16. ක්රොධ වර්ගය
මෙයින් මත්තෙහි කිපීම් ලක්ෂණ ඇත්තේ කොධො නමි. වෛරබැදීමේ ලක්ෂණය ඇත්තේ උපනාභො නමි. වෛරබැදීමේ ලක්ෂණය ඇත්තේ උපනාභො නි. හොඳදේ කිරීම මකාදමන ලක්ෂණයකොට ඇත්තේ මක්ඛො නමි. තරඟයට ඉදිරිපත් වීම ලක්ෂණකොට ඇත්තේ පළාසො නමි. නොයිවසීම ලක්ෂණයකොට ඇත්තේ ඉස්සා නමි. මසුරුබව මච්ඡරියං නමි. ඒ සියල්ලම මසුරුකම් කිරීමේ ලක්ෂණය ඇත්තේයි. කරනලද දෙය වැසීම් ලක්ෂණකොට ඇත්තේ මායා නමි. ඒ සියල්ලම මසුරුකම් කිරීමේ ලක්ෂණය ඇත්තේයි. කරනලද දෙය වැසීම් ලක්ෂණකොට ඇත්තේ මායා නමි. කෛරාටික ලක්ෂණය සාඨෙය්යං නමි. ලජ්ජානොවන ආකාරය අභිරිකං නමි. උපවාදයෙන් බිය නොවන බව අනොත්තප්පං නමි. අක්කොධ ආදිය ඔවුන්ට ප්රතිපක්ෂවශයෙන් දතයුතුයි.
සෙඛස්ස භික්ඛුනො යනු සත්ආකාරවූද ශෛක්ෂයාගේ මතුමත්තෙහි ගුණ පිරිහීම සඳහා පවතිත්යයි දතයුතුය. අපරිහානිය යනු මතුමත්තෙහි ගුණයන්ගෙන් නොපිරිහීම සඳහාය.
යථාභතං නික්ඛිතේතා යනු යම්සේ ගෙනවුත්, රැගෙනවුත් බහාතබනලද්දේද එසේ නිරයෙහි පිහිටියේ හෝයි දතයුතුයි.
එකචේචා යනු යමෙකුට මේ කොධාදිය වේද හෙතෙම එකචේචා (ඇතමෙක්) නම් වෙයි.
17. සතළොස්වනවග
1. අකුශල පෙය්යාලය
සාවජ්ජා යනු දොස් සහිත වූවෝයි. අනවඡ්ඡා යනු නිදොස් වූවෝයි. දුබුද්දයා යනු දුක්වඩන්නාවූයි. සුඛුද්දයා යනු සුව වඩන්නාවූයි. සව්යාපජ්ක්ධා යනු දුක්සහිතවූවෝයි. අච්යාපජක්ධා යනු දුක්රහිතවූවෝයි. මෙපමණකින් වර්ත විවර්තයන්ම කියනලදී.
2. විනය පෙය්යාලය
දේවමෙ භික්ඛවෙ අත්ථවසෙ පටිච්ච යනු මහණෙනි, අරුත් දෙකක් නිසා, කරුණු දෙකක් සඳහායි. සික්ඛාපදං පඤ්ඤත්තං යනු ශික්ෂා කොටස් තැබීය. සඞ්ඝසුට්ඨුතාය යනු යහපත්බව සඳහායි. මැනව ස්වාමීනියි පවසා පිළිගැනීම සඳහාය යන අරුත්ය. සඞ්ඝඵාසුතාය යනු සඞ්ඝයාගේ පහසුබව සඳහායි. දුඞ්මඩ්කුනං යන දුසිලුන්ගේයි. පෙසලානං යනු ප්රියශීලීන්ගේයි. දිට්ඨධම්මිකානං ආසවානං ඉහාත්මයෙහි මේ අත්බැව්හි ඉක්මවීම හේතුකොටගෙන ලබන්නා වූ වධබන්ධන ගැරහීම් ආදී දුක්කම්කටොලු සංඛ්යාත ආශ්රවයන්ගේයි. සංවරාය යනු වැසීම සඳහායි. සම්පරායිකානං යනු එබඳු වූම අපායට අයත් දුක් නමැති පරලොවෙහි උපදින ආශ්රවයන්ගේද යනුයි. පටිඝාතාය යනු වැළැක්වීම සඳහායි. චෙරානං යනු අකුසල වෛරයන්ගේත් පුද්ගල වෛරයන්ගේත්ය. වජ්ජානං යනු දොෂයන්ගේයි. ඒ දුක්ඛධර්මයෝම හෝ දුරුකළයුතු බැවින් මෙහි වරදයයි අදහස් කරනලදහ. භයානං යනු සිත්තැතිගැනීම් බියේද, බියට හේතුවන්නාවූ ඒ දුක්ඛධර්මයන්ගේද වේ. අකුසලානම්පි යනු පිහිටක් නැතිය යන අර්ත්ථයෙන් අකුශල සංඛ්යාතවූ දුකඛධර්මයන්ගේයි. ගිහීනං අනුකම්පාය යනු ගිහියන් දොස් නඟනවිට පැනවූ ශික්ෂාපදය ගිහියන්ට අනුකම්පා සඳහා පණවනලද්දේනමි. පාපිච්ඡානං පක්ඛුපචේඡදාය යනු පවිටෝ (තමන්ට) පක්ෂයක් (සාදාගැනීම) සඳහා සඞ්ගයා බිඳින්නාහයි ඔවුන්ගේ පක්ෂය සිඳිණු සඳහායි. අප්පසන්නානං පසාදාය යනු ශික්ෂාපද පැනවීම දැක කලින් නොපහන්වූ පණ්ඩිත මනුෂ්යයන්ගේ පැහැදීම උපදවාලනු සඳහායි. පසන්නානං භිය්යොභාවාය යනු පැහැදුනවුන්ගේ මතුමත්තෙහි පැහැදීම සඳහායි. සද්ධම්මට්ඨිතියා යනු සද්ධර්මය බොහෝකල් පැවැත්ම සඳහායි. විනයානුග්ගහාය යනු පස් ආකාරවූ විනයට අනුග්රහය සඳහායි.
පාතිමොක්ඛං පඤ්ඤත්තං යනු භික්ෂුප්රාතිමෝක්ෂය භික්ෂුණී ප්රාතිමොක්ෂය යන දෙයාකාර ප්රාතිමොක්ෂය පනවනලදී. පාතිමොක්ඛුදේදසා යනු භික්ෂූන්ගේ පසය භික්ෂුණීන්ගේ සතරය යන නව ප්රාතිමොක්ෂ උද්දේශයෝ පනවන ලද්දාහ. පාතිමොක්ඛට්ඨපනං යනු උපොෂථය තැබීමයි. පවාරණා පඤ්ඤත්තා යන තුදුස්වකය පසළොස්වකයයි පවාරණ දෙකක් පනවනලදී. පවාරණ්ට්ඨපනං පඤ්ඤත්තං යනු ඇවැත් සහිත භික්ෂුවට පවාරණඤත්තිය ඇතිකල්හි පවාරණය තැබීම පනවනලදී. තජ්ජනීය කර්මාදියෙහිදී භික්ෂූන්ට වාග්ප්රහාරයන්ගෙන් පහරදෙන්නාවූ පණ්ඩුකලෝහිතක භික්ෂූන්ට තජ්ජනීය කම්මය පනවනලදී. මෝඩ නොවියත්වූ සෙය්යසක භික්ෂූවට නිස්සයකම්මය පනවනලදී. කුලදූෂණය කරන්නාවූ අස්සජි පුනබ්බසුක භක්ෂූන් අරභයා පබ්බජනීය කම්මය පනවනලදී. පටිසාරණීය කම්මං, පටිසාරණීය කර්මය ගිහියන්ට ආක්රොශකරන්නාවූ සුධම්ම තෙරුන්ට පනවනලදී. උක්ඛපනීයකම්මං උත්ක්ෂෙපනීය කර්මය ඇවැත් නොදැකීම් ආදියෙහි පනවනලදී. පරිවාසදානං පිරිවෙස්දීම ගරුක ඇවතකට පැමිණියහුට ඇවත වැසුණුකල්හි පනවනලදී. මූලායපටිකස්සනං, මූලායපටිකස්සනය පිරිවෙස් කාලය අතරතුර ඇවැත්අවන්නහුට පනවනලදී. මානත්තදානං මානතදීම පිළිසන්වූද නොපිළිසන්වූද ඇවතෙහි පනවනලදී. ඔසාරණීයං, ඔසාරණීය කර්මය මානව පවතින්නහුට පනවනලදී. නිස්සාරණීයං, නිස්සාරණීය කර්මය නොමනා පැවතුම් ආදියෙහි පනවනලදී.