3. 1. 2. 8
අටවැන්නෙහි අට්ඨියෙය්යාථ යනු මැඬුනාහු පෙළුනාහු වන්නාහුය. භරායෙය්යාථ යනු ලජ්ජාවන්නහුය. ජිගුචේඡය්යාථ යනු අසුචියෙහි මෙන් ඒ වචනයෙහි හටගත් පිළිකුල් බව ඇත්තෝවන්නහුය. ඉතිකිර යන මෙහි ඉති යනු පදසන්ධිව්යංජනයාගේ සිළිටි බවයි. කිරයනු ශ්රැති සුචනාර්ථයෙහි නිපාතයි. දිව්යමය ආයුෂයෙන් මැඬෙවුයයි මෙසේ මෙහි සම්බන්ධය දතයුතුය. පගෙව ඛො පන යනු පළමුවමයි.
3. 1. 2. 9
නවවැන්නෙහි, පාපණිකො යනු වෙළඳසැල විවෘතකොට බඩු විකුණන්නාවූ වෙළෙන්දාට මේ පර්ය්යාය වචනයි. අභබ්බො යනු බඳුන් නොවූයි (සුදුසු නොවූයි) න සක්කච්චං කම්මන්තං අධිට්ඨාති යනු යම් සේ අධිෂ්ඨාන කරනලද්ද මනාව අධිෂ්ඨාන කරනලද්දක් වේද මෙසේ තෙමේ ආත්මප්රත්යවෙක්ෂාව කරන්නේ අදිටන් නොකරයි. එහි උදෑසන කල්හි හඬින් නැඟිට පහන දල්වා බඩු විසුරුවා නොහිඳින්නේ පෙරවරුවෙහි සකසා කර්මාන්ත නොඅදිටයි නමි. මෙතෙම වනාහි සොරු රාත්රියෙහි බඩු පැහැරගෙන මෙය අපගේ අතින් වියදම් කරන්නෙමු’යි වෙළඳ සැළට ගොස් අඩුමිළට දෙත් යන යමක්වේද, බොහෝ සතුරන් ඇති මිනිස්සු රාත්රියෙහි නුවර වැස උදයෙන්ම වෙළඳ සැලට ගොස් බඩු ගනිත් යන යමක් වේද? ජනපදයට යනු කැමති මිනිස්සු උදයෙන්ම වෙළඳසැලට ගොස් බඩුමිළදී ගනිත් යන යමක් වේද එය හේතුකොට ඇති ලාභයට අස්වාමිකයෙක් වෙයි.
අන්යයන් බොජුන් ගන්නා වේලෙහි අනුභවයට අවුත් උදයෙන්ම බඩු තැන්පත් කොට ගෙදර ගොස් අනුභවකොට නිදා සවස යළි වෙළඳසැලට එන්නේ මධ්යාහ්නයෙහි සකසා කර්මාන්තය අදිටන් නොකරයි නමි. හෙතෙම වනාහි සොරු උදයෙන්ම වියදම් කිරීමට නොපැමිණියාහුද දවල් කාලයෙහි අනුන් නොහැසිරෙන වේලෙහි වෙළඳසැලට අවුත් අඩුමිළට දෙත්ද බොජුන් වේලෙහි පින්වත් ධනවත්තු වෙළඳසැලින් මේ මේ දෙය ලැබීමට වටීයයි (සේවකයන්) යවා ගෙන්වා ගනිත්ද යන යමක්වේද එය හේතුකොට උපදනා ලාභයට අස්වාමිකයෙක් වෙයි.
යාමය දක්වන බෙරහඬ නික්මෙන තුරු වෙළඳ සැලතුළ පහන්දල්වා නොහිඳින්නේ සවස් කාලයෙහි සකසා කර්මාන්තය නොඅදිටයි නමි. හෙතෙම වනාහි සොරු උදයෙහිද දහවලද වියදම් කිරීමට නොපැමිණියාහුද සවස වෙළඳ සැලට ගොස් අඩුමිලට දෙත්. යන යමක්වේද එය හේතු කොට උපදනා ලාභයට අස්වාමිකයෙක්වෙයි.
න සක්කච්චං සමාධි නිමිත්තං අධිට්ඨාති යනු සකසා කිරීමෙන් සමාධියට නොඑළඹෙයි. මෙහිද උදයෙන්ම සෑමළු බෝමළුවල වත්කොට සෙනසුනට පිවිස පිඬුහැසිරෙන වේලාව දක්වා සමවතට නොනංවා නොහිඳින්නේ පෙරවරුයෙහි සකසා සමාධිනිමිත්ත නොඉටයි නමි. පසුබතෙහි පිණ්ඩපාතයෙන් ඉවත්වූයේ (වළඳා අවසන්වූයේ) රාත්රස්ථානදිවාස්ථානයන්ට පිවිස සවස්කාලය තෙක් සමවතට නංවා නොහිඳින්නේ මධ්යාහ්න සමය සකසා සමාධිනිමිත්ත නොඉටයි නමි. සවස් කාලයෙහි චෛත්යය වැඳ තෙරුන්ට උවටැනි කොට සෙනසුනට පිවිස පළමු යාමයෙහි සමවතට සමවැද නොහිඳින්නේ සවස් කාලයෙහි සකසා සමාධිනිමිත්ත නොඉටයි නමි. යහපත් පක්ෂය කියනලද්දට විරුද්ධ නයින් දතයුතුය. තවද මෙහි සමවතට නොනංවායි කියනලද තන්හි සමවත නොමැතිවිට විදර්ශනාවද වටියි. සමාධිනිමිත්ත යනුද සමාධි අරමුන යනුද වටීමය. කියන ලද්දේමය. ‘සමාධිය යනුද සමාධි නිමිත්තය සමාධි ආරම්මණය යනුද සමාධිනිමිත්තය.’
3. 1. 2. 10
දසවැන්නෙහි චක්ඛුමා යනු නුවණැසින් ඇස් ඇත්තේ වෙයි. විධුරො යනු විශිෂ්ට ධුර ඇත්තේ උත්තමධුර ඇත්තේ නුවණින් යුත් වීර්ය්යයෙන් සමන්විතවූයේයි. නිස්සයසම්පනේනා යනු උපකාරයක් ඇත්තේ, පිහිටකින් යුක්තවූයේයි. පණියං යනු විකිණියයුතු බඩුවයි. එත්තකං මූලං භවිස්සති එත්තකො උද්දයො යනු මේ දෙයෙහි මෙසේ විකුණු, මෙසේ විකුණන ලබනයයි කියනලද විකිණිය යුතු බඩුවෙන් මිළදීගත් මිළදී ගැනීම් සංඛ්යාත මුදල මෙපමණක් වන්නේය. ඒ විකුණනුලබන්නෙහි යම් විකිණීමක් වේද ඒ විකණීමෙහි මෙපමණ මිළනැගීමක්වන්නේය. මෙපමණ පොලියය යන අර්ත්ථයි.
කුසලො හොති පණියං කෙතුඤච විකෙකතුඤච යනු සුලබතැනට ගොස් මිළදී ගන්නේ දුලබතැනට ගොස් විකුණන්නේද මෙහි කුසලයා (දක්ෂයා) නම් වෙයි. දසගුණයක්ද විසිගුණයක්ද ලාභය ලබයි.
අඩ්ඨා යනු ඉසුරෝයි. බොහෝ තැන්පත් කිරීම් වශයෙන් යුක්තවූ අයයි. මහද්ධනා යනු පාවිච්චි කිරීම් වශයෙන් මහත් ධනය ඇත්තෝයි. මහාභොගා යනු උපභොග පරිභොග භාණ්ඩයන්ගෙන් මහාභෝග ඇතිඅයයි. පටිබලො යනු කාය බලයෙන් මෙන්ම ඤාණබලයෙන්ද යුක්තවූ හෙයින් සමර්ත්ථයෝයි. අම්භාකඤ්ච කාලෙන කාලං අනුප්පදාතුං යනු අපටද ගන්නාලද ධනය මුල්කොට ඇති වෘද්ධිය (පොලිය) කලින් කලට දෙන්නටයි. නිපත්න්ති යනු නිමන්ත්රණය (ආරාධනය) කරත්. නිවත්තන්ති යනුද පාඨයි. මේ අරුතමයි.