1-6. සප්පුරිස ආදි සූත්ර වර්ණනා
පස්වැනි පණ්ණාසකයෙහි පළමු සූත්රයෙහි අසප්පුරිසං යනු ලාමක පුද්ගලයායි, හිස් පුද්ගලයායි, මෝඩ පුද්ගලයායි, අවිද්යාවෙන් අන්ධ කරනලද මෝඩයායි, අසප්පුරිසතරං යනු අතිරේක වශයෙන් (වැඩිමනක් ලෙස) අසත්පුරුෂ වූ පුද්ගලයායි, ඉතිරි දෙක කියන ලද්දට විරුද්ධ නයින් දතයුතුය, මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය, මෙහි යම්සේද මින්මතු සූත්ර පසෙහි ද එසේය, මේවා අතුරින් පළමුවැන්න පඤ්චවෛර වශයෙන් දෙසන ලදි. දෙවැන්න අසද්ධර්ම වශයෙනි, තෙවැන්න කායවාග් ද්වාර වශයෙනි, සතරවැන්න මනොද්වාර වශයෙනි, පස්වැන්න මිථ්යා කරුණු අටවශයෙනි, සයවැන්න මිථ්යා කරුණු දහය වශයෙනි.
7-10. පළමුවන පාප - කල්යාණ ආදි සූත්ර වර්ණනා
සත්වැනි සූත්රයෙහි පාපං යනු ලාමක කෙලෙසුණු පුද්ගලයායි, කල්යාණං යනු සොඳුරු වූ නිවැරදි පුද්ගලයායි, මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය. අටවැන්නෙහි ද මේ ක්රමයමයි, නවවැන්නෙහි පාපධම්මං යනු ලාමක ධර්මයයි. කල්යාණධම්මං යනු නිවැරදි ධර්මයයි, මෙහි සෙස්ස පැහැදිලිමය, දසවැන්නෙහි ද මේ ක්රමයමයි, මේ වර්ගයෙහි සූත්ර දසයෙහිම අගාරිය ප්රතිපදාව කියන ලදි, ඉදින් සෝවාන් සකෘදාගාමීහු වෙත් ද වටීමය.
පළමුවැනි වූ සප්පුරිස වර්ගයයි
2. පරිසසොභන වර්ගය
1. පරිසසොභන සූත්ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි පිරිස කෙලෙසත්නුයි පරිසදුසනා නමි, පිරිස හොබවන්නේනුයි පරිසසොභනා නමි,
2. පළමුවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි මනො දුශ්චරිතයෙහි යෙදුනාහු ද මිථ්යාදෘෂ්ටියෙහි මහත් සාවද්යතාව නිසා වෙනම කියන ලදි. ඊට ප්රතිපක්ෂ වශයෙන් සම්යග්දෘෂ්ටියයි,
3. දෙවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි අකතඤ්ඤදුතා අකතවෙදිතා යනු කෙළෙහි ගුණ නොදත්බැවින් ද කෙළෙහිගුණ නොසලකන බැවින් ද යනුයි, මේ දෙකම අර්ත්ථ වශයෙන් එකක්මය, යහපත් පක්ෂයෙහි ද ක්රමයමයි,
4-10. තෙවන නිරය - සග්ග නික්ඛිත්ත ආදි සූත්ර වර්ණනා
සතරවැන්න සතර කර්ම ක්ලේශයන්ගේ ද ඒවාට ප්රතිපක්ෂ වීම් වශයෙන් ද කියන ලදි: පස්වැන්න යහපත් පැත්තට අයත් වූවන්ගේ මුලින් සතර මිථ්යා කරුණු වශයෙනි. සයවැන්න සෙසු සතර කරුණු වශයෙනි, සත්වැන්න ආර්ය්ය අනාර්ය ව්යවහාරයන් වශයෙනි, එසේම අටවැනි නවවැනි හා දසවැනි සූත්රයෝ යහපතට ප්රතිපක්ෂ වූ අසද්ධර්මයන් වශයෙන් කියන ලදි, සියලු සූත්රයන්හි ශුක්ලපක්ෂයට අයත් ධර්මයෝ ලෞකික ලෝකෝත්තර මිශ්රකවම කියන ලද්දාහ. සූත්ර නවයෙහි ස්වර්ගයෙහි කිසිවක්”යි කියන ලද්දේ ද මාර්ග තුනත් ඵලතුනත් ලබත්මැයි.
දෙවැනි වූ පරිසසොභන වර්ගයයි.
3. සුචරිත වර්ගය
1-10. වචීසුචරිත ආදි සූත්ර වර්ණනා
තෙවැනි වර්ගයෙහි පළමු සූත්රාදිය පැහැදිලි අරුත් ඇත්තේමය, දසවැන්නෙහි යමෙක් සිතා කාව්ය කරයිද මෙතෙම චින්තාකවි නමි, යමෙක් අසා කාව්ය කරයි ද මෙතෙම සුතකවි නමි, යමෙක් එක් අර්ථයක් නිසා කාව්යය කරයි ද මෙතෙම අත්ථකවි නමි, යමෙක් එකෙණෙහිම වංගීස තෙරුන් මෙන් තමන්ගේ ප්රතිහානයෙන් කාව්ය කරයිද මෙතෙම පටිභාන කවි නමි.
තෙවැනි වූ සුචරිත වර්ගයයි.
4. කර්ම වර්ගය
1. ප්රථම කර්ම සූත්ර වර්ණනාව
සිවුවැනි වර්ගයේ පළමු සූත්රයෙහි කණ්හං යනු කළු (කිලිටි) දශ අකුශල කර්ම පථකර්මයයි, කණ්හවිපාකං යනු අපායෙහි උපදනා බැවින් කිළිටි විපාකයයි, සුක්කං යනු සුදුවූ කුශලකර්මපථකර්මයයි, සුක්කවිපාකං යනු ස්වර්ගයෙහි උපදනා බැවින් සුදු විපාකයයි, කණ්හසුක්කං යන මිශ්ර වූ කර්මයයි, කණ්හසුක්කවිපාකං යනු සුඛ දුක්ඛ විපාකයයි, මිශ්රක කර්මයක් කොට අකුසලයෙන් තිරිසන් යෝනියෙහි මඟුල් ඇත් තැන් ආදියෙහි උපන්නේ කුසල බලයෙන් ප්රවෘත්ති විපාකයෙහි සැපවිඳියි, කුශලයෙන් රාජකුලයෙහි උපන්නේද අකුශල බලයෙන් ප්රවෘත්තියෙහි දුක් විඳියි, අකණ්හං අසුක්කං යනු කර්මක්ෂය කරන්නා වූ සිවුමඟ නුවණ අදහස් කරන ලදි. එය ද ඉදින් පාපය වන්නේ ද පාප විපාකය දෙන්නේය, ඉදින් කුශලය වන්නේ ද කුශල විපාකය දෙන්නේය, විපාක දෙකම නොදෙන බැවින් අකණ්හ අසුක්කය යනු මෙහි අර්ත්ථයයි.