සඤ්ඤොජනීය සූත්‍රය
සයවෙනි සූත්‍රයෙහි සංයොජනීයෙසු ධම්මේසු යනු දස සංයෝජනයන්ට ප්‍රත්‍යයවූ ත්‍රෛභූමික ධර්මයන්හියි. අස්සාදානුපස්සිතා යනු ආස්වාද වශයෙන් දක්නාලද, බලනබව යන අර්‍ත්‍ථයි. නිබ්බිදානුපස්සිතා යනු නිර්වෙද වශයෙන් උකටලීවිම්වශයෙන් බලනබවයි. ජාතියා යනු ස්කන්ධයන්ගේ හටගැනීමෙනි. ජරාය යනු ස්කන්ධයන් මුහුකුරා යාමෙනි. මරණතො යනු ස්කන්ධයන්ගේ බිඳීමෙනි. විනාශවීමෙනි. සොකෙහි යනු ඇතළත පසුතැවිලි වීම ලක්ෂණ කොට ඇති ශෝකයෙනි. පරිදෙවෙහි යනු එය ඇසුරු කොට විලාපකීම් ලක්‍ෂණකොට ඇති හැඬීමෙනි, දුක්ඛෙහි යනු කය පෙළෙන දුකෙනි. දොමනස්සෙහි යනු සිත තවන දොම්නසිනි. උපායාසෙහි යනු දැඩි ආයාසය (වෙහෙස) ලක්‍ෂණකොට ඇති උපායාසයෙනි. දුක්ඛසමා යනු සියලු සංසාර දුකෙනි. පජහති යනු මාර්ගයෙන් දුරුකරයි. පහාය යන මෙහි වනාහි ඵලලක්ෂණය කියනලදී. මේ සූත්‍රයෙහි සසර සහ නිවන කියනලදී.
කණ්හ සූත්‍රය
සත්වැනි සූත්‍රයෙහි කණ්හා යනු කළුපැහැය නිසා කළුවූයේ නොවෙයි. කළුබවට (පවිටුබවට) පමුණුවන්නේනුයි හටගැනීමෙන් පවිටුබැවින් කණ්හා නමි. ස්වකීය කෘත්‍යයෙන් හෝ සියලු අකුශල ධර්මයෝ කෘෂ්ණයෝමය. ඔවුන්ගේ උපතින් සිත පැහැසර නොවෙයි. අභිරිකං යනු ලජ්ජා නැති බවයි. අනොත්තප්පං යනු (පවට) බිය නැති බවයි.
සුක්ක සූත්‍රය
අටවැන්නෙහි සුක්කා යන පැහැයෙන් සුදුබවින් සුදුනොවේ. සුදුබවට (පිවිතුරු බවට) පමුණුවත්නුයි සුදුයි. ස්වකීය කෘත්‍යයෙන් හෝ සියලු කුශලධර්‍මයෝ සුදුමය. ඔවුන්ගේ උපතින් සිත පැහැසර වෙයි. හිරි චඔත්තපපං ච යනු මෙහි පවින් පිළිකුල් කරන ලක්ෂණය හිරියි. බියවන බව ඔත්තප්පයයි. මෙහි යමක් විස්තර වශයෙන් කිවයුතු ද එය විසුද්ධිමග්ගයෙහි කියනලද්දේමය.
චරියා සූත්‍රය
නව වැන්නෙහි ලොකං පාලෙනති යනු ලෝකය දරත් පිහිටුවත් රකිති යනුයි. නයිධ පඤ්ඤායෙථ මාතා යනු මේ ලෝකයෙහි ජනනය කරන මව මේ මගේ මවයයි ගරු කිරීම් වශයෙන් නොපැනෙයි. ඉතිරි පදයන්හිද මේ ක්‍රමයමයි. සමේහදං යනු මිශ්රවීම හෝ සීමා බිඳීමයි. යථා අජෙළකා යනාදියෙහි මේ සත්වයෝ මේ මගේ මවය හෝ නැන්දාය හෝයි ගරුකිරීම් වශයෙන් නොදනිත්. යම් වස්තුවක් නිසා උපන්නාහුද එහිම වරදවා හැසිරෙත්. එබැවින් උපමාවක් එළවමින් එළුබැටලුවන් මෙනැයි ආදිය පැවසීය.
වස්සූපනායිකා සූත්‍රය
දසවැන්න අත්ථෙර්ාත්පත්තියෙහි (කරුණක් ඇතිවීමෙහි) කියනලදී. කවර අත්ථෙර්ාත්පත්තියකදීද? මිනිසුන්ගේ උද්ඝොෂණයෙහිය. භාග්‍යවතුන්වහන්සේ විසින් ප්‍රථම බෝධියෙහි විසිවසක් වස් එළඹීම නොපනවන ලද්දේවිය. භික්ෂූහු නිබඳවාසයක් නැත්තාහු වැස්සෙහිද වැසි සමයෙහිද කැමති පරිද්දෙන් විසූහ. ඔවුන් දැක මිනිස්සු කෙසේ නම් ශාකයපුත්ර ශ්‍රමණයෝ ශීත කාලයෙහිද උෂ්ණකාලයෙහිද වැසිකල්හිද නිල්තණ මඩිමින් ඒකේන්ද්රිය ජීවීන් වෙහෙසෙමින් බොහෝ කුඩා ප්‍රාණීන් විනාශයට පමුණුවමින් සැරිසරත්ද? නපුරුසේ කියනලද ස්වභාවය ඇති මේ අන්‍යතීර්ථකයෝ වස් විසීමෙහි ඇලෙත් මේ ලිහිණියෝ ගස් අග කැදලි තනා ඒවායේ වැසිකල ගෙවත්යයි ආදිය කියා උද්ඝෝෂණය කළාහුය. භික්ෂූහු එකරුණ භාග්‍යවතුන්වහන්සේට සැලකළාහුය. භාග්‍යවතුන්වහන්සේ එකරුන නිදානකොට මේ සූත්‍රය දෙසනසේක් පළමුව ‘මහණෙනි වස් එළඹෙන්නට අනුදනිමි’යි මෙපමණක්ම පැවසූසේක. ඉක්බිති භික්ෂූන්ට කවදා නම් වස් එළැඹිය යුතුදැයි උපන් සැකය ගැන අසා ‘මහණෙනි වැසි සමයෙහි වස් එළඹෙන්නට අනුදනිමි’යි පැවසූසේක. ඉක්බිති භික්ෂූන්ට වස් එළැඹීම් කීයක්දැයි අදහසක් පහළවිය. භාග්යවතුන්වහ්නසේට මෙකරුණ සැළකළාහුය. එය අසා සියලු මෙම සූත්‍රය දෙසමින් දේවමා භික්ඛවෙ යනාදිය දෙසූසේක. එහි වස්සූපනායිකා යනු වස් එළඹීම්ය. පුරිමිකා යනු දිනක් ගතවූ ඇසළ මස එළඹිය යුතු වප්මස පුන්පොහෝ දිනය අවසන් කොටඇති පළමු තෙමස ඇත්තාවූයි. පච්ඡිමිකා යනු මසක් ගතවූ ඇසළ මස එළඹිය යුතු ඉල්මස අවසන්කොට ඇති පැසුළු තෙමස ඇත්තාවූයි.
පළමුවෙනි වස්සුපනායික වර්ගයයි.
2. අධිකරණ වර්ගය
2. 1. 2. 1
දෙවෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි බලානි යනු කවර අර්ත්ථයකින් බලයෝදයත්? නොසැලෙනසුලු අරුතින් බලයෝ නම් වෙත්. එසේම මැඩපැවත්විය නොහැකි අර්ත්ථයෙන්ද යටපත් කළ නොහැකි යන අර්ත්ථයෙන්ද වේ. පටිසංඛාන බලං යනු ප්රත්යවෙක්ෂණබලයයි. භාවනාබලං යනු දියුණු කිරීමේ බලයයි. වැඩීමේ බලයයි. සුද්ධමත්තානං යන මෙය යට කියනලද ක්‍රමයෙන්ම දතයුතුයි. තත්ර යන් ඒ බලදෙකෙහියි. යමිදං යනු යම් මේයි. සෙඛමෙතං බලං යනු මෙය ශෛක්ෂයන් සත්දෙනාගේ ඥානබලයයි. සෙඛං හි සො භික්ඛවෙ බලං ආගම්ම යනු ශෛක්ෂයන් සත් දෙනාගේ ඥානබලය ඇරඹ, නිසා යනුයි. පජහති යනු මගින් දුරුකරයි. යම් හෙයකින් මේ දෙකම වඩා රහත්බවට පැමිණෙයිද එහෙයින් මෙහි එතදග්ගය නොපැමිණියේයි දතයුතුය.