14. සන්ථාර වර්ගය
2. 3. 14. 1
සතරවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි තමන්ගේද අනුන්ගේද පරතරය වැසීම්වශයෙන් සිවුපසයෙන් ඇතිරීම ආමිස්සන්‍ථාරො නමි. ධර්‍මයෙන් ඇතිරීම ධම්මසන්‍ථාරො නමි. දෙවැන්නෙහි උපසර්‍ග මාත්‍රය විශේෂයයි.
තෙවැන්නෙහි කියනලද අයුරු ඇති ආමිසය සෙවීම ආමසෙසනායි. ධර්‍මය සෙවීම ධමේමසනායි. සිවුවැන්නෙහි උසර්‍ගමාත්‍රය විශේෂයයි.
පස්වැන්නෙහි මුදුන්පත්වූ ආමිෂය සෙවීම ආමිසපරියිට්ඨියි. මුදුන්පත්වූම ධර්‍මය සෙවීම ධම්මපරියිට්ඨියි කියනලදී.
සවැන්නෙහි ආමිසයෙන් පුදකිරීම ආමිසපූජායි. ධර්‍මයෙන් පිදීම ධම්මපූජායි.
සත්වැන්නෙහි ආතිථෙය්‍යානි යනු ආගන්තුක දානයෝයි. ආතිථෙය්‍යා යනුද පාඨයි.
අටවැන්නෙහි ආමිෂය ඉටුවීම් සමෘද්ධවීම්වශයෙන් ආමිසිද්ධියි. ධර්‍මයද සමෘද්ධවීම්වශයෙන් ධම්මද්ධියි.
නවවැන්නෙහි ආමිෂයෙන් වැඩීම ආමිසවුද්ධියි. ධර්‍මයෙන් වැඩීම ධම්මවුද්ධියි.
දසවැන්නෙහි ඇලුම් කිරීම් අරුතින් ආමිසය ආමිසරතනං නමි. ධර්‍මය ධම්මරතනං නමි.
එකොළොස්වැන්නෙහි ආමිෂය රැස්වීම වැඩීම ආමිස සන්නිචයොයි. ධර්‍මය එක්රැස්වීම, වැඩීම ධම්මසන්නිචයොයි.
දොළොස් වැන්නෙහි ආමිෂයාගේ මහත්බව ආමිසවෙපුල්ලං නමි. ධර්‍මයේ මහත්බව ධම්මවෙපුල්ලං නමි.
සිවුවෙනි වර්‍ගයයි.
15. සමාපත්ති වර්ගය
2. 3. 15. 1
පස්වෙනි වර්‍ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි සමාපත්තිකුසලතා යනු ආහාරයෙහි යෝග්‍යබව හා සෘතුන්හි යෝග්‍යබව සලකා සමවතට සමවැදීමේ දක්‍ෂතාවයි. සමාපත්තිවුට්ඨානකුසලතා යනු සීමා කිරීම් අනුව කාලය ගෙවීගියවිට ප්‍රකට බවට පැමිණ (සසංඥීව) සමවතින් නැගීසිටින්නේ වුට්ඨානකුසල නම්වෙයි. එබඳුවූ දක්‍ෂතාවයි.
දෙවැන්නෙහි අජ්ජවං යනු සෘජු බවයි. මද්දවං යනු මෘදුබවයි.
තෙවැන්නෙහි ඛන්ති යනු ඉවසීමේ ක්‍ෂාන්තියයි. සොරච්චං යනු මනාසිල්වත් බවින් සුරතබවයි.
සිවුවැන්නෙහි සාකල්‍යං යනු මෘදු වචනවශයෙන් සතුටුවන බවයි. පටිසන්‍ථාරා යනු ආමිසයෙන් හෝ ධර්‍මයෙන් පවත්නා පිළිසඳරයි.
පස්වැන්නෙහි අවිහිංසා යනු කරුණාවෙහි පූර්‍වභාගයයි. සොචෙය්‍යං යනු ශීලවශයෙන් පිරිසිදුබවයි. සවැනි සත්වැනි සූත්‍ර පැහැදිලි අරුත් ඇත්තේයි.
අටවැන්නෙහි පටිසංඛානබලං යනු ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේ බලයයි.
නවවැන්නෙහි මුළාවූ සත්‍යයෙහි නොසැලීමෙහි සිහියම සතිබලං නමි. නොසන්සුන් බවෙයි නොසැලීමෙන් සමාධියම සමාධිබලං නමි.
දසවැන්නෙහි සමථො යනු සිතෙහි එකඟබවයි. විපස්සනා යනු සංස්කාරයන් විමසාබැලීමේ නුවණයි.
එකොළොස්වැන්නෙහි සීලවිපත්ති යනු දුසිල්වත්බවයි. දිට්ඨිවිපත්ති යනු මිත්‍ථ්‍යාදෘෂ්ටියයි.
දොළොස්වැන්නෙහි සීලසම්පදා යනු පිරිපුන් සිල් ඇති බවයි. දිට්ඨිසම්පදා යනු සමෘක්දෘෂ්ටිකබවයි. එයින් කම්මස්සකතා සම්මාදිට්ඨි, ක්‍ධානසම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, මග්ගසම්මාදිට්ඨි, ඵලසම්මාදිට්ඨි යන සියලු සම්‍යක් දෘෂ්ටින්ම සංග්‍රහ වූයේවෙයි.
තෙළෙස් වැන්නෙහි සීලවිසුද්ධි යනු පිරිසුදුබවට පමුණුවන්නාවූ සීලයයි. දිට්ඨිවිසුද්ධි යනු විසුද්ධියට පමුණුවන්නාවූ සතරමාර්‍ග සමෘක් දෘෂ්ටියයි. පස්ආකාරවූ සමෘක්දෘෂ්ටියද වේ.
තුදුස්වැන්නෙහි දිට්ඨිවිසුද්ධි යනු විසුද්ධියට පමුණුවන්නාවූ සමෘක්දෘෂ්ටියමයි. යථාදිට්ඨිස්ස ච පධානං යනු පහතින්ම පිහිටි මාර්‍ගයෙන් යුක්තවූ වීර්යයි. එය වනාහි ඒ දෘෂ්ටියට අනුරූප බැවින් යථා දිට්ඨිස්සච පධානං යනුවෙන් කියනලදී.
පසළොස් වැන්නෙහි අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මේසු යනු අරහත් මාර්‍ගය හැර කුසලධර්‍මයන්හි අසතුබවයි.
සොළොස් වැන්නෙහි මුට්ඨසච්චං යනු මුළාවූ සිහි ඇතිබවයි. අසමප්ජඤ්ඤං යනු නොදන්නාබවයි.
සතළොස් වැන්නෙහි නොඉල්පීම ලක්‍ෂණකොට ඇත්තේ සති නමි. මනාව දන්නාබව ලක්‍ෂණකොට ඇත්තේ සම්පජඤ්ඤං නමි.
තෙවෙනි පණ්ණසකයයි.
16. ක්‍රොධ වර්ගය
මෙයින් මත්තෙහි කිපීම් ලක්‍ෂණ ඇත්තේ කොධො නමි. වෛරබැදීමේ ලක්‍ෂණය ඇත්තේ උපනාභො නමි. වෛරබැදීමේ ලක්‍ෂණය ඇත්තේ උපනාභො නි. හොඳදේ කිරීම මකාදමන ලක්‍ෂණයකොට ඇත්තේ මක්‍ඛො නමි. තරඟයට ඉදිරිපත් වීම ලක්‍ෂණකොට ඇත්තේ පළාසො නමි. නොයිවසීම ලක්‍ෂණයකොට ඇත්තේ ඉස්සා නමි. මසුරුබව මච්ඡරියං නමි. ඒ සියල්ලම මසුරුකම් කිරීමේ ලක්‍ෂණය ඇත්තේයි. කරනලද දෙය වැසීම් ලක්‍ෂණකොට ඇත්තේ මායා නමි. ඒ සියල්ලම මසුරුකම් කිරීමේ ලක්‍ෂණය ඇත්තේයි. කරනලද දෙය වැසීම් ලක්‍ෂණකොට ඇත්තේ මායා නමි. කෛරාටික ලක්‍ෂණය සාඨෙය්‍යං නමි. ලජ්ජානොවන ආකාරය අභිරිකං නමි. උපවාදයෙන් බිය නොවන බව අනොත්තප්පං නමි. අක්කොධ ආදිය ඔවුන්ට ප්‍රතිපක්‍ෂවශයෙන් දතයුතුයි.
සෙඛස්ස භික්‍ඛුනො යනු සත්ආකාරවූද ශෛක්‍ෂයාගේ මතුමත්තෙහි ගුණ පිරිහීම සඳහා පවතිත්යයි දතයුතුය. අපරිහානිය යනු මතුමත්තෙහි ගුණයන්ගෙන් නොපිරිහීම සඳහාය.
යථාභතං නික්‍ඛිතේතා යනු යම්සේ ගෙනවුත්, රැගෙනවුත් බහාතබනලද්දේද එසේ නිරයෙහි පිහිටියේ හෝයි දතයුතුයි.
එකචේචා යනු යමෙකුට මේ කොධාදිය වේද හෙතෙම එකචේචා (ඇතමෙක්) නම් වෙයි.
17. සතළොස්වනවග
1. අකුශල පෙය්‍යාලය
සාවජ්ජා යනු දොස් සහිත වූවෝයි. අනවඡ්ඡා යනු නිදොස් වූවෝයි. දුබුද්දයා යනු දුක්වඩන්නාවූයි. සුඛුද්දයා යනු සුව වඩන්නාවූයි. සව්‍යාපජ්ක්‍ධා යනු දුක්සහිතවූවෝයි. අච්‍යාපජක්‍ධා යනු දුක්රහිතවූවෝයි. මෙපමණකින් වර්‍ත විවර්‍තයන්ම කියනලදී.