2. 3. 12. 8
අටවැන්නෙහි තථාගතෙ ච තථාගතසාවකෙ ච යනු තථාගතයන්වහනසේ කෙරෙහි දෙවිදතුන් මෙන්ද තථාගතශ්‍රාවකයන් කෙරෙහි කොකාලික මෙන්ද වෙයි. යහපත් අංශයෙහි තතාගතයන්වහන්සේ කෙරෙහි අනඳතෙරුන් මෙන්ද තථාගතශ්‍රාවකයන් කෙරෙහි භූතවාලික සිටු පුත්‍රයා මෙන් ද වේ.
නව වැන්නේහි සචිත්තචොදානං යනු ස්වකීය සිතේ පිරිසුදුබවයි. සමවත් අටට මේ නමෙකි. නච කිඤ්චි ලොකෙ උපාදියති යනු ලෝකයෙහිද රූපාදී ධර්‍මයන්හි එක් ධර්‍මයකුදු නොගනියි. පරාමර්‍ශනය නොකරයි. මෙසේ මෙහි අනුපාදානය නම් වූ දෙවෙනි ධර්‍මයක් වෙයි. දසවැනි හා එකළොස් වැනි සූත්‍ර පැහැදිලිය.
දෙවෙනි වර්ගයයි.
13. දාන වර්ගය
2. 3. 13. 1
තෙවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි දානානි යනු දීම් වහයෙන් දානයෝයි. දෙය්‍යධර්‍මයට (දානවස්තුවට) මේ නමකි. වස්තුසහිතවූ චෙතනාව හෝ දානයයි. සම්පත් පරිත්‍යාග කිරීමට මේ නමකි. ආමිසදානං යනු සිවුපසය දීම්වශයෙන් ආමිසදානං නම්වෙයි. ධම්මදානං යනු මෙහි ඇතමෙක් නිවන ඇතිකරවන පිළිවෙත කියා දෙති. මෙය ධම්මදාන නමි.
දෙවැන්නෙහි යැදීම්වශයෙන් යාගො (යාගය) දතයුතුය.
තෙවැන්නෙහි ආමිසය දීම ආමිසචාගො නමි. ධර්‍මය දීම ධම්මවාගො නමි. සිවුවැන්නෙහි උපසර්‍ගමාත්‍රය විශේෂයයි.
පස්වැන්නෙහි සිවුපසය වැළඳීම ආමිසභොගො නමි. ධර්‍මය පරිභොග කිරීම ධම්මභොගො නමි. සයවැන්නෙහි උපසර්‍ගමාත්‍රය විශේෂයයි.
සත්වැන්නෙහි සිවුපසය බෙදාදීම ආමිස්සංවිභාගො නමි. ධර්‍මය බෙදාදීම ධම්මසංවිභාගො නමි.
අටවැන්නෙහි සිවුපසයෙන් සංග්‍රහ කිරීම ආමිස සඞ්ගභො නමි. ධර්‍මයේ සංග්‍රහ කිරීම ධම්මසඞ්ගභො නමි.
නවවැන්නෙහි සිවුපසයෙන් අනුග්‍රහය දැක්වීම ආමිසානුග්ගභො නමි. ධර්‍මයෙන් අනුග්‍රහ කිරීම ධම්මානුග්ගභො නමි.
දසවැන්නෙහි සිවුපසයෙන් අනුකම්පා කිරීම අමිසානුකම්පා නමි. ධර්‍මයෙන් අනුකම්පා කිරීම ධම්මානුකම්පා නමි.
තෙවෙනි වර්‍ගයයි.
14. සන්ථාර වර්ගය
2. 3. 14. 1
සතරවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි තමන්ගේද අනුන්ගේද පරතරය වැසීම්වශයෙන් සිවුපසයෙන් ඇතිරීම ආමිස්සන්‍ථාරො නමි. ධර්‍මයෙන් ඇතිරීම ධම්මසන්‍ථාරො නමි. දෙවැන්නෙහි උපසර්‍ග මාත්‍රය විශේෂයයි.
තෙවැන්නෙහි කියනලද අයුරු ඇති ආමිසය සෙවීම ආමසෙසනායි. ධර්‍මය සෙවීම ධමේමසනායි. සිවුවැන්නෙහි උසර්‍ගමාත්‍රය විශේෂයයි.
පස්වැන්නෙහි මුදුන්පත්වූ ආමිෂය සෙවීම ආමිසපරියිට්ඨියි. මුදුන්පත්වූම ධර්‍මය සෙවීම ධම්මපරියිට්ඨියි කියනලදී.
සවැන්නෙහි ආමිසයෙන් පුදකිරීම ආමිසපූජායි. ධර්‍මයෙන් පිදීම ධම්මපූජායි.
සත්වැන්නෙහි ආතිථෙය්‍යානි යනු ආගන්තුක දානයෝයි. ආතිථෙය්‍යා යනුද පාඨයි.
අටවැන්නෙහි ආමිෂය ඉටුවීම් සමෘද්ධවීම්වශයෙන් ආමිසිද්ධියි. ධර්‍මයද සමෘද්ධවීම්වශයෙන් ධම්මද්ධියි.
නවවැන්නෙහි ආමිෂයෙන් වැඩීම ආමිසවුද්ධියි. ධර්‍මයෙන් වැඩීම ධම්මවුද්ධියි.
දසවැන්නෙහි ඇලුම් කිරීම් අරුතින් ආමිසය ආමිසරතනං නමි. ධර්‍මය ධම්මරතනං නමි.
එකොළොස්වැන්නෙහි ආමිෂය රැස්වීම වැඩීම ආමිස සන්නිචයොයි. ධර්‍මය එක්රැස්වීම, වැඩීම ධම්මසන්නිචයොයි.
දොළොස් වැන්නෙහි ආමිෂයාගේ මහත්බව ආමිසවෙපුල්ලං නමි. ධර්‍මයේ මහත්බව ධම්මවෙපුල්ලං නමි.
සිවුවෙනි වර්‍ගයයි.
15. සමාපත්ති වර්ගය
2. 3. 15. 1
පස්වෙනි වර්‍ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි සමාපත්තිකුසලතා යනු ආහාරයෙහි යෝග්‍යබව හා සෘතුන්හි යෝග්‍යබව සලකා සමවතට සමවැදීමේ දක්‍ෂතාවයි. සමාපත්තිවුට්ඨානකුසලතා යනු සීමා කිරීම් අනුව කාලය ගෙවීගියවිට ප්‍රකට බවට පැමිණ (සසංඥීව) සමවතින් නැගීසිටින්නේ වුට්ඨානකුසල නම්වෙයි. එබඳුවූ දක්‍ෂතාවයි.
දෙවැන්නෙහි අජ්ජවං යනු සෘජු බවයි. මද්දවං යනු මෘදුබවයි.
තෙවැන්නෙහි ඛන්ති යනු ඉවසීමේ ක්‍ෂාන්තියයි. සොරච්චං යනු මනාසිල්වත් බවින් සුරතබවයි.
සිවුවැන්නෙහි සාකල්‍යං යනු මෘදු වචනවශයෙන් සතුටුවන බවයි. පටිසන්‍ථාරා යනු ආමිසයෙන් හෝ ධර්‍මයෙන් පවත්නා පිළිසඳරයි.
පස්වැන්නෙහි අවිහිංසා යනු කරුණාවෙහි පූර්‍වභාගයයි. සොචෙය්‍යං යනු ශීලවශයෙන් පිරිසිදුබවයි. සවැනි සත්වැනි සූත්‍ර පැහැදිලි අරුත් ඇත්තේයි.
අටවැන්නෙහි පටිසංඛානබලං යනු ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේ බලයයි.
නවවැන්නෙහි මුළාවූ සත්‍යයෙහි නොසැලීමෙහි සිහියම සතිබලං නමි. නොසන්සුන් බවෙයි නොසැලීමෙන් සමාධියම සමාධිබලං නමි.
දසවැන්නෙහි සමථො යනු සිතෙහි එකඟබවයි. විපස්සනා යනු සංස්කාරයන් විමසාබැලීමේ නුවණයි.
එකොළොස්වැන්නෙහි සීලවිපත්ති යනු දුසිල්වත්බවයි. දිට්ඨිවිපත්ති යනු මිත්‍ථ්‍යාදෘෂ්ටියයි.