2. 2. 7. 11
එකොළොස් වැන්නෙහි සප්පීතිකාරම්මණං යනු සප්රීතිකවූ ධ්යානදෙක මෙනෙහි කිරීමෙන් උපන් සැපතයි. නිප්පීතික අරමුණෙහිද මේ ක්රමයමැයි. දොළොස් වැන්නෙහිද මේ ක්රමයෙන්ම අර්ත්ථය දතයුතුය.
2. 2. 7. 13
තෙළෙස්වැන්නෙහි රූපාරම්මණං යනු රූපාවචරචතුත්ථජ්ක්ධානක අරමුණ හෝ යම්කිසි රූපයක් අරභයා උපදින අරමුණ හෝ වෙයි. අරූපාරම්මණං යනු අරූපධ්යාන අරමුණයි. යම්කිසි අරූපයක් ඇරබ උපදින්නාවූ අරමුණක් හෝ වෙයි.
දෙවෙනි වර්ගයයි.
8. සනිමිත්ත වර්ගය
2. 2. 8. 1
තෙවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්රයෙහි සනිමිත්තා යනු කරුණු සහිතවූයේයි. දෙවෙනි සූත්රාදියෙහිද මේ ක්රමයමයි. නිදාන, හෙතු, සඞ්ඛාර පච්චය, රූප යන මේ සියල්ල කාරණයන්නට පර්ය්යායවචනයි.
2. 2. 8. 7
සත්වෙනි පූත්රයෙහි ස්වෙදනා යනු ප්රත්යයවූ එක්ව යෙදුණු වේදනාව ඇති කල්හිම උපදිත්. නොමැතිවිට නැත යන අරුත්ය.
2. 2. 8. 8
අටවෙනි නවවෙනි සුත්රයන්හිද එම ක්රමයමයි. දසවැන්නෙහි සඞ්ඛතාරම්මණා යනු ප්රත්යයන්ගෙන් හටගත් සංස්කෘත ධර්ම අරමුණු කොට උපදිත්. නො අසඞ්ඛතාරම්මණා යනු අසංසකෘතවූ නිර්වාණය අරභයා නොඋපදිත්. න හොන්ති යනු මාර්ගක්ෂණයෙහි නොවෙත් නමි. ඵලය පැමිණිවිට නොවූහයි. මෙසේ මේ ස්ථාන දශයෙහි අරහත්බව දක්වා දේශනය දක්වලදී.
තෙවෙනි වර්ගයයි
9. ධර්ම වර්ගය
2. 2. 9. 1
සිවුවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්රයෙහි චෙතොවිමුත්ති යනු ඵලසමාධියයි. පඤ්ඤාවිමුත්ති යනු ඵලප්රඥාවයි.
දෙවැන්නෙහි පග්ගාහො යනු වීර්ය්යයයි. අවික්ඛෙපො යනු සිතේ එකඟබවයි.
තෙවෙනි සූත්රයෙහි නාමං යනු අරූපස්කන්ධයයි. රූපං යනු රූපසක්නධයයි. මෙසේ මේ සූත්රයෙහිදී ධර්ම කොට්ඨාශපරිචේජ්දක ඥානය කියනලදී.
සතර වැන්නෙහි විජ්ජා යනු ඵලඥානයයි. විමුත්ති යනු එය සමඟ එක්වූ ඉතිරි ධර්මයෝයි.
පස්වැන්නෙහි භවදිට්ඨි යනු ශාශ්වතදෘෂ්ටියයි.
සවෙනි සත්වෙනි සූත්රයන්හි පැහැදිලි අරුත් ඇත්තේය.
අටවැන්නෙහි දොවචස්සතා යනු දුර්වචභාවයයි. පාපමිත්තතා යනු පවිටුමිතුරන් සෙවුනාබවයි.
නවවෙනි සූත්රය කියනලද්දට විරුද්ධ නයින් දතයුතුය.
දසවැන්නෙහි ධාතුකුසලතා යනු අටළොස් ධාතූන් ධාතුයයි දැනීමයි. මනසිකාරකුලසකා යනු ඒ ධාතූන්ගේම අනිතයාදී වශයෙන් ලක්ෂණත්රයට නඟා දැනීමයි.
එකොළොස්වැන්නෙහි ආපත්තිකුසලතා යනු පස්වැදැරුම් හා සත්වැදැරුම් ආපත්තිස්කන්ධයන් දැනීමයි. ආපත්තිවුට්ඨානකුසලතා යනු දෙසීමෙන් හෝ කර්මාවාක්යයෙන් ඇවතින් නැඟිසිටීම දැනීමයි.
සතරවෙනි වර්ගයයි
10. බාල වර්ගය
2. 2. 10. 1
පස්වෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්රයෙහි අනාගතං භාරං වහති යනු ‘සම්මජ්ජනී පදීපො ච උදකං ආසනේන ච, ඡන්දපාරිසුද්ධි උතුක්ඛානං භික්ඛු ගණණා ච එවාදො පාතිමොක්ඛං ථෙරභාරොති වුච්චති’ යන්නෙන් දැක්වෙන මෙම දශවිධවූ ථෙරභාරය (තෙරුන්ගේ වගකීම්) නවකයෙක්වී තෙරුන් විසින් නොඅනුදන්නාලදුව කරන්නේ නොපැමිණි බර දරන්නේ නම් වෙයි. ආගතං භාරං න වහති යනු තෙර කෙනෙකුන්වී ඒ දසවැදැරුම් වගකීම් තමා හෝ නොකරන්නේ අනුන් ලවාද නොකරවන්නේ පැමිණි වගකීම් නොදරයි නමි. දෙවෙනි සූත්රයෙහිද මේ ක්රමයෙන්ම අරුත් දතයුතුය.