුදෙක් කථන ක්රමයකි, අරුත් වශයෙන් පිතාමහම පිතාමහ යුගයයි, එයින් උඩ සියලුම පූර්‍වපුරුෂයෝ පිතාමහ ගැනීමෙන් ගන්නා ලද්දාය. මෙසේ යම්තාක් සත්වැනි පුරුෂයා වේද ඒතාක් පිරිසුදු මව්කුස පිළිසිදීම් ඇත්තේයි, නැතහොත් ජාතිවාදයෙන් පහකොට නොසලකන ලද්දේ දොෂාරෝපණ නොලද්දේයි දැක්වෙයි, අක්ඛිත්තො යනු මොහු පහකරව මොහුගෙන් කවර වැඩක්දැයි මෙසේ ඉවත්කරන ලද්දේයි, නොසලකා හරින ලද්දේයි, අනුපක්කුට්ඨො යනු උපක්රොශ නොලද්දේයි, ආක්රොශයට හෝ නින්දාවට නොපත්විරූයි, කවරකරුණින්ද යත් ජාතිවාදෙන - ජාතිවාදයෙනි, මෙසේ මෙතෙම පහත් ජාති ඇත්තෙකැයි මෙබඳු වූ වචනයෙන් යයි අරුතය,
අඩ්ඪො යනාදියෙහි යම් කිසිවෙක් තමන් සතු සම්පත්තියෙන් ආඪ්‍ය වූයේයි, මහද්ධනො යනු මහත්වූ අප්‍රමාණ සංඛ්‍යාවෙන් වූ ධනයෙන් යුක්තවූයේ වෙයි. පස්කම් ගුණ වශයෙන් මහත්වූ බොහෝ වූ භෝග ඇත්තේ මොහුටනුයි. මහාභොගො නමි, පරිපුණ්ණකො සකොට්ඨාගාරො යනු කොසයයි කියනු ලබන්නේ භාණ්ඩාගාරයටයි, තැන්පත් කොට තැබූ ධනයෙන් පිරිපුන් භාණ්ඩාගාරය ඇත්තේ ද ධාන්‍යයෙන් පිරිපුන් භාණ්ඩාගාරය ඇත්තේ ද යන අරුත්ය. නැතහොත් ඇත් -අස් රිය රට යනුවෙන් කොෂ සතර වැදෑරුමිය, ධන කොෂ්ටාගාරය ධාන්‍ය කොෂ්ටාගාරය හා වස්ත්‍ර කොෂ්ටාගාරය යනුවෙන් කොෂ්ටාගාරය තෙවැදෑරුම්ය, ඒ සියල්ල පිරිපුන් වූයේ මොහුටනුයි පරිපුණ්ණ කොසකොට්ඨාගාරො නමි, අස්සවාය යනු කවරකුට හෝ බොහෝ වූද ධනය දෙන්නාගේ සේනාව නොඅසයිද හෙතෙම අනස්සවා නම් වෙයි, කවරකුට හෝ නොදෙන්නාගේ සේනාව අසයිද මෙතෙම අස්සවා නම්, ඔවාදපතිකරාය යනු මෙය ඔබවිසින් කළයුතු ය. මෙය නොකළ යුතුයයි දෙන ලද අවවාදයෙනි, පණ්ඩිතො යනු පාණ්ඩිත්‍යයෙන් යුක්තවූයේයි, ව්යත්තො යනු නුවණින් වියත් බවෙන් යුක්තවූයේයි, මෙධාවී යනු ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තවූයේයි, පටිබලො යනු සමත්වූයේයි අත්ථෙවින්තෙතුං යනු වැඩදායී අර්ත්ථයන් සිතීමටය, හෙතෙම වනාහි වර්තමාන අර්ත්ථ වශයෙන්ම අතීතයෙහි ද මෙසේ වූහ. අනාගතයෙහි ද මෙසේ වන්නාහුයයි සිතයි, විජිතාවිනං යනු දිනු දිනුම් ඇත්තවුන්ගේයි, මහත් වූ ජයග්රහණයෙන් යුක්තවූවන්ගේ හෝයි, විමුත්තවිත්තානං යනු විමුක්ති පසින් මිඳුණු මනස ඇත්තවුන්ගේයි.
5-6. පළමුවන පත්ථනා ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි නෙගමජානපදස්ස යනු නියම්ගම් වැසිවූ ද රටවැසි වූද ජනයාගේයි, භත්ථිස්මිං යන ආදීන්ගෙන් ඇත් - අස් රිය අවි දුනු ලේඛන මුද්‍රා සංඛ්‍යා ආදී වූ සොළොස් මහා ශිල්පයෝ දක්වන ලද්දාහ. අනවයො යනු සමානයි, පිරිපුවූයේයි, මෙහි සෙස්ස යට කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය, සයවැන්නෙහි ඔපරජ්ජං යනු උපරජබවයි,
7. අප්පංසුපති සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි පුරිසාධිප්පායා යනු අසද්ධර්ම වශයෙන් පුරුෂයා කෙරෙහි උපන් අදහසය පුරුෂයන් පිළිබඳ අදහසය, ආදානාධිප්පායො යනු දැන් ගැනීමට හැකිවෙමි. දැන් හැකිවෙමියි මෙසේ ගැනීමේ අදහසයි, විසඤ්ඤොගාධිප්පායො යනු දැන් නිවනට පැමිණෙමි, දැන් පැමිණෙමියි මෙසේ නිවන පිළිබඳ අදහසයි.
8. භත්තාදක සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි භත්තාදකො යනු බත් කන්නායි, බොහෝ බත් බුදින්නායි අරුත්ය, ඔකාසඵරණො යනු ඉඩ පතුරුවා අනුන්ට බාධා කොට සිටීමෙන් අවකාශය පතුරුවන්නායි, ඒ ඒ තැන බෙටි දමයි, හෙලයිනුයි ලණ්ඩසාටනො නමි. මෙපමණ ඇත්තු යයි ගණින කල ලහ ගන්වානුයි සලාකගාහී නමි, හිඳීම් නිදීම් වශයෙන් ඇඳ පුටු මදියි යන්නෙන් පිඨමද්දනො නමි. භික්ෂූන් ගණින කල ලහ ගන්වන්නේනුයි සලාකගාගී නමි.
9. අක්ඛම සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි හත්ථිකායං යනු ඇත් සමුහයයි. සෙස්සෙහි ද මේ ක්‍රමයමැයි, සංග්රාමයෙහි හැසිරේනුයි සඞ්ගාමාවචරා යි, එකිස්සා වා තිණොදකදත්තියා විමානිතො යනු එක්දිනක එක් තණදිය දීමකින් අවමන් කරන ලද්දේයි, එක්දිනක් පමණ නොලද තණදිය ඇත්තේයි අරුත්ය. මෙයින් මත්තෙහි ද මේ ක්‍රමයයි. න සක්කොති චිත්තං සමාදහිතුං යනු අරමුණෙහි සිත මනාව තැබීමට නොහැකි වෙයි, මෙහි සෙස්ස පැහැදිලිමය, මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදැයි දතයුතුය.
10. සොතාර සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි දුරුත්තානං යනු නොමනාව කියන ලද්දවුන්ගේයි, දොස් වශයෙන් පැවති එරුෂ වචනයන්ගේයි, දුරාගතානං යනු දුක් උපදනා අයුරින් කන්දොරට පැමිණියවුන්ගේයි: වචනපථානං යනු වචනයන්ගේයි, දුක්ඛානං යනු දුක් ඇති කරනු ලබන්නවුන්ගේයි, තිප්පානං යනු බහුල වූවන්ගේයි, ඛරානං යනු රළු වූවන්ගේයි, කටුකානං යනු සූක්ෂම වූවන්ගේයි, අසාතානං යනු අමිහිරි වූවන්ගේයි, අමනාපානං යනු මනස නැඟීමට වැඩීමට අසමත් වූවන්ගේයි, පාණහරනං යනු දිවි පැහැර ගන්නවුන්ගේයි, යා සා දිසා යනු සියලු සංස්කාර සංසිදීම් ආදී වශයෙන් දක්නා ලැබේනුයි නිවන දිසායි දතයුතුය. යම්හෙයකින් එයට පැමිණ සියලු සංස්කාරයෝ සංසිදීමට යත්ද එහෙයින් සබ්බසංඛාරසමථො යි කියන ලදි, සෙස්ස සියලු තැන පැහැදිලිමය, මේ සූත්‍රයෙහි ශීල සමාධි ප්‍රඥාවෝ මිශ්‍රකව කියන ලදහ.