2. 1. 3. 9
නවවැන්නෙහි පටිග්ගාහා යනු ප්රතිග්රාහක (පිළිගන්නෝ)යි කරුණු දෙකක් දුසිල්වත් පුද්ගලයකු පිළිගනියි යන අර්ත්ථයි.
2. 1. 3. 10
දසවැන්නෙහි අත්ථවසෙ යනු කාරණයෝයි. අරඤෙඤචනපත්ථානි යනු ආරණ්ය සහ වනාශ්රමයි. එහිදී අභිධර්මයෙහි නිෂ්පර්යාය වශයෙන් ඉන්ද්රඛීලයෙන් පිටත සියල්ල ආරණ්යයි කියනලදී. එසේම දුනු පන්සියයකින් පසුවූ ආරණ්යකාංගය නිෂ්පාදනය කරන්නාවූ යම් සෙනසුනක් කියනලද්දේද එයම අදහස් කරනලදැයි දතයුතුය. වනපත්ථං යනු ග්රාමානත්ය ඉක්මවා මිනිසුන්ට උපචාරය නොවූ නොසාන නොවපුරන තැනයි. පන්තානි යනු ඈත්වූ දුරවූ තැන යනුයි. දිට්ඨධම්මසුඛවිහාරං යනු ලෞකික ලෝකෝත්තරවූ පහසු පැවැත්මයි. පච්ජිමං ජනතා අනුකමප්මානො යනු අනාගතයෙහි මගේ ශ්රාවකයන්ට අනුකම්පා කරමින් යනුයි.
2. 1. 3. 11
එකොළොස් වැන්නෙහි විජ්ජාභාගියා යනු විද්යා කොට්ඨාශයට අයත්දේයි. සමථො යනු සිතේ එකඟතාවයි. විපස්සනා යනු සංස්කාරයන් පරීක්ෂා කිරීමේ නුවණයි. කමත්ථං අනුහොති යනු කවර අර්ත්ථයක් ආරාධනය කරයිද සපයයිද සුපරයිද යනුයි. චිත්තං භාවියති යනු මාර්ගසිත වඩයි වර්ධනය කරයි යනුයි. යො රාගො සො පහීයති යනු යම් රැඳීම් වශයෙන්වූ රාගයක් වේද එය දුරුවෙයි. රාගය මාර්ගසිතට ප්රතිපක්ෂය මාර්ගචිත්තය රාගයටද ප්රතිපක්ෂය, රාගක්ෂණයෙහි මාර්ගසිත නැත. මාර්ගචිත්තක්ෂණයෙහි රාගය නැත. යම්විටක රාගය උපදියිද එවිට මාර්ගසිතේ උපත වළක්වයි. පිහිටිතැන සිඳලයි. යම්විටෙක මාර්ග සිත උපදියිද එවිට රාගය මුල්සහිතව උගුළුවා විනාශ කරමින්ම උපදියි. එබැවින් රාගය ප්රහීන වේයයි කියනලදී.
විපස්සනා භාවිතා යනු විදර්ශනාඥානය වඩනලදී. වර්ධනය කරනලදී. පඤ්ඤ භාවීයති යනු මාර්ගප්රඥාව දියණුකරයි. වඩයි, වර්ධනය කරයි. යා අවිඡ්ඡා සා පහීයති යනු අටතැනකවූ සංසාරමූලක මහා අවිද්යාව දුරුවෙයි. අවිද්යාව මාර්ග ප්රඥාවට ප්රතිපක්ෂය, මාර්ගප්රඥාව අවිද්යාවට ප්රතිපක්ෂය, අවිද්යාව ඇතිවට මාර්ගප්රඥාව නැත. මාර්ග ප්රඥාව ඇතිවිට අවිද්යාව නැත. යම්විටක අවිද්යාව උපදියිද එවිට මාර්ගප්රඥාවේ උපත වළක්වයි. පිහිටි තැන සිඳලයි. යම්විටක මාර්ග ප්රඥාව උපදියිද එවිට මුල්සහිත අවිද්යාව උගුළුවා සහමුලින් වනසමින්ම උපදියි. එහෙයින් අවිද්යාව පහවේයයි කියනලදී. මෙසේ මාර්ගසිත මාර්ගප්රඥා යන එකට උපන් ධර්මදෙකම කියනලදී.
රාගුපක්කිලිට්ඨං වා භික්ඛවෙ චිත්තං න විමුච්චති යනු රාගයෙන් කිළිටිවූබැවින් මාර්ග සිත නොමිදේයයි දැක්වෙයි. අවිජ්ජුපක්කිලිට්ඨා වා පඤ්ඤ න භාවියති යනු අවිද්යාවෙන් කිළිටිවූබැවින් මාර්ගප්රඥාව නොවැඩේයයි දක්වනුලැබේ. ඉති ඛො භික්ඛවෙ යනු මහණෙනි, එසේයි. රාගචිරාගා චෙතොවිමුත්ති යනු රාගය විනාශ වීයාමෙන් චෙතොවිමුත්ති නම්වෙයි. මෙය ඵලසමාධියට නමෙකි. අවිච්ඡාවිරාගා පඤ්ඤාවිමුත්ති යනු අවිද්යාව විනාශවී යාමෙන් පඤ්ඤාවිමුත්ති නම්වෙයි. මේ සූත්රයෙහිදී නානාක්ෂණිකවූ විදර්ශනා සමාධිය කියනලදී.
තෙවෙනි බාලවර්ගයයි
4. සමචිත්ත වර්ගය
2. 1. 4. 1
සතරවෙනි වර්ගයෙහි ප්රථම සූත්රයෙහි අසප්පුරිසභූමි යනු අසත්පුරෂයන් පිහිටා සිටින තැනයි. සප්පුරිසභූමි යන්නෙහිද මේ ක්රමයමයි. අකතඤ්ඤු යනු කළදේ නොදනියි. අක්තවේදී යනු කළදෙය ප්රකටකොට නොදනියි. උපඤ්ඤාතං යනු වර්ණනාකරනලද, සතුති කරනලද, පස්සනලද යනුයි. යදිදං යනු යම් මේයි. අකතඤඤුතා අකතවෙදිතා යනු අනුන් විසින් කරනලද උපකාරය නොදැනීම මෙන්ම ප්රකටකොට නොදැනීමද වේ. කෙවලා යනු සියල්ලයි. හොඳ පැත්තෙහිද කියනලද ක්රමයෙන්ම අර්ත්ථය දතයුතුයි.
2. 1. 4. 2
දෙවෙනි සූත්රයෙහි මාතුච්චපිතුච්ච යනු ඉපදවු මවද ඉපදවු පියාදවේ. එකෙන භික්ඛවෙ අංසෙන මාතරං පරිභරෙය්ය යනු එක් උරහිසක තබා මව පිළිදැගුම් කරන්නෙයි. එකෙන අංසෙන පිතරං යනු එක් උරහිසක තබාගෙන පියා පිළිදැගුම් කරන්නේය. වස්සතායුකො වස්සසතජිවී යනු අවුරුදු සියයක් ආයුෂ ඇති කාලයෙහි උපන් සියලු අවුරුදු සියයම ජීවත්වනනේයි. ඉදින් පුතෙක් මවුපියන්ට සලකන්නේමැයි නැගි නැඟී දකුණු උරහිසෙහි මවද වමෙහි පියාද පිහිටුවා වස් සියයක් ආයු ඇත්තේ සියලු අවුරුදු සියයම ජීවත් වෙමින් පිළිදැගුම් කරන්නේය යන මෙය කියනලදී. සො ච නෙසං උච්ඡාදන පරිමද්දන නහාපන සම්බාහනේන යනු ඒ පුතා උරහිස්වල හුන්නාවූම මවුපියන්ට දුගඳ දුරුකරනු සඳහා සුවඳවත්කරන සුවඳ ගැල්වීමෙන්ද මහන්සිය දුරුකරනු සඳහා සුවඳවත්කරන සුවඳ ගැල්වීමෙන්ද මහන්සිය දුරුකරනු සඳහා අත්පිරිමැදීමෙන් ශීත උෂ්ණකාලයෙහිද උණුසුම් සිසිල් දිය නැහැවීමෙන්ද අත්පාආදිය ඇදීම් පෙළීම් සංඛ්යාත පිරිමැදීමෙන්ද උවටැන් කරන්නේයි. තෙ ච තත්ථෙව යනු ඒ මවුපියෝ ඒ උරහිස්වල හුන්නාහුම මළමූ කරන්නාහුය. නත්ථෙව භික්ඛවෙ යනු මහණෙනි, මෙසේද මවුපියන්ට උවටැන් කරනලද්දේ හෝ ප්රතිඋපකාර කරනලද්දේ නොවේමය.