2. දෙවන කර්ම සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි සව්යාපජ්ඣං යනු ද්වේෂ සහගතවූයි, කායසංඛාරං යනු කායද්වාරයෙහි චෙතනාවයි, අභිසඞ්කරොති යනු රැස්කරයි, එකතුකරයි, සෙසු දෙකෙහි ද මේ ක්රමයමැයි, සව්යාපජ්ඣං ලොකං යනු දුක්සහිත ලෝකයයි, සව්යාජඣා ඵස්සා යනු දුක්සහිතවූ විපාක ස්පර්ශයයි, සව්යාපජ්ඣං වෙදනං වෙදියති යනු ආබාධ සහිත විපාක වේදනාව විඳියි, එකන්තදුක්ඛං යනු ඒකාන්තයෙන්ම දුකයි, සුවමුසුවූවක් නොවේ. සෙය්යථාපි සත්තා නෙරයිකා යනු මෙහි සෙය්යථාපි යනු නිදර්ශනාර්ථයෙහි නිපාතයෙකි, එයින් හුදෙක් නිරාගත සතුන් දක්වයි, ඊට සමාන වූ වෙනත් අය නම් නැත. මේ ක්රමයෙන් සියලු තැන අර්ථය දතයුතුයි, සෙය්යථාපි මනුස්සා යනාදියෙහි මිනිසුන්ට කලෙක සුඛවේදනාව උපදියි, කලෙක දුක්ඛවේදනාව උපදියි, එකච්වෙව දෙවා යනු මෙහි කාමාවචර දෙවිවරු දැක්විය යුත්තාහ, ඔවුනට වනාහි මහෙසාඛ්යතර වූ දෙවියන් දැක හුන් අසුනෙන් නැගිටීම, පෙරවූ උතුරු සළුව පහත හෙළීම, ඇඳිලි බැඳීම ආදි වශයෙන් කලෙක දුක් උපදියි, දිව සැපත් විඳින්නවුනට කලෙක සැපයයි, එකච්වෙ ව විනිපාතිකා යනු මෙහි විමාන ප්රේතයෝ දැක්විය යුත්තාහ, ඔවුහු නිරන්තරයෙන්ම එක් කලෙක සැපය ද එක් කලෙක දුක ද විඳිත්, නාග සුපර්ණ හස්ති අශ්වාදීහු මිනිසුන්ගෙන් මිශ්ර වූ සුවදුක් ඇත්තෝම වෙති, පහානාය යා චෙතනා යනු මෙහි නිර්වාණගාමී මාර්ගචෙතනාව දතයුතුය, එය කර්මක්ෂය සඳහා පවතියි.
3. තෙවන කර්ම සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි සිඛාමොග්ගල්ලානො යනු හිස මැද පිහිටි මහත් සිළුවකින් යුක්ත වූ මොග්ගලාන ගොත්රයෙහි වූ බමුණායි, පුරිමානි යනු අතීතයට අනතුරු දිනයෙහි පටන් පුරිමානි (මුලින්වූ) නමි, දෙවැනි දින ආදියෙහි සිට පුමතරානි යි දතයුතුය, සොනකායනො යනු ඔහුත්ම අතවැසියායි, කම්මසච්චායං භො ලොකො යනු භවත්නි, මේ ලෝකය කර්මය ස්වභාවකොට ඇත්තේය, කම්මසමාරම්හට්ඨායි යනු කර්මය ඇරඹීමෙන් සිටියි, කර්මය රැස්කරන්නේම සිටියි, රැස් නොකරන්නේ විනාශ වේ යයි දක්වයි. සෙස්ස යට කියන ලද ක්රමය ඇත්තේමය,
4. සිවුවන කර්ම සූත්ර වර්ණනාව
සතරවැන්න ආදිය ද පැහැදිලි අරුත් ඇත්තේමය, මාර්ගාඞ්ගයන්හි වනාහි යම්හෙයකින් සිහියෙන් එළවා ප්රඥාවෙන් පිරිසිඳියි ද එහෙයින් දෙකම කර්මයයි, සෙස්සෝ අංගයෝම වෙති, කර්ම නොවෙතියි කියන ලදි, බොධ්යංගයන්හි මේ ක්රමයමයි, අභිධර්මයෙහි වනාහි මේ සියල්ල අවිශේෂයෙන් චේතනා සම්ප්රයුක්ත කර්මයකැයි වර්ණිතය.
10. සමණ සූත්ර වර්ණනාව
දසවැන්නෙහි ඉධෙව යනු මේ සසුනෙහිමයි, මේ වනාහි නියමයයි, සෙසු පදයන්හි ද මේ ක්රමයමයි, දෙවැනි ආදී වූ ශ්රමණයෝ ද මේ සසුනෙහිමය, වෙනතැනක නොවෙත්: සුඤ්ඤා යනු හිස්, පහත්වූයි, පරප්පවාදා යනු සස්සතවාද සතරය, එකච්චස්සතිකවාද සතරය, අන්තාන්නතික සතරය, අමරාවික්ඛෙපික සතරය, අධිච්චසමුප්පන්නික දෙකය, සඤ්ඤිවාද සොළසය, අසඤ්ඤිවාද අටය, නෙවසඤ්ඤිනාසඤ්ඤිවාද අටය, උච්ඡෙදවාද සතය, දිට්ඨධම්මනිබ්බානවාද පසය යන මේ සියලුම බ්රහ්මජාල සූත්රයෙහි ආවාවූ දෙසැට දෘෂ්ටීහුයි, මෙයින් බාහිර වූ අන් අයගේ ප්රවාදයෝ පරප්පවාද නම් වෙති, ඒ සියල්ලෝම මෙම සතර ඵලස්ථ ශ්රමණයන්ගෙන් හිස්වෙති, ඔවුහු මෙහි නොවෙත්, හුදෙක් මොවුන්ගෙන් පමණක් සිස්වූවෝ නොවෙත්, සතර මාර්ගස්ථ ශ්රමණයන්ගෙන් සතර මාර්ගය සඳහා අරඹන ලද විදර්ශකයන්ගෙන් ද යන දොළොස් වැදෑරුම් ශ්රමණයන්ගෙන් ද ශුන්යම වෙති, මේ කරුණ සඳහාම භාග්යවතුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්රයෙහි දේශනා කරන ලදි.
සුහද්රය, වයසින් එකුන්තිස්වූ මම යහපත කුමක්දැයි සොයමින් පැවිද්වීමි යන යමක් වේද? සුභද්රය, යම්තාක් මම පණස් වසකට අධිකව පැවිද්දෙක් වීම්ද එතෙක් මෙයින් බාහිරව නිර්වාණ ධර්මය සඳහා අරඹන ලද විදසුන් ඇති ශ්රමණයෙක් නැත. දෙවැනි ශ්රමණයා ද නැත, තෙවැනි ශ්රමණයා ද නැත, සිවුවැනි ශ්රමණයා ද නැත, අන්ය පරප්රවාදයෝ ශ්රමණයන්ගෙන් ශුන්යය යනුවෙනි.
මෙහි පදෙසවත්තී යනු අරඹන ලද විදර්ශනා ඇත්තේයි අදහස් කරන ලදි, එහෙයින්, සෝවාන් මාර්ගය සඳහා අරඹන ලද විදසුන් ඇත්තා මාර්ගස්ථයා හා ඵලස්ථයා යන තුන්දෙනාම එක්කොට සමණොපිනත්ථි යි කීහ. සකෘදාගාමී මාර්ගය සඳහා අරඹන ලද විදසුන් ඇත්තා මාර්ගස්ථයා හා ඵලස්ථයා යන තිදෙනාම එක්කො දුතියොපි සමණො නත්ථි යි කීහ. ඉතිරි දෙකෙහි ද මේ ක්රමයමයි, එකොළොස්වැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
සතරවැනිවූ මහා වර්ගයයි.
5. ආපත්තිභය වර්ගය
1. පාපභික්ඛු සූත්ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි අපි නු තං ආනන්ද අධිකරණ යනු විවාදාධිකරණයන් අතුරින් එක්තරා අධිකරණයක් භික්ෂු සංඝයාට උපන්නේය, ශාස්තෲන් වහන්සේ එය සංසිඳුණු බව විමසන සේක් මෙසේ පැවසූ සේක. කුතො තං භන්තෙ යනු ස්වාමීනි කුමකින් කුමක් කවර කරුණකින් එය සංසිඳෙන්නේදැයි පවසයි. කෙවලකප්පං යනු සියල්ල, හාත්පසින් යනුයි, සඞ්ඝභෙදාය ඨිතො යනු සඞ්ඝයා සමග වාදය සඳහා කියන ලද යළි කියමින්ම සිටියේයි, තත්ථායස්මා යනු ඔහු එසේ සිටිකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ යනුයි, න එකවාචිකම්පි භණිතබ්බං මඤ්ඤති යනු ඇවැත්නි, සංඝයා සමඟ මෙසේ නොකියවයි එක්වචනයකුදු කියයුතු කොට නොහඟියි, වොයුඤ්ජති යනු යෙදෙයි, අනුයෝගයට එළඹෙයි, අත්ථවසෙ යන කරුණු පිළිබඳවයි, නාසිස්සන්ති යනු උපොසථපවාරණයන්ට එළඹීමට නොදී පිටකරත් (ඇද දමත්) සෙස්ස පෙළ වශයෙන්ම දතයුතුය.