2. 1. 2. 10
දසවෙනි සූත්‍රයෙහි දුන්නික්‍ඛිත්තං ච පදව්‍යංජනං යනු උපිළිවෙළින් ගන්නාලද පාළි පදයම අ අර්‍ත්‍ථයාගේ ව්‍යංජනය බැවින් ව්‍යංජනයයි කියනුලැබේ. මේ දෙකම පාළියටම නමකි. අත්‍ථො ච දූන්නීතො යනු පෙරළා උපිළිවෙළින් ගන්නාලද අර්‍ත්‍ථකථාවයි. දුන්නික්‍ඛිත්තස්ස භික්‍ඛවෙ පදව්‍යංනස්ස අත්‍ථොපි දුන්නයො හොති යනු පෙරළා උපිලිවෙළින් ගන්නාලද පාළියේ අර්‍ත්‍ථකථාව නම් වැරදික්‍රම ඇත්තේය. වැරදි ලෙස ඉදිරිපත්කරලද්දේය. වැරදි විස්තර කථා ඇත්තේනම්වෙයි.
එකොළොස් වැන්නෙහිදී කියනලද ක්‍රමයට විරුද්ධ ක්‍රමයෙන් අර්‍ත්‍ථය දතයුතුය.
දෙවැනිවූ අධිකරණ වර්‍ගයයි.
3. බාල වර්ගය
2. 1. 3. 1
තුන්වෙනි වර්‍ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි අච්චයං අච්චයතො නපස්සති යනු වරදක්කොට මවිසින් වරදක් කරනලැදැයි තමන්ගේ වරද නොදකියි. මවිසින් වරද කරනලදැයි පවසා දඬුවම පමුණුවාගෙන ක්‍ෂාම නොකරන්නේය යන අර්‍ත්‍ථයි. අච්චයං දෙසෙන්තස්ස යනු එසේ කියා දඬුවම පමුණුවාගෙන ක්‍ෂමාකරන්නහුටයි. යථා ධම්මං න පතිගණ්හාති යනු යළි මෙසේ නොකරමි. මට ක්‍ෂමා කරනු මැනවැයි කියමින් මේ යථාතත්වය ඇති සැටිය නොපිළිගනියි. මෙතැන් පටන් යළි මෙවැන්නක් නොකරව, නුඹට ක්‍ෂාමා කරමියි නොකියයි. හොඳ පැත්ත කියනලද්දට විරුද්ධ ක්‍රමයෙන්ම දතයුතුය.
2. 1. 3. 2
දෙවෙනි සූත්‍රයෙහි අබ්භාචික්‍ඛං යනු යටපත් කොට කියති, නොසිදුවූ දෙයින් කියතියි. දොසන්තරො යනු ඇතුළත පිහිටි දොසයි. මෙබන්දෙක් වනාහි ශ්‍රමණ ගෞතමයන්ට උතුරුමිනිස් දහමක් නැතැයි ආදිය කියමින් සුනක්‍ඛත්ත මෙන් තථාගතයන්වහන්සේගේ ඇති ගුණය වසා පවසයි. සදේවා වා දුග්ගහීතෙන යනු යමෙක් හෝ නුවණනැති ශ්‍රද්ධාවෙන් අතිශ්‍රද්ධාවන්තයෙක්වේද මෝඩලෙස පැහැදුනේවේද හෙතෙමේත් බුදුන්වහන්සේ නම් සියල්ලෙන්ම ලෝකෝත්තරය. උන්වහන්සේගේ කෙස් ආදී සියලු කොටස් දෙතිසම ලෝකෝත්තරමයයි ආදි ක්‍රමයෙන් වැරදි ලෙස ගෙන බුදුන්වහන්සේට නොමැති දෙය ඇතිදෙය ලෙස කථාකරයි. තෙවැනි සූත්‍රය ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.
2. 1. 3. 4
සතරවෙනි සූත්‍රයෙහි නෙය්‍යත්‍ථං සුත්තන්තං යනු යම් සූත්‍රයක අර්‍ත්‍ථය පැමිණවිය යුතුවේද එය පැමිණවිය යුතු අර්‍ත්‍ථ ඇති සූත්‍රාන්තයකි. නීතත්‍ථො සූත්තන්තොති දීපෙති යනු මේ සූත්‍රාන්තය කියනලද අර්‍ත්‍ථ ඇත්තේයයි පවසති. එහි එකපුග්ගලො භික්‍ඛවෙ, දෙවමෙ භික්‍ඛවෙ පුග්ගලා, තයොමෙ භික්‍ඛවෙ පුග්ගලා, චත්තාරොමෙ භික්‍ඛවෙ පුග්ගලා යන මෙබඳුවූ සූතාන්තය නෙය්‍යත්‍ථ නම් වෙයි. මෙහි වනාහි සම්මාසම්බුදුන් විසින් ‘මහණෙනි එක් පුද්ගලයෙක්, යනාදී කිසිවක් පවසනලද්දේද පරමාර්‍ත්‍ථවශයෙන් පුද්ගලයෙක් නැතැයි මෙසේ එහි අර්‍ත්‍ථය පැමිණවිය යුත්තේමවෙයි. මෙතෙම වනාහි තමන්ගේ මෝඩකමින් මේ සූත්‍රාන්තය නීතාත්‍ථී ඇත්තේය, පරමා අර්‍ත්‍ථවශයෙන් පුද්ගලයෙකු නොමැතිකල්හි තථාගයන්වහන්සේ ‘මහණෙනි එක් පුද්ගයෙක්, යනාදිය නොකියන සේක. යම්හෙයකින් එසේ කියනලද්දේද එහෙයින් පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගලයෙක් ඇතැයි ගනිමින් ඒ නෙය්‍යාර්‍ත්‍ථ සූත්‍රාන්තය නීතාර්‍ත්‍ථසූත්‍රාන්තයකැයි ප්‍රකාශ කරයි. නීතත්‍ථං යනු අනිත්‍යය, දුක්‍ඛ්‍ය, අනත්තයයි මෙසේ කියනලද අර්‍ත්‍ථ ඇත්තේයි. මෙහි වනාහි අනිත්‍යවේමය. දුක්‍ඛවේමය, අනාත්මවේමයයි අර්‍ත්‍ථයි. මෙතෙම වනාහි තමන්ගේ මෝඩකමින් මේ සූත්‍රාන්තය පමුණුවනලද අර්‍ත්‍ථ ඇත්තේය. මෙහි අර්‍ත්‍ථය ගෙනහැර දක්වමියි නිත්‍යයක් ඇත සුඛයක් ඇත. අනාත්මයක් ඇතැයි ගනිමින් නීතාර්‍ත්‍ථ සූත්‍රාන්තය නෙය්‍යාර්‍ත්‍ථ සූත්‍රාන්තයකැයි ප්‍රකාශකරයි නමි. පස්වෙනි සූත්‍රාන්තය ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.