4. මනාපදායී සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි උග්ගො යනු ගුණයෙන් උස්ව සිටි බැවින් මෙසේ ලබන ලද නම ඇත්තේයි: සාලපුප්ඵකං ඛාදනීයං යනු චතුමධුරය යෙදූ හැල්පිටිවලින් කළ සල්මල් වැනි වූ කෑයුතු දෙයයි, එය ද පෙනෙනු ලබන (පරිද්දෙන්) නැටි පත් රේණු තබා දුරු වර්ගවලින් යුතු ගිතෙලෙහි උයා ගිතෙල හරවා ලොකු සැලියක බහා සුවඳ කවා වසා මුද්‍රා තබා තබන ලද්දේ වෙයි, හෙතෙම එය කැඳ පානය කොට හුන්නාවූ බුදුරජාණන් වහන්සේට බතට අනතුරුව දෙනු කැමැත්තේ මෙසේ කීය, පටිග්ගහෙසි භගවා යනු මෙය දෙශනා මාත්‍රයකි, උවසුතෙමේ එය භාග්‍යවතුන් වහන්සේට ද පන්සියයක් භික්ෂූන්ට ද දුන්නේය, යම්සේ එය (දුන්නේද) එසේ සූකරමාංශාදිය ද දුන්නේය. එහි සම්පත්තකොලකං යනු හටගත් ඩෙබර ගෙඩියි, සුකරමංසං යනු මිහිරි රසැති ඩෙබර (මසන්) සමඟ දුරු වර්ග යොදා පිසුවා වූ අවුරුද්දක් ගතවූ සූකර මාංශයයි, නිබද්ධතෙලං යනු හරනා ලද තෙලයි, නාළියා සාකං යනු හාල්පිටි සමඟ මිරිකා දුරුවර්ග සහිත ගිතෙලෙහි පිස චතුමධුර යොදා සුවඳ ගල්වා තබනලද බඳුන්වල වැඩූ එළවුලුවයි, නෙතං භගවතො කප්පති යනු මෙහි අකැපදෙය අරභයා කැපදෙය ද නොකැපයයි කියන ලදි, සිටුතෙමේ ඒ සියල්ල ගෙවා ගොඩවල් කොට යමක් යමක් අකැප වේද ඒ ඒ දෙය වෙළඳ සැලට යවා කැපවූ උපභොග පරිභොග දෙය දුන්නේය, ඉතා මහත් නොවූ රියන් දෙකහමාරක් දිගැති රියන් එකහමාරක් පළලැති සඳුන් පුවරුව හරවත් උතුම් භාණ්ඩයක් වූ බැවින් මහත් වටිනා දෙයක් වූයේය, භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන කෑලිවලට කඩවා භික්ෂූන්ට අඳුන් කුඩු සඳහා දෙවූ සේක.
උජ්ජුභූතෙසු යනු කය වචන හා සිතෙන් සෘජු වූවන් අතරෙහිය, ඡන්දසා යනු ප්‍රේමයෙනි, චත්තං යනාදියෙහි පරිත්‍යාග වශයෙන් අත්හළ දෙයයි, අත්හළ ත්යාගවත්බව නිසා මුත්තං නමි, බලාපොරොත්තු රහිත සිත ඇති බැවින් සිතෙන් නොම නොගන්නා ලදැයි අනග්ගහිතං නමි, ඛෙත්තුපමෙ යනු වැඩෙන අරුතින් කෙතක් බඳු වූ දෙයෙහියි,
අඤ්ඤතරං මනොමයං යනු සුද්ධාවාසයන් අතුරෙහි ධ්‍යාන මනසින් උපන් දේවකායකි, යථාධිප්පායො යනු අදහස පරිද්දෙනි, මෙයින් කුමක් අසයිද? ඔහුට මිනිස් කාලයෙහි රහත්බව සඳහා අදහසක් වූයේය, එය අසමැයි අසයි, දිව්‍යපුත්‍රයා ද රහත්බවට පැමිණි බැවින් “තග්ඝ මෙ භගවා යථාධිප්පායො”යි කීවේය. යත්ථ යත්ථුප්පජ්ජති යනු ත්‍රිවිධ කුල සම්පත්තීන්හි හෝ කාමස්වර්ග සයෙහි හෝ යම් යම් තැනක උපදියි ද ඒ ඒ තන්හි දීර්ඝායු ඇත්තේ කීර්ති ඇත්තේ වී උපදියි. පස්වැන්න චතුක්ක නිපාතයෙහි කියන ලද අයුරින් දතයුතුය, සවැනි සත්වැනි සූත්‍ර පැහැදිලි අරුත් ඇත්තේමය.
8. අලබ්භනීයඨාන සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි අලබ්භනීයානි යනු නොලැබිය හැකි දේයි, ලැබීමට නොහැකිය, ඨානානි යන කරුණුයි, ජරාධම්මං මා ජිරී යනු මගේ යම් ජරා ස්වභාවයක් වේද එය නොදිරවායි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි, නච්ඡාදෙය්ය යනු කැමැති නොවන්නේය, අබ්බහී යනු ඉවත් කළේය,
යතො යනු යම් කලෙකයි, ආපදාසු යනු උපද්රවයන්හියි, න වෙධති යනු නොසැලෙයි නොතැවෙයි, අත්ථවිනිච්ඡයඤ්ඤු යනු හේතු අර්ත්ථ විනිශ්චයෙහි දක්ෂවූයේයි, පුරාණං යනු වෙනසට පත්නොවූ බැවින් පෞරාණික වූයේයි, ජප්පෙන යනු ගුණ කීමෙනි, මත්තෙන යනු මහානුභාව මන්ත්‍ර පැවැත්වීමෙනි, සුභාසිතෙන යනු යහපත් කථා කිරීමෙන්, අනුප්පදානෙන යනු සියයකට හෝ දහසකට හෝ දීමෙනි, පවෙණියා වා යනු කුලවංශයෙන් හෝයි, මෙය අපගේ පරපුරෙහි පුරුදු කරන ලදි, මෙය පුරුදු නොකරන ලදැයි මෙසේ ප්‍රවෙණිය දැක්වීමෙනැයි අරුත්ය, යථා යථා යත්ථ ලභෙථ අත්ථං යනු මේ මන්ත්‍ර ජල්පන ආදියෙහි යම් යම් දෙයකින් යම් යම් තැනක ජරාධර්මාදීන්ගේ නොදිරීම් ආදී අර්‍ත්‍ථයක් ලබන්නේද යනුයි, තථා තථා තත්ථ පරක්කමෙය්‍ය යනු ඒ ඒ තැන උත්සාහ කරන්නේය, කම්මං දළ්හං යනු සංසාරගාමී කර්මය මවිසින් ස්ථිර කොට රැස්කරන ලදි. ඒ මම කුමක් කරමිදැයි මෙසේ මෙනෙහි කොට ඉවසන්නේය.
9. කොසල සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි උපකණ්ණකෙ යනු කණ මූලෙහිය, දුම්මනො යනු දූෂිත වූ සිත් ඇත්තේය, පත්තක්ඛන්ධො යනු වැටුණු කඳ (සිරුර) ඇත්තේය, පජ්ඣායන්තො යනු සිතන්නේය, අප්පටිභානො යනු ප්‍රතිභානය (වැටහීම) නැත්තෙක් වීය, සෙස්ස යට කියන ලද ක්‍රමය ඇත්තේමය.
10. සෝකසල්ලහරණ සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අජ්ඣොමුච්ඡිතො යනු දැඩිසේ මුර්ඡා වූයේයි. ගිලී නිමවා ඝන ස්වභාවය ඇති වැඩිමනත් වූ මුර්ඡා සංඛ්‍යාත තෘෂ්ණාවෙන් යුක්තවූයේයි, මහච්චරාජානුභාවෙන යනු මහත් වූ රාජානුභාවයෙනි, අටළොස් ශ්‍රේණීන්ගෙන් පරිබාහිර වූ මහත්වූ රාජ බලයෙන් යැවීයයි අරුත්ය, තග්ඝ යනු ඒකාන්ත යන අරුත් ඇති නිපාතයෙකි, ඒකාන්තයෙන්ම සෝතැවුල් දුරුකරන්නේයි අරුත්ය, මෙසේ රජ තෙමේ මේ අවවාදය අසා එහි සිටියේ දැහැමින් සෙමෙන් රාජ්‍යය කරවා ස්වර්ගය පිහිටකොට ඇත්තේ විය.
පස්වැනි වූ මුණ්ඩරාජ වර්ගයයි.
පළමු පණ්ණාසකය නිමියේයි.
2. දෙවැනි පණ්ණාසකය
1. නීවරණ වර්ගය
1. නීවරණ සූත්‍ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි වැසීම් වශයෙන් ආවරණා නමි, අවහිර කිරීම් වශයෙන් නීවරණා නමි, චෙතසො අජ්ඣාරුහා යනු සිතට නැගුණුයි, විදර්ශනා ප්‍රඥාවේ ද මාර්ග ප්‍රඥාවේ ද උපත වළහන අරුතින් දුර්වල කෙරෙත්නුයි පඤ්ඤාය දුබ්බලීකරණා නමි, මේවා සමඟ ගැවසුණු යම් ප්‍රඥාවක් උපදියි ද එය දුර්වල කෙරෙත්නුයි පඤ්ඤායදුබ්බලීකරණා නමි, අබලාය යනු පංච නීවරණයන්ගෙන් වැසුණු බැවින් පහවූ බලය ඇත්තාවූයි, උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං යනු දශකුශල කර්මපථ සංඛ්‍යාත වූ මනුෂ්‍ය ධර්මයන්ගෙන් මත්තෙහි ආර්යභාවය (ඇති) කිරීමට සමර්ත්ථ ඥානදර්ශන විශේෂයයි, හාරහාරීණී යනු අත්හළයුත්ත අතහැරීමට සමර්ත්ථවූයි, නඞ්ගලමුඛානි යනු ජලමාර්ගයි, ඒවා නඟුලට සමාන බැවින් හෝ නඟුල්වලින් කරනලද බැවින් නඞ්ගලමුඛානියි කියනු ලැබෙත්,