7-8. සීලසම්පන්න ආදි සූත්ර වර්ණනා
විමුත්ති යනු අරහත්තඵල විමුක්තියයි, ඥානදර්ශනය වූ ප්රත්යවෙක්ෂණ ඥානය ලෞකිකමය, අටවැන්නෙහි ද මේ ක්රමයමැයි, මෙහි ප්රත්යවෙක්ෂණ ඥානය අශෛක්ෂයාට පැවති බැවින් අශෛක්ෂ යයි කියනු ලැබේ.
9-10. චාතුද්දිස ආදි සූත්ර වර්ණනා
නවවැන්නෙහි චාතුද්දිසො යනු සිවු දිශාවන්හි නොවළක්වන ලද හැසිරීම් ඇත්තේයි, මේ සූත්රයෙහි ද ක්ෂීණාශ්රවයාවම කියන ලදි, දසවැන්නෙහි අලං යනු සුදුසු වූයේයි, මෙහි ද ක්ෂීණාශ්රවයාම කියන ලදි.
පළමුවැනි වර්ගයයි.
2. අන්ධකවින්ද වර්ගය
1. කුලුපග සූත්ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි අසත්ථුවිස්සාමි යනු තමන් සමඟ ඇසුරු නොකරන්නවුන් විශ්වාසයට නොපැමිණෙන කල්හි ද විශ්වාස කරයි, අනිස්සරවිපස්සි යනු අධිපතියෙක් නොවීම මෙය දෙවු, මෙය ගනිවු යයි අධිපතියකු මෙන් හඟවයි, වියත්ථුපසෙචී යනු විසුරුණු බිඳුණු කුලයන් එක්කිරීම සඳහා ඇසුරු කරයි, උපකණ්ණකජප්පි යනු කණමුලෙහි කථාකරයි, යහපත් පැත්ත කියන ලද්දට විරුද්ධ ලෙසින් දතයුතුය,
2. පච්ඡාසමණ සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි පත්තපරියාපන්නං න ගණහාති යන උපාධ්යායවරයා නැවතී සිටි විට තමන්ගේ හිස් පාත්රය නොගනියි, එයින් හෝ දෙනු ලබන දෙය නොගනියි, න නිවාරෙති යනු මේ වචනය ඇවතට පැමිණෙන වචනයකැයි නොදනියි, දැන ද ස්වාමීනි මෙබඳු දෙයක් කීමට නොවටීයයි නොවළක්වයි, කථං ඔපාතෙති යනු ඔහුගේ කථාව සිඳ තමාගේ කථාව පිවිසුවයි, ජළො යනු මෝඩයායි, එළමුගො යනු වැගිරෙන කෙල සහිතමුව ඇත්තායි (කෙළතොල්ලායි) තෙවැන්න පැහැදිලිමය.
4. අන්ධකවින්ද සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි සීලවා හොථ යනු සිල්වත්වූවෝ වෙමු, ආරක්ඛසතිනො යන දොරටු රකින සිහියෙන් යුක්තවූවෝයි, නිපකසතිනො යනු දොරටු රකින්නාවූම නුවණින් යුක්ත සිහි ඇත්තාහුයි, සතාරක්ඛෙන සමන්නාගතා යනු සිහිය රකින සිහින් යුක්ත වූයේයි, අප්පභස්සා යනු අඩුකථා ඇත්තෝයි, සම්මාදිට්ඨිකා යනු කම්මස්සකත ධ්යාන විදර්ශනා මාර්ගඵල වශයෙන් පස්වැදෑරුම් වූ සම්යදෘෂ්ටියෙන් යුක්තවූවෝයි, තවද ප්රත්යවෙක්ෂණ ඥානය ද සම්යක් දෘෂ්ටියමයි, දතයුතුය.
5. මච්ඡරී සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි ආවාසමච්ඡරි යනු නිවාසයට මසුරු වෙයි, එහි අනුන්ගේ විසීම නොඉවසයි, කුලමච්ඡරි යනු උපස්ථායක කුලයට මසුරු වෙයි, එයට අනුන්ගේ එළඹීම නොඉවසයි, ලාභමච්ඡරි යනු ලාභයට මසුරුවෙයි, අනුනට උපදින එය නොයිවසයි, වණ්ණමච්ඡරි යනු ගුණයට මසුරු වෙයි, අනුන්ගේ ගුණ වැණුම නොඉවසයි, ධම්මමච්ඡරි යනු පර්යාප්ති ධර්මයට මසුරු වෙයි, අනුනට දීමට කැමැති නොවෙයි,
6-7. වණ්ණා ආදි සූත්ර වර්ණනා
සයවැන්නෙහි සද්ධාදෙය්යං විනිපාතෙති යනු අනුන් විසින් සැදැහැයෙන් දෙන ලද පිණ්ඩපාතයෙන් අගය නොගෙන අනුනට දෙයි, සත්වැන්නෙහි ඉස්සුකිනි යනු ඊර්ෂ්යාවෙන් යුක්ත වූවෝයි, සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.