2. 2. 10. 1
පස්වෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්රයෙහි අනාගතං භාරං වහති යනු ‘සම්මජ්ජනී පදීපො ච උදකං ආසනේන ච, ඡන්දපාරිසුද්ධි උතුක්ඛානං භික්ඛු ගණණා ච එවාදො පාතිමොක්ඛං ථෙරභාරොති වුච්චති’ යන්නෙන් දැක්වෙන මෙම දශවිධවූ ථෙරභාරය (තෙරුන්ගේ වගකීම්) නවකයෙක්වී තෙරුන් විසින් නොඅනුදන්නාලදුව කරන්නේ නොපැමිණි බර දරන්නේ නම් වෙයි. ආගතං භාරං න වහති යනු තෙර කෙනෙකුන්වී ඒ දසවැදැරුම් වගකීම් තමා හෝ නොකරන්නේ අනුන් ලවාද නොකරවන්නේ පැමිණි වගකීම් නොදරයි නමි. දෙවෙනි සූත්රයෙහිද මේ ක්රමයෙන්ම අරුත් දතයුතුය.
2. 2. 10. 3
තෙවැන්නෙහි අකප්පියෙ කප්පියසඤ්ඤී යනු අකැපවූ සිංහමස් ආදියෙහි මෙය කැපයයි මෙසේ හැඟිම් ඇත්තේයි. කප්පිය අකප්පියසඤ්ඤී යනු කිඹුල්මස්, බළල්මස් ආදී කැපදෙයෙහි මෙය අකැපයයි මෙසේ හැඟීම් ඇත්තේයි. සිවුවැන්න කියනලදනයින් දතයුතු.
2. 2. 10. 5
පස්වැන්නෙහි අනාපත්තියා ආපත්තිසඤ්ඤී යනු විමසා භාණ්ඩයක් සෝදන්නාට, පාත්රයක් පිසීන්නාට, කෙස් සිඳින්නාට, ගමට පිවිසෙන්නාට ආදියෙහි නොඇවතයි. එහි මෙය ඇවතැයි මෙසේ හැඟීම් ඇත්තේයි. ආපත්තියා අනාපත්තිසඤ්ඤී යනු ඒ වස්තූන්ම නොවිමසා කිරීමෙහි ඇවතයි එහි නොඇවතයි මෙසේ හැඟීම් ඇත්තායි. සයවැන්නෙහිද කියනලද නයින්ම අර්ත්ථය දතයුතුයි. සත්වැනි සූත්රාදිය පැහැදිලි අරුත් ඇත්තේයි.
2. 2. 10. 11
එකොළොස්වැන්නෙහි ආසවා යනු කෙලෙස්ය. න කුක්කුච්චායිතබ්බං යනු සංඝභොගය (සංඝයා අයත් දෙය) නොපිහිටුවීම, නොවිමසීම නකුකකුච්චායිතබ්බ (කුකුස් නොකළයුතු) නමි. කුකුකුච්චායිතබ්බං යනු එයම පිහිටුවීම, විමසීමයි. එය සැක නොකරයි. දොළොස්වැන්න ආදිය යට කියනලදනයින් දතයුතුය.
දෙවෙනි පණ්ණසකයයි.
තෙවන පණ්ණාසකය
11. ආසා වර්ගය
2. 3. 11. 1
තෙවෙනි පණණාසකයේ පළමුවෙනි සූත්රයෙහි ආසා යනු තාෂ්ණාවයි. දුප්පජ්භාති යනු අත්හැරීම අමාරුය, ඉවත් කිරීම අපහසුය. ලාභාශාව අත්හැරීම අපහසුබැවින් සත්වයෝ අවුරුදු දහයක් විස්සක් හැටක්වුවද අද ලබන්නෙමු. හෙට ලබන්නෙමුයයි රජවරුන්ට උවටැන් කරත්. කෘෂිකර්මාදිය කරත්. දෙපසින් පෙළගැසීගත් යුදයට පිවිසෙත්. එළුවන් යන මං, කඳුවල ගැසූ උල්වල එල්ලී යායුතු මං ආදියට එළඹෙත්, නැවිත් මහමුහුදට පිවිසෙත්. ජීවිතාශාව අත්හැරීමට අපහසු බැවින් මරණය (ලඟට) පැමිණිකල්හිද තමා අවුරුදු සියයක් ජීවත්වන්නෙකැයි සිතත්. හෙතෙම කර්ම කර්මනිමිති ආදිය දකින්නේද අනුකම්පාකරන්නවුන් විසින් දානයක් දෙව, පූජාවක් කරවයි කියනුලබන්නේද මම නොමැරෙමි. ජීවත් වන්නෙමැයි තාෂ්ණාව නිසා කිසිවකුගේ වචනයක් පිළිනොගනිමි.
2. 3. 11. 2
දෙවැන්නෙහි පුබ්බකාරී යනු පළමුව උපකාරකරන්නායි. කතඤ්ක්දූකතවෙදී යනු ඔහුවිසින් කළදෙය දැන පසුව උදවුකරන්නායි. ඔවුනතුරින් මුලින් උපකාර කරන්නා ණයක් දෙමැයි සංඥාවක් කරයි. කළගුණ දැන උදව්කරන්නා ණය ගෙවන්නෙමැයි සංඥාවක් කරයි.
තෙවැන්නෙහි තිතතොච තපේපතා ච යනු පසේ බුදුවරයාද තතාගතශ්රාවකවූ ක්ෂීණාශ්රවයන් වහන්සේද තිතතො නම්වෙයි. තථාගතවූ අරහත් සම්මාසම්බුදුන්වහන්සේ තිතතො තපේපතා ද වෙති.
සිවුවෙනි සූත්රයෙහි දුත්තප්පයා යනු දායකයා විසින් තෘප්තියට පැමිණිවිය නොහැකිය, තෘප්තිමත් කරවීමට පහසු නොවේ. නික්ඛිපති යනු බහාතබයි. විස්සජේජති යනු අනුන්ට දෙයි.