6. අප්පමාද සූත්ර වර්ණනාව
සවැන්නෙහි යතො ඛො යනු යම් විටෙක යනුයි, සම්පරායිකස්ස යනු මෙය දේශනා මාත්රයකි, ක්ෂීණාශ්රවයා වනාහි පරලොවින් ද, ඉහාත්මයෙහි ද මරණයට බිය නොවෙයි, හෙතෙම මෙහි අදහස් කරන ලදි: ඇතමෙක් “සම්මාදිට්ඨි භාවිතා” යන වචනයෙන් සෝවාන් වූවහු ආදිකොට සියල්ලෙන්ම අදහස් කරන ලදහයි කියත්.
7. ආරක්ඛ සූත්ර වර්ණනාව
සත්වැනි සූත්රයෙහි අත්තරූපෙන යනු තමන්ට අනුරූප වූ සුදුසු වූ හිතකැමති දෙයිනි යන අරුත්ය, රජනීයෙසු යනු රාගයට හේතු වූ දෙයෙනියි, ධම්මෙසු යනු ස්වභාවයෙහි ඉටු අරමුණුවලයි අරුත්ය, සියලු තැන්හි ක්රමය මෙසේ දතයුතුය, න ජම්හති යනු දෘෂ්ටි වශයෙන් තැති නොගනියි, සෙසු පදයන්හි ද මේ ක්රමයමැයි, න ච පන සමණ වචනහෙතුපි ගච්ඡති යනු පරවාදී ශ්රමණයන්ගේ වචනය හේතු කොටගෙනද තමන්ගේ දෘෂ්ටිය අතහැර ඔවුන්ගේ දෘෂ්ටි වශයෙන් නොයයි යනු අරුත්ය, මෙහිද ක්ෂීණාශ්රවයාම අදහස් කරන ලදි.
8-10. සංවෙජනීය ආදි සූත්ර වර්ණනා
අටවැනි සුත්රයෙහි දස්සනීයානි යනු දැකීමට සුදුසු දෙයයි, සංවෙජනීයානි යනු සංවේගජනකවූයි, නවවැන්නෙහි ජාතිභයං යනු උපත අරභයා උපදින බියයි, සෙසු පදයන්හි ද මේ ක්රමයමැයි, දසවැන්නෙහි අග්ගිභයං යනු ගින්න නිසා උපදින බියයි, සෙසු පදයන්හි ද මේ ක්රමයමැයි:
දෙවැනි කෙසිය වර්ගයයි
3. භය වර්ගය
1. භය සූත්ර වර්ණනාව
තෙවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි අත්තානුවාදභයං යනු තමන්ට දොස් නඟන්නාට ඇතිවන බියයි, පරානුවාදභයං යන අනුන් දොස් නැඟීමෙන් ඇතිවන බියයි, දණ්ඩභයං යනු දෙතිස් වධයන් නිසා උපදින බියයි, දුග්ගතිභයං යනු සතර අපායන් හේතුකොටගෙන උපදින බියයි. “ඉදං වුච්චති භික්ඛවෙ අත්තානුවාදභයං” යනාදියෙහි අත්තානුවාද බිය මෙනෙහි කරන්නාට අධ්යාත්ම ලජ්ජාව උපදියි, ඒ ලජ්ජාව ඔහුගේ තිදොරින් සංවරය උපදවයි, තිදොරින් සංවරය චතුපාරිසුද්ධි ශීලය වෙයි: හෙතෙම ඒ සීලයෙහි පිහිටා විදසුන් වඩා අග්රඵලයෙහි පිහිටයි, පරානුවාදභය හා දණ්ඩභය මෙනෙහි කරන්නට බාහිරව පවට බිය උපදියි, ඒ බිය ඔහුගේ තිදොරෙනි සංවරය උපදවයි, තිදොරෙහි සංවරය චතුපාරිසුද්ධි ශීලයයි, හෙතෙම ඒ සීලයෙහි පිහිටා විදසුන් වඩා අග්රඵලයෙහි පිහිටයි, දුගති භය මෙනෙහි කරන්නාට ආධ්යාත්මික ලජ්ජාව හටගනියි, ඒ ලජ්ජාව තිදොරෙහි සංවරය උපදවයි, තිදොරෙහි සංවරය චතුපාරිශුද්ධ ශීලයයි, හෙතෙම ඒ ශීලයෙහි පිහිටා විදසුන් වඩා අග්ර ඵලයෙහි පිහිටයි.
2. උදකොරොගභය සූත්ර වර්ණනාව
දෙවැනි සූත්රයෙහි උදකොරොහනතස්ස යනු දියට බසින්නාගේයි, පාටිකඞ්ඛිතබ්බා යනු කැමති විය යුතුය, සුසුකාභයං යනු සැඩ මසුන්ගෙන් ඇතිවන බියයි මුඛාවරණං මඤ්ඤෙ කරොන්ති යනු මුවවැස්මක් මෙන් කරති, ඔදරිකත්තස්ස යනු මහත් උදරය ඇති බැවින් මාහැඟි ස්වභාවය ඇත්තාගේයි. අරක්ඛිතෙනෙව කායෙන යනාදියෙහි කායද්වාරයෙහි ත්රිවිධ සංවරය නොමැති බැවින් නොරක්නා ලද කයින් ද වාග්ද්වාරයෙහි සතරාකාර සංවරය නොමැති බැවින් නොරක්නා ලද වචනයෙන්ද යනුයි.