11. ආසා වර්ගය
2. 3. 11. 1
තෙවෙනි පණණාසකයේ පළමුවෙනි සූත්රයෙහි ආසා යනු තාෂ්ණාවයි. දුප්පජ්භාති යනු අත්හැරීම අමාරුය, ඉවත් කිරීම අපහසුය. ලාභාශාව අත්හැරීම අපහසුබැවින් සත්වයෝ අවුරුදු දහයක් විස්සක් හැටක්වුවද අද ලබන්නෙමු. හෙට ලබන්නෙමුයයි රජවරුන්ට උවටැන් කරත්. කෘෂිකර්මාදිය කරත්. දෙපසින් පෙළගැසීගත් යුදයට පිවිසෙත්. එළුවන් යන මං, කඳුවල ගැසූ උල්වල එල්ලී යායුතු මං ආදියට එළඹෙත්, නැවිත් මහමුහුදට පිවිසෙත්. ජීවිතාශාව අත්හැරීමට අපහසු බැවින් මරණය (ලඟට) පැමිණිකල්හිද තමා අවුරුදු සියයක් ජීවත්වන්නෙකැයි සිතත්. හෙතෙම කර්ම කර්මනිමිති ආදිය දකින්නේද අනුකම්පාකරන්නවුන් විසින් දානයක් දෙව, පූජාවක් කරවයි කියනුලබන්නේද මම නොමැරෙමි. ජීවත් වන්නෙමැයි තාෂ්ණාව නිසා කිසිවකුගේ වචනයක් පිළිනොගනිමි.
2. 3. 11. 2
දෙවැන්නෙහි පුබ්බකාරී යනු පළමුව උපකාරකරන්නායි. කතඤ්ක්දූකතවෙදී යනු ඔහුවිසින් කළදෙය දැන පසුව උදවුකරන්නායි. ඔවුනතුරින් මුලින් උපකාර කරන්නා ණයක් දෙමැයි සංඥාවක් කරයි. කළගුණ දැන උදව්කරන්නා ණය ගෙවන්නෙමැයි සංඥාවක් කරයි.
තෙවැන්නෙහි තිතතොච තපේපතා ච යනු පසේ බුදුවරයාද තතාගතශ්රාවකවූ ක්ෂීණාශ්රවයන් වහන්සේද තිතතො නම්වෙයි. තථාගතවූ අරහත් සම්මාසම්බුදුන්වහන්සේ තිතතො තපේපතා ද වෙති.
සිවුවෙනි සූත්රයෙහි දුත්තප්පයා යනු දායකයා විසින් තෘප්තියට පැමිණිවිය නොහැකිය, තෘප්තිමත් කරවීමට පහසු නොවේ. නික්ඛිපති යනු බහාතබයි. විස්සජේජති යනු අනුන්ට දෙයි.
පස්වැන්නෙහි න විස්සජෙජති යනු සියල්ල අනුන්ට නොදෙයි. තමන්ට යැපෙන පමණක් ගෙන ඉතිරිය දෙයි.
සය වැන්නෙහි සුභනිමිත්තං යනු යහපත් අරමුණයි.
සත්වැන්නෙහි පටිඝනිමිත්තං යනු අනිටු අරමුනයි.
අටවැන්නෙහි පරතො ච ඝොසො යනු අනුන් සමීපයෙන් අසත්දම් ඇසීමයි.
නවවැන්නෙහි පරතො ච ඝොසො යනු සදහම් ඇසීමයි. සෙස්ස සියලුතන්හි පැහැදිලිමය.
පළමු වර්ගයයි.
12. ආයාචන වර්ගය
2. 3. 12. 1
දෙවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්රයෙහි එවං සම්මා අායාචමානො ආයාචෙය්ය යනු සැදැහැවත් භික්ෂුව නැඟිට සැරියුත් තෙරණුවෝ නුවණින් යම්බඳු වෙත්ද මමද එබන්දෙක් වෙමි. මුගලන් තෙරණුවෝ සෘද්ධියෙන් යම්බඳු වෙත්ද මමද එබඳු වෙමියි මෙසේ යදින්නේ ඇලුම්කරනනේ පතන්නේ (යන) යමක් ඇත්ද එයම පැතූබැවින් මනාව පතන්නේ නම්වෙයි. මෙයින් මත්තෙහි පතන්නේ වැරදි ලෙස පතන්නේය. මෙබඳුවූ පැතුම, යමක් නැත්ද එය පැතුබැවින් වැරදි පැතීම නම් වෙයි. කුමක් හෙයින්ද? එසා භික්ඛවෙ තුලා එතං පමාණං යනු රන් හෝ අමුරන් කිරන්නෙකුට යම්සේ තුලාව (තරාදිය) කැමතිවිය යුතුද ධාන්ය මනින්නෙකුට මිම්ම යම්සේ කැමතිවිය යුතුදැයි කිරා බැලීමෙහි තුලාවද මැනබැලීමෙහි මිම්මද ප්රමාණය වේද එසේම මගේ ශ්රාවක භික්ෂුන්ට යම් මේ සැරියුත් මුගලන් දෙනම වෙත්ද තුලාව එයමය. මිම්ම එයමය. ඔවුන් දෙදෙනා (මිම්මවශයෙන්) ගෙන මමද ඥානයෙන් හෝ සෘද්ධියෙන් හෝ එපමණ වෙමියි තමා තුලනය කිරීමට හෝ ප්රමාණ කිරීමට හැකිය. එයින් වෙනස් අයුරකින් නොවේ.
දෙවැනි සූත්රාදියෙහිද එම ක්රමයමයි. මෙය වනාහි විශේෂ මාත්රයයි. ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා ච යනු මොවුනතුරින් ඛෙමා තෙරණිය ප්රඥාවෙන්ද උප්පලවණ්ණා තෙරණිය සාද්ධියෙන්ද අග්රය. එහෙයින් ප්රඥාවෙන් හෝ සෘද්ධියෙන් හෝ මෙවැන්නියන් වෙමියි මනාව කැමති වන්නී අයදින්නේය. එසේම චිත්ත ගැහැවියා ප්රඥාවෙන් අග්රය. හත්ථක රජකුමරුවා මහත්සෘද්ධියෙන් අග්රය. එබැවින් ප්රඥවෙන් හෝ සෘද්ධියෙන් එබන්දෙක් වෙමියි මනාව පතන්නේ පතන්නේය. ඛුජ්ජුත්තරා මහාප්රඥාවෙන් අග්රය. නන්දමාතා මහත්සෘද්ධි ඇතිබවින් අග්රය. එබැවින් ප්රඥාවෙන් හෝ සෘද්ධියෙන් මෙවැන්නියක් වෙමයි මනාව පතන්නේ පතන්නේය.
2. 3. 12. 5
පස්වැන්නෙහි ඛතං යනු ගුණයන් විනාශවූ බැවින් ඛත නමි. උපහතං යනු ගුණයන් නැසූ බැවින් උපහත නමි. සිඳුණු ගුණ ඇති නටුවාවූ ගුන ඇති යන අරුත්ය. අත්තානං පරිහරති යනු ගුණ රහිත තමන් පිළිදැඟුම් කරයි, පෝෂණය කරයි. සාවජජො යන දොස් සහිත වූයේයි. සානුවජජො යනු උපවාද සහිත වූයේයි. පසවති යනු යළි ලබයි. අනනුචිච්ච යනු නොදැන, විනිශ්චය නොකොටයි. අපරියොගාහෙත්වා යනු නොපිවිසයි. අවණ්ණාරහස්ස යනු නුගුණෙන් යුත් වැරදි මගට බට තීර්ථකයෙකුගේ හෝ තීර්ථකශ්රාවකයෙකුගේ හෝයි. වණ්ණං භාසති යනු මෙතෙම සුපිළිපන්ය. මනාව පළිපන්නේයයි ගුණය කියයි. වණ්ණාරභස්ස යන බුද්ධාදීන් අතුරෙන් මනාව පිළිපන් යමෙකුගේයි. අවණ්ණං භාසති යනු මෙතෙම දුපිළිපන්ය. වැරදි ලෙස පිළිපන්නෙකැයි අගුණ කියයි. අවණ්ණාරස්ස අවණ්ණං භාසති යනු මෙහි ඇතැම් පුද්ගලයෙක් දුපිළිපන්, වැරදි ලෙස පිළිපන් තීර්ථකයන්ගේද තීර්ථක ශ්රාවකයන්ගේද මෙසේද දුපිළිපන්නෝය. මෙසේද වැරදි ලෙස පිළිපන්නෝයයි නුගුණ කියයි. වණ්ණාරහස්ස වණ්ණං යනු සුපිළිපන්වූ, මනාව පිළිපන්නාවූ බුදුවරුන්ගේද බුදුසව්වන්ගේද මෙසේද සුපිළිපන්නෝය, මෙසේද මනාව පිළිපන්නෝයයි ගුණය පවසයි.