5. වස්සකාර සූත්ර වර්ණනාව
පස්වැනි සූත්රයෙහි අනුස්සරිතා යනු ලුහුබැඳ සිහිකරන ලද්දේයි. අනුක්රමයෙන් සිහිකිරීමට සමත්ය යන අරුතය. දක්ඛො යනු දක්ෂයායි. තත්රෑපායාය යනු මෙකල්හි මෙනම් දැය කළයුතු යයි මෙසේ ඒ ඒ තැන උපාය වූ ප්රඥාවෙන් යුක්තවූයේයි. අනුමොදිතබ්බං යනු සතුටුවිය යුතුය. පටික්කොසිතබ්බං යනු ප්රතික්ෂේප කළයුතුය. නෙව ඛො ත්යාහං යනු නෙව ඛො තෙ අහං යන පදයන්ගේ එකතුවයි. කුමක් හෙයින් භාග්යවතුන් වහන්සේ එය සතුටු නොවෙත්ද පිළිකෙව් කෙරෙත්ද යත්? ලෞකික බැවින් සතුටු නොවෙත්. ලෞකික අර්ත්ථය ගෙන සිටි බැවින් පිළිකෙවු නොකරත්. බහුස්ස ජනතා යනු බොහෝ දෙනා වෙති. මෙයද කරණාර්ථයෙහි සම්බන්ධ විභක්ති වචනයයි දතයුතුය. අරියෙ ඤායෙ යනු විදර්ශනා සහගත වූ මාර්ගයෙහියි. කල්යාණධම්මතා කුසලධම්මතා යනුද එයටම නම්ය. යං විතක්කං යනු නෙක්ඛම්ම විතර්කාදීන් අතුරෙන් එකකි. න තං විතක්කං විතක්කෙති යනු කාම විතර්කාදිය අතුරෙන් එකකුදු විතර්කනය නොකරයි. සෙස්ස එයටම වෙනත් නමකි. විතක්කපථෙ යනු මෙහි විතර්කයම විතක්ක පථයයි. අහං හි බ්රාහ්මණ යනාදියෙහි පළමු නයින් ක්ෂීණාශ්රවයාගේ ශීලය ද බහුශ්රැත බව ද කියන ලදි. දෙවැනි, තුන්වැනි කරුණින් ක්ෂීණාශ්රවයාගේ ක්රියාවිර්තකයෝ ද ක්රියාධ්යානයෝ ද කියන ලද්දාහ. සිවුවැන්නෙන් ක්ෂීණාශ්රවභාවය කියනලදැයි දතයුතු ය.
මච්චුපාසා පමොවනං යනු මාරපාශය මුදවන්නා වූ මාර්ගයයි. ඤායං ධම්මං යනු විදර්ශනා සහගත මාර්ගයයි. දිස්වා ච සුත්වා ච යනු නුවණින්ම බලා ද අසා ද යනුයි. මෙහි සෙස්ස පැහැදිලිමය.
6. දොණ ලොක සූත්ර වර්ණනාව
සවැනි සූත්රයෙහි අන්තරා ච උක්කට්ඨං අන්තරා ච සෙතව්යං යනු මෙහි උක්කට්ඨ යනු ගිනිහුළු දරනු ලබන්නවුන් විසින් මැවූ බැවින් එසේ ලබන ලද ව්යවහාරය ඇති නගරයයි. සෙතව්යං යනු අතීතයෙහි කාශ්යප සම්මාසම්බුදුන් වහන්සේ උපන් නගරයයි. අන්තරා ශබ්දය, කාරණය, ක්ෂණය, සිත, මැද, සිදුර යනාදියෙහි පවතියි. “තදනන්තරං කො ජානෙය්ය අඤ්ඤත්ර තථාගතා” හා “ජනා සඞ්ගම්ම මන්තෙන්ති මඤ්ච තඤ්ච කිමන්තරං” යනාදියෙහි අන්තර ශබ්දය කාරණයෙහිය. “අද්දසා මං භන්තෙ අඤ්ඤතරා ඉත්ථි විජ්ජන්තරිකාය භාජනං ධොවන්ති” යනාදියෙහි ක්ෂණයෙහි ( ඇසිල්ලෙහි) වේ. “යස්සන්තරතො න සන්ති කොපාං” යනාදියෙහි සිතෙහිය. “අන්තරා වොසානමාපාදි” යනාදියෙහි මැදය. “අපි චායං තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡති” ආදී තන්හි සිදුරෙහිය. ඒ අන්තරා ශබ්දය මෙහි විවරයෙහි (සිදුරෙහි) පවතියි. එහෙයින් උක්කට්ඨාවට ද, සෙතව්යාවට ද අතරතුරෙහියි මෙසේ මෙහි අර්ත්ථය දැක්විය යුතුයි. අන්තරා ශබ්දයෙන් යුක්ත බැවින් උපයොග වචනය කරන ලදි. මෙබඳු වූ තන්හි දී අක්ෂර විද්යාඥයෝ “අන්තරා ගාමංච නදිඤ්ච යාති”යි මෙසේ එකම අන්තරා ශබ්දයක් යොදත්. එය දෙවැනි පදයෙන් ද යෙදිය යුත්තේ වෙයි. නොයෙදනු ලබන කල්හි උපයෝග වචනය නොපැමිණෙයි. මෙහි වනාහි යොදා මෙසේ කියන ලද්දේයි.
අද්ධානමග්ගපටිපන්නො හොති යනු අද්ධාන සංඛ්යාත වූ මාර්ගයට පිළිපන්නේ වෙයි. දීර්ඝමාර්ගය යන අර්ත්ථයයි. කුමක් නිසා පිළිපන්නේද යත්? භාග්යවතුන් වහන්සේ එදවසෙහි මෙය දුටුසේක. මා ඒමගට පිළිපන් කල්හි ද්රොණ බ්රාහ්මණ තෙමේ මගේ පා සටහන් දැක පියසටහන් අනුව එන්නේ වී මා හුන් තැනට පැමිණ පැන විමසයි. ඉක්බිති ඔහුට මම සිවුසස් දහම් දෙසන්නෙමි. බමුණු තෙමේ තුන් ශ්රමණ ඵලයන් අවබෝධ කොට පද දොළොස් දහසකින් යුක්ත වූ ද්රොණ ගජ්ජිත නම් වූ වර්ණනාවක් නාදකොට මා පිරිනිවූ කල්හි සියලු දඹදිව උපන් මහා කලහයක් සංසිඳුවා ධාතූන් බෙදන්නේය යන මෙකරුණින් (මගට) පිළිපන් සේක. දොණොපි සුදං බ්රාහ්මණො යනු ද්රෝණ බ්රාහ්මණ තෙමේ ත්රිවේදයන් ප්රගුණකොට පන්සියයක් මානවකයන්ට ශිල්ප හදාරවන්නේ එදවස උදෑසනම නැගිට සිරුර පිළිදැගුම් කොට සියයක් අගනා වස්ත්රයක් හැඳ පන්සියයක් වටිනා වස්ත්රයක් එකැස්කොට පැළඳි යඥ සූත්ර ඇත්තේ රතුවැටි ඇති පාවහන් හැඳ පන්සියයක් මානවකයන් පිරිවරන ලද්දේ ඒ මගටම පිළිපන්නේය. ඒ සඳහා කියන ලදි.
පදෙසු යනු පයින් මැඩිතන්හියි. චක්කානි යනු චක්ර ලක්ෂණයයි. කිම වඩිනා වූ භාග්යවතුන් වහන්සේ පාතැබූ තැන පියවර පැනේදයත්? නොපෙනෙයි. කුමක් හෙයින්ද? සියුම් බැවින් ද මහබලවත් බැවින් ද මහජනයාට අනුග්රහයෙන් ද වේ. බුදුවරුන්ගේ වනාහි සියුම් සම ඇති බැවින් ඇක්මූ තැන පුළුල් පිඬක් තැබූ තැන මෙන් වෙයි. පියසටහන නොපැනෙයි. යම්සේ නම් බලවත් වාත වේගයෙන් දිවෙන සෛන්ධවයාගේ නෙළුම් පතෙහි ද පාතැබීම පමණක්ම වෙයිද? මෙසේ මහබල ඇති බැවින් තථාගතයන් විසින් පාතැබූ තැන පා තැබීම පමණක්ම වෙයි. එහි පිය සටහන නොපැනෙයි. බුදුන්වරුන්ගේ පියවර අනුව මහජනයා ද යයි. ශාස්තෲන් වහන්සේගේ පාසටහන දැක මඬින්නට නොහැකිවන මහජනයාගේ ගමන කඩවීමක් වන්නේය. එබැවින් ඇක්මූ ඇක්මූ තැන්හි යම් පියසටහනක් වන්නේද එය අතුරුදහන් වන්නේමය. දොණ බමුණා වනාහි අදිෂ්ඨාන වශයෙන් දුටුවේය. භාග්යවතුන් වහන්සේ යමෙකුට පියසටහන දක්වනු කැමති සේක්ද ඔහු අරභයා අසුවල් නම් තැනැත්තා දකීවායි අධිෂ්ඨාන කරන සේක. එබැවින් මාගන්දිය බමුණා මෙන් මේ බමුණා ද තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨානය වශයෙන් දුටුවේය.
පාසාදිකං යනු ප්රසාදජනක දෙයයි. සෙස්ස එයටම පර්යාය වචනයකි. උත්තමදමථසමථමනුප්පත්තං යන මෙහි උත්තමදමථ නම් අරහත් මාර්ගයයි. උත්තමසමථ නම් අරහත් මාර්ග සමාධියයි. ඒ දෙකට පැමිණියේයි අර්ත්ථයි. දන්තං යනු දමනය වූයි. ගුත්තං යනු රක්නා ලදයි. සංයතින්ද්රියං යනු රක්නාලද ඉන්ද්රිය ඇත්තේයි. නාගං යනු ඡන්දාදියෙන් (අගතියට) නොයන බැවින් ද නැසූ කෙලෙස් යළි නොඑන බැවින් ද වැරදි නොකරන බැවින් ද බලවත් අර්ත්ථයෙන් ද යන සතර කරුණින් නාග වූයේයි.