3. 1. 5. 3
තෙවැන්නෙහි තයො මෙ භක්‍ඛවෙ අත්‍ථවසෙ සම්පස්සමානෙන යනු තුන් අර්‍ත්‍ථයක කරුණු තුනක් බලන්නහු විසිනි. අලමෙව යනු ගැලපේමය. යො ධම්මං දෙසෙති යනු යම් පුද්ගලයෙක් චතුරාර්යසතය ධර්‍මය ප්‍රකාශ කරයිද යනුයි. අත්‍ථපටිසංවේදී යනු අර්‍ත්‍ථකථාව නුවණින් දැනගත්තේය. ධම්මපටිසංවෙදි යනු පෙළදහම දැනගත්තේය යනුයි.
3. 1. 5. 4
සිවුවැන්නෙහි ඨානෙහි යනු කාරණයන්ගෙනි. පවත්තනී යනු
3. 1. 5. 5
පස්වැන්නෙහි පණ්ඩිතපඤ්ඤත්තානි යනු පණ්ඩිතයන් විසින් පනවනලද, කියනලද, පසසන ලදයි. සප්පුරිසපඤ්ඤත්තානි යනු සත්පුරුෂයන්, මහාපුරුෂයන් විසින් පනවනලද. කියනලද පස්සනලදයි. අහිංසා යනු කරුණාව මෙන්ම කරුණාවේ පූර්‍ව අවස්ථාවයි. සංයමො යනු සීලසංයමයයි. දමො යනු ඉන්‍ද්‍රියසංවරයයි, පෙහෙවස් විසීම්වශයෙන් හෝ ආත්මදමනයයි පුණ්ණෝවාද සූත්‍රයෙහි දමො යනුවෙන් කියනලදී. ආළවක සූත්‍රයෙහි ඛන්ති යයි කියනලදී. මේ සූත්‍රයෙහි පඤ්ඤා යනුද වටීමය. මාතාපිතූ උපට්ඨානං යනු මවුපියන් රැකීම බලාහදා ගැනීම හා පිළිදැගුම් කිරීමයි. සන්තානං යනු අන් තන්හි සම්මාසම්බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධ ආර්‍ය්‍යශ්‍රාවකයෝ සන්ත නම්වෙත්. මෙහි වනාහි මවුපියන්ට උවටැන් කරන්නෝ අදහස් කරනලදහ. එබැවින් උත්තමාර්ථයෙන් සත්පුරුෂයන්ගේයි. ශ්‍රෙෂ්ඨචර්‍ය්‍යාවශයෙන් බ්‍රහ්මචාරීනං බ්‍රහ්මචාරීන්ගේයි. මේ මවුපියන් උවටැන සත්පුරුෂයන් විසින් අනුදන්නා ලදැයි මෙසේ මෙහි අර්‍ත්‍ථය දැක්විය යුතුයි. සතං එතානි ඨානානි යනු සත්පුරුෂයන්ට, උත්තම පුද්ගලයන්ට මේවා කාරණයෝයි. අරියො දස්සනසම්පන්නො යනු මෙහි මේ තුන් කාරණයන්ගේ හේතුවෙන් ආර්‍ය්‍යයා මෙන්ම දර්‍ශනයෙන් යුක්තවූ තැනැත්තාද දතයුතුය. බුද්ධාදීහු නොවෙත්. සෝවාන් පුද්ගලයාද නොවේ. සතං එතානි ඨානානි යනු මවට උවටැන් කිරීම පියාට උවටැන් කිරීම යන මේවා සත්පුරුෂයන්ගේ, උත්තම පුද්ගලයන්, උත්තම පුද්ගලයන්ගේ කරුණුයයි මෙසේ මවුපියන්ට උවටැන්කරන්නාවශයෙන්ම මේ ගාථාවේ අර්‍ත්‍ථය දතයුතුය. මවුපියන්ට උවටැන්කරන්නාම මෙහි ආර්‍ය්‍යයා, දර්‍ශනයෙන් යුක්තවූ තැනැත්තායි කියනලදී. සලොකං භජතෙ සිවං යනු හෙතෙම නිර්භයවූ දෙව්ලොවට යයි.
3. 1. 5. 6
සවැන්නෙහි, තීහි ඨානෙහි යනු කරුණු තුනකිනි. කායෙන යනාදියෙහි භික්‍ෂූන් එනු දැක පෙරගමන් කරමින් යනවිට පසුගමන් කරමින් අසුන් හලෙහි හැමදිම් තැවරීම් ආදිය කරමින් අසුන් පනවමින් පැන් එළවමින් කයින් පින් රැස් කරති නමි. භික්‍ෂුසංඝයා පිඬුහැසිරෙනු දැක කැඳ දෙන්න, බත්දෙන්න, ගිතෙල් වෙඬරු ආදිය දෙන්න, සුවඳමල් ආදියෙන් පුදන්න, පෙහෙවස් රකින්න. දහම් අසන්න, චෛත්‍යය වඳින්නැයි ආදිය කියමින් වචනයෙන් පින් රැස්කරත් නමි. පිඬු හැසිරෙන භික්‍ෂූන් දැක (පිඬු) ලබත්වායි සිතමින් සිතින් පින් රැස්කරති නමි. පසවන්ති යනු ලබත්. මෙහි පින වනාහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රකව කියනලදී.
3. 1. 5. 7
සත්වැන්නෙහි සඞ්ඛතස්ස යනු ප්‍රත්‍යයන්ගෙන් එක්ව කරනලද්දහුගේයි. සඞ්ඛතලක්‍ඛණානි යනු මෙය සංඛතයකැයි දක්වන (හඟවන) කරුණුයි. නිමිතියි. උප්පාදො යනු උපතයි. වයො යනු බිඳීයාමයි. ඨිතස්ස අඤ්ඤථත්තං යනු ජරාවයි, දිරායාමයි. එහි සඞ්ඛතං යනු ත්‍රෛභූමක ධර්‍මයෝයි. මාර්‍ගඵලයෝ වනාහි විමසාබැලීමට නොඑළඹුණු බැවින් මෙහි නොකියනු ලැබෙත්. ඉපදීම් ආදිය සංඛතලක්‍ෂණයෝයි. ඔවුනතුරෙහි උපදින කෙණෙහි උපතද පවත්නා කෙණෙහි ජරාවද බිඳීයන කෙණෙහි විනාශයද වේ. ලක්‍ෂණය සංඛ්‍යය නොවේ. සංඛතය ලක්‍ෂණය නොවේ. ලක්‍ෂණයෙන් සංඛතය පරිචේඡද කොට දක්වනලදී. යම්සේ ඇත් අස් ගව මහිසාදීන්ගේ සැතහුල් ආදිය හඟවන ලකුණුවේද ඇති ආදීහු නොවෙත්ද එපරිද්දෙනි. ඇති ආදීහු ලකුණු නොවෙත්. ලකුණුවලින් ඔවුහු අසුවලාගේ ඇතැයි, අසුවලාගේ අශ්වයාය, අසුවල් ඇතාය, අසුවල් අශ්වයායයි පැනෙත්. එබඳු ආකාර ඇතැයි දැක්වියයුතුය.
3. 1. 5. 8
අටවැන්නෙහි අසඞ්ඛතස්ස යනු ප්‍රත්‍යයන්ගෙන් එක්රුස්ව නොකරනලද්දහුගේයි. අසඞ්ඛතලක්‍ඛණානි යනු මෙය අසංඛතයකැයි හඟවන කරුණුයි, නිමිතියි. න උප්පාදො පඤ්ඤායති යනාදියෙන් ඉපදීම දිරායාම විනාශය යන මොවුන්ගේ නොවීම කියනලදී. උපත් ආදිය නොවීමෙන් අසංඛතයයි හැඟෙයි.
3. 1. 5. 9
නවවැන්නෙහි මහාසාලා යනු මහා වෘක්‍ෂයෝයි. කුලපතිං යනු කුලජ්‍යෙෂ්ඨයායි. සෙලො යනු ගලින් කරනලද්දයි. අරඤ්ඤස්මිං යනු ගම නොවන තැනයි. බ්‍රහා යනු මහත්ය. වනෙ යනු කැලයෙහියි. වනස්පති යනු වනයට දෙටුවූවෝයි. ඉධ ධම්මං චරිත්වාන මග්ගං සුගතිගාමිනං යනු සුගතිගාමීවූ මාර්ග සංඛ්‍යාත ධර්‍මයෙහි හැසිරයි.