6-7. වණ්ණා ආදි සූත්‍ර වර්ණනා
සයවැන්නෙහි සද්ධාදෙය්යං විනිපාතෙති යනු අනුන් විසින් සැදැහැයෙන් දෙන ලද පිණ්ඩපාතයෙන් අගය නොගෙන අනුනට දෙයි, සත්වැන්නෙහි ඉස්සුකිනි යනු ඊර්ෂ්‍යාවෙන් යුක්ත වූවෝයි, සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.
දෙවැනි වර්ගයයි.
3. ගිලාන වර්ගය
4. ගිලානූපට්ඨාක සූත්‍ර වර්ණනාව
තෙවැනි වර්ගයෙහි සිවුවැන්නෙහි න පටිබලො යනු ශරීර බලයෙන් ද ඥානබලයෙන් ද යුක්ත නොවූයේයි, ආමිසන්තරො යනු ආමිෂය හේතුකොට ඇත්තේයි, සිවුරු ආදිය බලාපොරොත්තු වන්නේයි,
5-6. ප්‍රථම අනායුස්සා ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි අනායුස්ස යනු ආයුෂ සිඳින්නා වූ, ආයුෂ නොවඩන්නාවූයි, සයවැන්නෙහි මේ ක්‍රමයමැයි,
7. වපකාස සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි නාලං සඞ්ඝමහා වපකාසිතුං යනු සමූහයාගෙන් නික්ම එක්ව විසීමට නොසුදුයි, ඒකාන්තයෙන්ම මෙතෙම සඟ මැද ද විසීමට නොසුදුසු වූයේමය. සඞ්ඝසොභනයෙන් තොර බැවින් අවවාද අනුශාසනයන්ට ප්‍රතිබද්ධව ඇති බැවින් ඒකාන්තයෙන්ම සංඝයාගෙන් වෙන්ව විසීමට නොසුදුසුවූයේයි, අලං සඞ්ඝමහා වපකාසිතුං යනු සිවු දිගට අයත් බැවින් සංඝයාගෙන් නික්ම තනිව විසීමට සුදුසුවූයේයි. සංඝ ශොභන ගුණයෙන් යුක්ත බැවින් සංඝයා කෙරෙහි විසීමට ද සුදුස්සේය, අටවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය,
9. පරිකුප්ප සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි අපායිකා යනු අපායට යන්නෝයි, නෙරයිකා යනු නිරයට යන්නෝයි, පරිකුප්පා යනු මතුව එන ස්වභාවය ඇත්තෝයි, පැරණි තුවාල වැනිවූවෝයි, අතෙකිච්ඡා යනු පිළියම් නොකළ හැකිවූවෝයි, දසවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
තෙවැනි වර්ගයයි.
4. රාජ වර්ගය
1. ප්‍රථම චක්කානුවත්තන සූත්‍ර වර්ණනාව
සතරවැනි වර්ගයෙහි පළමු සූතයෙහි ධම්මෙන යන දශකුශලධර්මයෙනි, චක්කං යනු ආඥාචක්රයයි, අත්ථඤ්ඤු යනු හේතුව දනියි, ධම්මඤ්ඤු යනු ප්රවෙණිධර්මය දනියි, මත්තඤ්ඤු යනු දඬුවමෙහි හා අය බද්දෙහි ප්‍රමාණය දනියි, කාලඤ්ඤු යනු රජසුව විඳින කාලය, විනිශ්චය කරන කාලය, හා දනවු සැරිසරන කාලය, දනියි, පරිසඤ්ඤු යනු මේ ක්ෂත්රිය පිරිසය, මේ බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර පිරිසයයි දනියි,
තථාගතයන් වහන්සේ පිළිබඳ වාරයෙහි අත්ථඤ්ඤු යනු පස්වැදෑරුම් අරුත් දනියි, ධම්මඤුඤු යනු සතර ධර්මයන් දනියි, මත්තඤ්ඤු යනු සිවුපසෙහි පිළිගැනීමේ හා පරිභෝග කිරීමේ පමණ දනියි, කාලඤ්ඤු යනු මේ විවේක ගැනීමේ කාලයය, මේ සමවත් කාලයය මේ දම් දෙසන කාලයය, මේ දනවු සැරිසරණ කාලයයි, මෙසේ කාලය දනියි, පරිසඤ්ඤු යනු මේ පිරිස ක්ෂත්රිය පිරිසය -පෙ මේ පිරිස ශ්‍රමණ පිරිසයයි දනියි, අනුත්තරං යනු නව ලොවුතුරු දහමින් ශ්රේෂ්ඨතමය යනුයි, ධම්මචක්කං යනු ශ්‍රේෂ්ඨ චක්රයයි.
2. දෙවැනි චක්කානුවත්තන සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි පිතරා පවත්තිතං චක්කං යනු සක්විති රජු පැවිදි වූ කල්හි හෝ කළුරිය කළ කල්හි හෝ චක්‍ර රත්නය දින සතක් පමණක් තිබී අතුරුදහන් වෙයි. කෙසේ නම් මෙතෙම එම චක්‍රය අනුපවත්වයි නම් වේද? පියාගේ ප්‍රවේණියෙහි සිට සක්විතිවත් පුරා සක්විති රජකම කරන්නේද පියා විසින් පවත්වන ලද්දම අනුපවත්වයි නමි,