1. පාපභික්ඛු සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අපි නු තං ආනන්ද අධිකරණ යනු විවාදාධිකරණයන් අතුරින් එක්තරා අධිකරණයක් භික්ෂු සංඝයාට උපන්නේය, ශාස්තෲන් වහන්සේ එය සංසිඳුණු බව විමසන සේක් මෙසේ පැවසූ සේක. කුතො තං භන්තෙ යනු ස්වාමීනි කුමකින් කුමක් කවර කරුණකින් එය සංසිඳෙන්නේදැයි පවසයි. කෙවලකප්පං යනු සියල්ල, හාත්පසින් යනුයි, සඞ්ඝභෙදාය ඨිතො යනු සඞ්ඝයා සමග වාදය සඳහා කියන ලද යළි කියමින්ම සිටියේයි, තත්ථායස්මා යනු ඔහු එසේ සිටිකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ යනුයි, න එකවාචිකම්පි භණිතබ්බං මඤ්ඤති යනු ඇවැත්නි, සංඝයා සමඟ මෙසේ නොකියවයි එක්වචනයකුදු කියයුතු කොට නොහඟියි, වොයුඤ්ජති යනු යෙදෙයි, අනුයෝගයට එළඹෙයි, අත්ථවසෙ යන කරුණු පිළිබඳවයි, නාසිස්සන්ති යනු උපොසථපවාරණයන්ට එළඹීමට නොදී පිටකරත් (ඇද දමත්) සෙස්ස පෙළ වශයෙන්ම දතයුතුය.
2. ආපත්තිභය සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි ඛුරමුණ්ඩං රිත්වා යනු කුඩුම්බි පසක් තබා කුරයෙන් මුඬු කොටයි, බරස්සරෙන යනු රළු හඩිනි, පණවෙන යනු වාදා බෙරයෙනි, ථලට්ඨස්ස යනු එකත්පසෙක සිටියහුගේයි, සීසච්ඡෙජ්ජං යනු හිසසිඳීමට සුදුසුවූයි, යත්රහිනාම යනු යමකු නම් යනුයි, සො වතස්සං යනු ඒ මම වෙමි යනුයි, මෙබඳු වූ පාපයක් නොකරන්නෙමි යන අර්ත්ථයයි, යථා ධම්මං පටිකරිස්සති යනු ධර්මානුරූපව පිළියම් කරයි සාමණේර භූමියෙහි සිටින්නේ යයි අරුත්ය, කාළකං වත්ථං පරිධාය යනු කළු වැරහැල්ලක් හැඳයි, මොසල්ලං යනු මොහොලෙන් තැලීමට සුදුසුවූයි, යථාධම්මං යනු මෙහි ඇවතින් නැඟිට පිරිසුදු බවෙහි පිහිටන්නේ ධර්මානුකූලව කටයුතු කරයි නමි, අස්සපුටං යනු අලු පොදියයි, ගාරය්හං අස්සපුටං යනු ගැරහිය යුතු අලු පොදියකින් හිසෙහි ගසා නැසීමට සුදුසුවූයි, යථාධම්මං යනු මෙහි ඇවත දෙසන්නේ ධර්මානුකූලව කරයි නමි, උපවජ්ජං යනු නින්දාවට සුදුසු වූයි, පාටිදෙනීයෙසු යනු නැවත දෙසිය යුත්තෙහියි, මෙයින් සියලු ඇවැත් එක්කොට ගන්නා ලදි, ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි ආපත්තිභයානි යනු මහණෙනි, මේ සතර පැවැති නිසා උපදින බිය නම් වෙයි.
3. සික්ඛාපදානිසංස සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි ශික්ෂා ආනිසංශයෝ මෙහිනුයි සික්ඛානිසංසං නමි, විමුක්තිසාරය මෙහිනුයි විමුත්තිසාරං නමි, සිහියේ බලය මෙහිනුයි සතාධිපතෙය්යං නමි, ශික්ෂාපද සංඛ්‍යාත වූ මේ ආනිසංශාදිය සඳහා මෙසේයයි කියන ලද්දේ වෙයි, ආභිසමාචාරිකා යනු උතුම් සමාචාරයට අයත්දැයයි, වත්වශයෙන් පැනවුණු ශීලයට මෙය නමෙකි, තථා තථා සො තස්සා සික්ඛාය යනු ඒ ඒ අයුරින් ඒ ශික්ෂාකාමී භික්ෂුව එම ශික්ෂා පදයෙහියි,
ආදිබ්රහ්මචරියකා යනු මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ සතර මහා ශීලයන්ට මෙය නමෙකි, සබ්බසො යනු සර්වාකාරයෙනි, ධම්මා යනු සිවුසස් දහම්ය, පඤ්ඤාය සමවෙක්ඛිතා හොන්ති යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දෝ වෙත්, විමුත්තියා ඵස්සිතා හොන්ති යනු අරහත්තඵල විමුක්තියෙන් ඥානස්පර්‍ශයෙන් ස්පර්ශ කරන ලද්දෝ වෙත්, අජඣත්තංයෙව සති සුපට්ඨිතා හොති යනු ස්වකීය අධ්‍යාත්මයෙහි සිහිය මනාව එළඹ සිටියේ වෙයි, පඤ්ඤාය අනුග්ගහෙස්සාමි යනු විදර්ශනා ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි, පඤ්ඤාය සමවෙක්ඛිස්සාමි යනු මෙහි වනාහි මාර්ග ප්‍රඥාවම අදහස් කරන ලදි.