1. කුලුපග සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අසත්‍ථුවිස්සාමි යනු තමන් සමඟ ඇසුරු නොකරන්නවුන් විශ්වාසයට නොපැමිණෙන කල්හි ද විශ්වාස කරයි, අනිස්සරවිපස්සි යනු අධිපතියෙක් නොවීම මෙය දෙවු, මෙය ගනිවු යයි අධිපතියකු මෙන් හඟවයි, වියත්‍ථුපසෙචී යනු විසුරුණු බිඳුණු කුලයන් එක්කිරීම සඳහා ඇසුරු කරයි, උපකණ්ණකජප්පි යනු කණමුලෙහි කථාකරයි, යහපත් පැත්ත කියන ලද්දට විරුද්ධ ලෙසින් දතයුතුය,
2. පච්ඡාසමණ සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි පත්තපරියාපන්නං න ගණහාති යන උපාධ්‍යායවරයා නැවතී සිටි විට තමන්ගේ හිස් පාත්‍රය නොගනියි, එයින් හෝ දෙනු ලබන දෙය නොගනියි, න නිවාරෙති යනු මේ වචනය ඇවතට පැමිණෙන වචනයකැයි නොදනියි, දැන ද ස්වාමීනි මෙබඳු දෙයක් කීමට නොවටීයයි නොවළක්වයි, කථං ඔපාතෙති යනු ඔහුගේ කථාව සිඳ තමාගේ කථාව පිවිසුවයි, ජළො යනු මෝඩයායි, එළමුගො යනු වැගිරෙන කෙල සහිතමුව ඇත්තායි (කෙළතොල්ලායි) තෙවැන්න පැහැදිලිමය.
4. අන්ධකවින්ද සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි සීලවා හොථ යනු සිල්වත්වූවෝ වෙමු, ආරක්ඛසතිනො යන දොරටු රකින සිහියෙන් යුක්තවූවෝයි, නිපකසතිනො යනු දොරටු රකින්නාවූම නුවණින් යුක්ත සිහි ඇත්තාහුයි, සතාරක්ඛෙන සමන්නාගතා යනු සිහිය රකින සිහින් යුක්ත වූයේයි, අප්පභස්සා යනු අඩුකථා ඇත්තෝයි, සම්මාදිට්ඨිකා යනු කම්මස්සකත ධ්‍යාන විදර්‍ශනා මාර්‍ගඵල වශයෙන් පස්වැදෑරුම් වූ සම්‍යදෘෂ්ටියෙන් යුක්තවූවෝයි, තවද ප්‍රත්‍යවෙක්ෂණ ඥානය ද සම්‍යක් දෘෂ්ටියමයි, දතයුතුය.
5. මච්ඡරී සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි ආවාසමච්ඡරි යනු නිවාසයට මසුරු වෙයි, එහි අනුන්ගේ විසීම නොඉවසයි, කුලමච්ඡරි යනු උපස්ථායක කුලයට මසුරු වෙයි, එයට අනුන්ගේ එළඹීම නොඉවසයි, ලාභමච්ඡරි යනු ලාභයට මසුරුවෙයි, අනුනට උපදින එය නොයිවසයි, වණ්ණමච්ඡරි යනු ගුණයට මසුරු වෙයි, අනුන්ගේ ගුණ වැණුම නොඉවසයි, ධම්මමච්ඡරි යනු පර්යාප්ති ධර්‍මයට මසුරු වෙයි, අනුනට දීමට කැමැති නොවෙයි,
6-7. වණ්ණා ආදි සූත්‍ර වර්ණනා
සයවැන්නෙහි සද්ධාදෙය්‍යං විනිපාතෙති යනු අනුන් විසින් සැදැහැයෙන් දෙන ලද පිණ්ඩපාතයෙන් අගය නොගෙන අනුනට දෙයි, සත්වැන්නෙහි ඉස්සුකිනි යනු ඊර්‍ෂ්‍යාවෙන් යුක්ත වූවෝයි, සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.
දෙවැනි වර්‍ගයයි.
3. ගිලාන වර්ගය
4. ගිලානූපට්ඨාක සූත්‍ර වර්ණනාව
තෙවැනි වර්‍ගයෙහි සිවුවැන්නෙහි න පටිබලො යනු ශරීර බලයෙන් ද ඥානබලයෙන් ද යුක්ත නොවූයේයි, ආමිසන්තරො යනු ආමිෂය හේතුකොට ඇත්තේයි, සිවුරු ආදිය බලාපොරොත්තු වන්නේයි,
5-6. ප්‍රථම අනායුස්සා ආදි සූත්‍ර වර්ණනා
පස්වැන්නෙහි අනායුස්ස යනු ආයුෂ සිඳින්නා වූ, ආයුෂ නොවඩන්නාවූයි, සයවැන්නෙහි මේ ක්‍රමයමැයි,
7. වපකාස සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි නාලං සඞ්ඝමහා වපකාසිතුං යනු සමූහයාගෙන් නික්ම එක්ව විසීමට නොසුදුයි, ඒකාන්තයෙන්ම මෙතෙම සඟ මැද ද විසීමට නොසුදුසු වූයේමය. සඞ්ඝසොභනයෙන් තොර බැවින් අවවාද අනුශාසනයන්ට ප්‍රතිබද්ධව ඇති බැවින් ඒකාන්තයෙන්ම සංඝයාගෙන් වෙන්ව විසීමට නොසුදුසුවූයේයි, අලං සඞ්ඝමහා වපකාසිතුං යනු සිවු දිගට අයත් බැවින් සංඝයාගෙන් නික්ම තනිව විසීමට සුදුසුවූයේයි. සංඝ ශොභන ගුණයෙන් යුක්ත බැවින් සංඝයා කෙරෙහි විසීමට ද සුදුස්සේය, අටවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය,
9. පරිකුප්ප සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි අපායිකා යනු අපායට යන්නෝයි, නෙරයිකා යනු නිරයට යන්නෝයි, පරිකුප්පා යනු මතුව එන ස්වභාවය ඇත්තෝයි, පැරණි තුවාල වැනිවූවෝයි, අතෙකිච්ඡා යනු පිළියම් නොකළ හැකිවූවෝයි, දසවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
තෙවැනි වර්‍ගයයි.
4. රාජ වර්ගය
1. ප්‍රථම චක්කානුවත්තන සූත්‍ර වර්ණනාව
සතරවැනි වර්ගයෙහි පළමු සූතයෙහි ධම්මෙන යන දශකුශලධර්‍මයෙනි, චක්කං යනු ආඥාචක්‍රයයි, අත්‍ථඤ්ඤු යනු හේතුව දනියි, ධම්මඤ්ඤු යනු ප්‍රවෙණිධර්‍මය දනියි, මත්තඤ්ඤු යනු දඬුවමෙහි හා අය බද්දෙහි ප්‍රමාණය දනියි, කාලඤ්ඤු යනු රජසුව විඳින කාලය, විනිශ්චය කරන කාලය, හා දනවු සැරිසරන කාලය, දනියි, පරිසඤ්ඤු යනු මේ ක්ෂත්‍රිය පිරිසය, මේ බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර පිරිසයයි දනියි,
තථාගතයන් වහන්සේ පිළිබඳ වාරයෙහි අත්‍ථඤ්ඤු යනු පස්වැදෑරුම් අරුත් දනියි, ධම්මඤුඤු යනු සතර ධර්‍මයන් දනියි, මත්තඤ්ඤු යනු සිවුපසෙහි පිළිගැනීමේ හා පරිභෝග කිරීමේ පමණ දනියි, කාලඤ්ඤු යනු මේ විවේක ගැනීමේ කාලයය, මේ සමවත් කාලයය මේ දම් දෙසන කාලයය, මේ දනවු සැරිසරණ කාලයයි, මෙසේ කාලය දනියි, පරිසඤ්ඤු යනු මේ පිරිස ක්ෂත්‍රිය පිරිසය -පෙ මේ පිරිස ශ්‍රමණ පිරිසයයි දනියි, අනුත්තරං යනු නව ලොවුතුරු දහමින් ශ්‍රේෂ්ඨතමය යනුයි, ධම්මචක්කං යනු ශ්‍රේෂ්ඨ චක්‍රයයි.
2. දෙවැනි චක්කානුවත්තන සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි පිතරා පවත්තිතං චක්කං යනු සක්විති රජු පැවිදි වූ කල්හි හෝ කළුරිය කළ කල්හි හෝ චක්‍ර රත්නය දින සතක් පමණක් තිබී අතුරුදහන් වෙයි. කෙසේ නම් මෙතෙම එම චක්‍රය අනුපවත්වයි නම් වේද? පියාගේ ප්‍රවේණියෙහි සිට සක්විතිවත් පුරා සක්විති රජකම කරන්නේද පියා විසින් පවත්වන ලද්දම අනුපවත්වයි නමි,