3. 1. 5. 9
නවවැන්නෙහි මහාසාලා යනු මහා වෘක්ෂයෝයි. කුලපතිං යනු කුලජ්යෙෂ්ඨයායි. සෙලො යනු ගලින් කරනලද්දයි. අරඤ්ඤස්මිං යනු ගම නොවන තැනයි. බ්රහා යනු මහත්ය. වනෙ යනු කැලයෙහියි. වනස්පති යනු වනයට දෙටුවූවෝයි. ඉධ ධම්මං චරිත්වාන මග්ගං සුගතිගාමිනං යනු සුගතිගාමීවූ මාර්ග සංඛ්‍යාත ධර්මයෙහි හැසිරයි.
3. 1. 5. 10
දසවැන්නෙහි ආතප්පං කරණීයං යනු වීර්ය කිරීමට සුදුසුය. අනුප්පාදාය යනු නූපදනු සඳහායි. නූපදීම ඇති කරන්නෙමැයි මේ කරුණින් කළ යුතුයයි අර්‍ත්‍ථයි. අන්යයාගෙන්ද මේ ක්‍රමයමැයි. සාරීරිකානං යනු ශරීරයෙන් හටගත්තාවූයි. දුක්ඛානං යනු දුක් සහගතවූයි. තිප්පානං යනු ඝනවූයි. තැවීම් වශයෙන් හෝ බොහෝවූවන්ගේයි. ඛරානං යනු රළුවූවන්ගේයි. කටුකානං යනු තියුණුවූයි. අසාතානං යනු අමිහිරියි. අමනාපානං යනු සිත් වැඩීමට අසමත්වූයි. පාණහරානං යනු ජීවිතය පැහැරගන්නාවූයි. අධිවාසනාය යනු ඉවසීම සඳහා, සහනය සඳහා ක්ෂමාකිරීම සඳහායි.
මෙපමණ තැන්හි ශාස්තෘන්වහන්සේ අණවා, ඇණවීම් පවත්වා දැන් සමාදන් කරවනසේක්. ‘යතො ඛො භික්ඛවෙ’ යනාදිය පැවසූසේක. එහි යතො යනු යම් කලෙකය, ආතාපී යනු වීර්යවත් පුද්ගලයාය, නිපකො යන ප්රඥාසහිත පුද්ගලයාය. සතො යනු සිහියෙන් යුක්තවූ පුද්ගලයාය. දුක්ඛස්ස අන්තකිරියාය යනු සසර දුක් අවසන් කිරීම, විනාශ කිරීම සඳහාය. මේ ආතාපි ආදී තුනද ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවම කියනලදී.
3. 1. 5. 11
එකොළොස් වැන්නෙහි මහාචොරො යනු මහත් බලවත් සොරායි. සන්ධිං යනු ගෘහසන්ධිස්ථානයයි. නිල්ලොපං යනු මහත් පැහැර ගැනීමයි. එකාගාරිකං යනු එකම මහ ගෙයක් පිරිවරා පැහැරගැන්මයි. පරිපන්ථෙපි තිට්ඨන්ති යනු මං පැහැරීම කරයි. නදීවිදුග්ගං යනු යම් තැනක දෙතුන්සියයක් සමඟ සැඟවීමට සමත්වේද එබඳුවූ දිවයින් අතර පිහිටි නදීන්ගේ දුරගමස්ථානයයි. පබ්බතවිසමං යනු පර්වතයන්ගේ විසමස්ථානයයි. සත් අට සියයක් සමඟ සැගවීමට හැකිවන එබඳු තැනයි. තිණගහනං යනු තණින් වැඩී ගැවසීගත් දෙතුන් යොදුන් තැනයි. ගෙධං යනු ඝනවනයයි. එකට ඇළුණු, එකට බැඳුණු මහාවනපෙදෙසයි. පරියොධාය අත්ථං භණිස්සන්ති යනු මනාව (සවන්) යොමුකොට ඒ ඒ කරුණ බහා අර්ත්ථය කියත්. ත්යාස්ස යනු තෙ, අස්ස යන පදසන්ධියයි. පරියොධාය අත්ථං භණිස්සන්ති යනු කිසිවක් කීමට පටන්ගත් කෙණෙහිම එසේ නොකියව, අපි මෙයකුලපරපුරින් දනිමු. හෙතෙම මෙබඳු දෙයක් නොකරයි. යනුවෙන් ඒ ඒ කරුණු බහාතබා මහත්වූ දොෂයද ඉවත් කරමින් අර්ත්ථය කියත්. නැතහොත් පරියොධාය යනු සඟවා යනුද අර්‍ත්‍ථයි. ඔවුහු ඔහුගේ දොස වසා අර්ත්ථය කියති. ඛතං උපහතං යනු ගුණ කැණීමෙන් කණිනලදයි. ගුණ නැසීමෙන් නසනලදයි. විසමෙන කායකම්මේන යනු පැකිලීම් සහිත යන අරුතින් විසමවූ කායද්වාරයට අයත් කර්මයෙනි. වාග්මනොකර්මයන්හිද මේ ක්‍රමයමයි. අන්තගාහිකාය යන දශවස්තන්ගෙන් අන්තය ගෙන පැවති දෘෂ්ටියයි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.