7. සමාධි සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි අප්පමාණං යනු ප්රමාණ කරන ධර්මයන්ගෙන් තොරවූ ලෝකෝත්තරත්වයයි, නිපකා පතිස්සතා යනු නුවණින් ද සිහියෙන් ද යුක්ත වූවාහු වීයි, පඤ්චඤාණානි යනු පස් වැදෑරුම් ප්රත්යවෙක්ෂණ ඥානයෝයි, පච්චත්තංයෙව උප්පජ්ජන්ති යනු තමා කෙරෙහිම උපදිත්, අයං සමාධී පච්චුප්පන්නසුඛො චෙව යනාදියෙහි අරහත්ඵල සමාධිය අදහස් කරන ලදි, මාර්ග සමාධියයි ද කියත්, එය වනාහි (සමාධියට) නැංවු නැංවූ කෙණෙහි සුව ඇති බැවින් පච්චුප්පන්නසුඛො නමි, කලින් කලින් වූ දෙය පසුව පසුව වන සමාධි සුඛයට ප්රත්යය වන බැවින් ආයතිං සුඛවිපාකො නමි, කෙලෙසුන්ගෙන් දුරු වූ බැවින් අරියො නමි, කාමාමිෂ සංසාරාමිෂ ලෝකාමිෂයන්ගේ නැතිවීමෙන් නිරාමිසො නමි, බුද්ධාදී මහා පුරුෂයන් විසින් සෙවුනාලද බැවින් අකාපුරිසසෙවිතො නමි, අවයව සංසිඳීමෙන් ද අරමුණු සංසිදීමෙන් ද සියලු කෙලෙස් තැවුල් සංසිඳීමෙන් ද සන්තො නමි, නොතැවෙන අරුතින් පණිතො නමි, කෙලෙස් සංසිඳීමෙන් ලද බැවින්, කෙලෙස් සංසිඳීම ලද බැවින් හෝ පටිප්පස්සද්ධිලද්ධො නමි, පටිප්පස්සද්ධං පටිප්පස්සද්ධි යන මෙය අර්ත්ථ වශයෙන් එකකි, සංසිඳුනු කෙලෙසුන් ඇති රහතන් වහන්සේ විසින් ලද බැවින් ද පටිප්පස්සද්ධලද්ධො නමි, එකඟ බවින් අවබෝධ කළ බවින් හෝ එකඟ බවම ලද බවින් එකොදිභාවාධිගතො නමි, නොවඩනලද ආශ්රව සහිත සමාධිය මෙන් අනුන්ගේ මෙහෙයවීම ඇති ප්රයෝග සහිත සිතින් විරුද්ධ ධර්මයන් පෙළා කෙලෙසුන් වළක්වා අවබෝධ නොකළ බැවින් න ස සඞ්ඛාරනිග්ගය්හවාරිතවතො නමි, ඒ සමාධියට සමවදින්නේ එයින් නැඟී සිටින්නේ හෝ සිහිය මහත්බවට පත් බැවින් සිහියෙන්ම සමවදියි, සිහියෙන්ම නැගිටියි, යම්සේ සීමා කළ කාලවශයෙන් හෝ සිහියෙන් සමවදියි ද සිහියෙන් නැඟී සිටියි ද එබැවින් මෙහි මෙම සමාධිය වර්තමාන සැප ඇත්තේ මෙන්ම අනාගතයෙහි සැප විපාක ඇත්තේ යයි මෙසේ ප්රත්යවෙක්ෂා කරන්නහුට ඉහාත්මයෙහිම අපරප්පච්චය ඤාණය උපදියි, එය එක් ඥානයකි, සෙසුතන්හි ද මෙම ක්රමයයි, මෙසේ මේ ඥාන පස ඉහාත්මයෙහිම උපදියි.
8. පඤ්චඞ්ගිකසමාධි සූත්ර වර්ණනාව
අටවැන්නෙහි අරියස්ස යනු යටපත් කිරීම් වශයෙන් ප්රහීන වූ කෙලෙසුන්ගෙන් දුරුව සිටියහුගේයි, භාවනං දෙසෙස්සාමි යනු වැඩීම, දියුණුව ප්රකාශ කරන්නෙමි, ඉමමෙව කායං යනු මේ භෞතික ශරීරයයි, අභිසන්දෙති යනු තෙමයි, තෙත්කරයි, හැමතැනම පැවති ප්රීතිසුඛය ඇතිකරයි, පරිසන්දෙති යනු හාත්පසින් තමයි, පරිපූරෙති යනු සුළඟින් පසුම්බියක් මෙන් කරයි, පරිප්ඵරති යනු හාත්පසින් ස්පර්ශ කරයි, සබ්බාවතො කායස්ස යනු ඒ භික්ෂුවගේ සියලු කොටස් ඇති ශරීරයේයි, උපාදින්නරූප (භෞතික) සන්තතිය පැවති තැන්හි සම්-මස්-ලේ අනුව ගිය අණුමාත්ර වූ ද, තැනක් ප්රථමධ්යාන සුවයෙන් නොපැහැසී සිටියේ නම් නොවෙයි,
දක්ඛො යනු නහනසුණු කිරීමට ද, යෙදීමට ද, ඇතිල්ලීමට ද දක්ෂ වූ හැකියාව ඇත්තායි, කංසථාලෙ යනු යම් කිසි ලෝහයකින් කළ බඳුනෙකයි, මැටි බඳුන වනාහි ස්ථිර නොවෙයි, අතුල්ලනවිට බිඳෙයි, එබැවින් එය නොදැක්වූයේය. පරිප්ඵොසාකං පරිප්ඵොසාකං යනු තෙම තෙමා (ඉසඉස)යි, සන්නෙය්ය යනු වමතින් රන්තලිය ගෙන දකුණු අතින් ඇති පමණ දිය ඉස ඉස මඩිමින් ගුලියක් කරන්නේය, සෙනහානුගතා යනු දිය තෙතමනයට අනුගතවූයි, සෙනහපරෙතා යනු දිය තෙතමනින් යුක්තවූයි, සන්තරබාහිරා යනු ඇතුල් පෙදෙස මෙන්ම පිට පෙදෙස ද සමගය, හැම තැන්හිම දිය තෙතමනින් පැහැසී සිටියේයි අරුත්ය, න ච පග්ඝරති යනු මෙයින් දිය නොවැගිරෙයි, අතිනුදු දෙඇඟිලිවලිනුදු ගැනීමට, කුසපටෙහි දැමීමට ද හැකි වෙයි, යන අර්ථයයි,
ද්විතීය ධ්යාන සුඛය පිළිබඳ උපමාවෙහි උබ්හිදොදකො යනු උඩට මතුවන දියයි, යටින් මතුව උඩට එන දිය නොව ඇතුළතම උපදින දිය යන අරුත්ය, ආයමුඛං යන එන මාර්ගයයි, දෙවො යන වළාවයි, කාලෙන කාලං යනු අඩමසකට වරක් හෝ දසදිනකට වරක් හෝ යන අරුත්ය, ධාරං යනු වැස්සයි, නානුප්පවෙච්ඡෙය්ය යනු නොපිවිසෙයි, නොවසින්නේය යන අරුත්ය, සීතා වාරිධාරා උබ්හිජ්ජිත්වා යනු සීතල ජලදහර ඒ විල පුරවමින් ඉපිදයි, යටින් මතුවන ජලය මතුවී බිඳෙන ජලය කලඹයි, සිවු දිගින් පිවිසෙන ජලය පැරණි කොල තණ ලී දඬු ආදියෙන් දිය කලඹයි, වැසිදිය දහර වැටීමෙන් ඇතිවන බුබුලින් දිය කළඹයි, හුන් පරිද්දෙන්ම වී සෘද්ධියෙන් නිමවූවක් මෙන් උපදින දිය මේ පෙදෙස පැතිර සිටියි, මෙපෙදෙස පැතිර නොපවතියි නම් නොවෙයි, එම දියෙන් නොපැහැසුණු තැනක් නම් නොවෙයි, එහි විල මෙන් කරජකායයි, දිය මෙන් ද්විතීය ධ්යාන සුවයයි, සෙස්ස මුල්ක්රමයෙන් ම දතයුතුයි,
තෘතීය ධ්යාන සුඛය පිළිබඳ උපමාවෙහි උපුල් මෙහි ඇතැයි උප්පලිනී නමි, සෙසුපද දෙකෙහි ද මේ ක්රමයමයි, මෙහි ද සුදු රතු නිල් ආදිය අතුරෙහි යම් කිසිවක් වේද එය උපුලමය, උනුසියපත පුණ්ඩරීක යයි සියපත පදුමයයි, පත් නියමක් නැතිව වුවද සුදු පදුමය රතු පුණ්ඩරීක යයි යන මෙය මෙහි විනිශ්චයයි, උදකා අනුග්ගතානි යනු දියෙන් මතු නොවුයි, අන්තොනිමුග්ගපොසිනී යනු දිය තලයේ ඇතුළත නිමග්න වී පෝෂණය වෙත් වැඩෙත් යනු අර්ත්ථයි, සෙස්ස මුල් ක්රමයෙන්ම දතයුතුය,