පධාන සූත්‍රය
දෙවෙනි සූත්‍රයෙහි පධානානි යනු වීර්යයෝයි වීර්යය වනාහි උත්සාහකළයුතු බැවින් ප්රධානභාවය කිරීම් වශයෙන් හෝ ප්රධානයයි කියනුලැබේ. දුරභිසම්භවානි යනු ඉවසිය නොහැකි, දුකසේ සපිරියයුතු දුකසේ කළයුතුය යන අර්‍ත්‍ථයි. අගාරමජ්ක්ධාවසතං යනු ගිහිගෙහි වසන්නවුන්ගේයි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය භෙසජ්ජ පරික්ඛාරානුප්පදානත්ථං පධානං යනු මේ චීවරාදී ප්රත්යසතර දීම සඳහා වීර්යය නම් අමාරුවෙන් ඇති වන්නකැයි දැක්වෙයි. සිවුරියන් පමණවූ කඩමාල්ලක්ද අල්ලක සහල් පමණවූ බක්ස සිවුරියනක් පමණවූ පන්සලක්ද ගිතෙල් වෙඬරු ආදිය අතුරෙන් සුළුවූ බෙහෙතක්ද අනුන්ට දෙවුයයි කීමට හෝ රැගෙන දීමට දුෂ්කරය. දෙපසින් පෙළගැසුණු සටනට පිවිසීමකට සමානය. එහෙයින් භග්‍යවතුන්වහන්සේ (මෙසේ) පැවසූසේක.
දීමද සටනද සමානයයි කීහ. යහපත් ටිකදෙනෙක් බොහෝ දෙයක් දිනති. ඉදින් සැදැහැ ඇත්තේ ටිකක් හෝ දෙයිද එහෙයින්ම හෙතෙම පරලොව සුව ඇත්තේ වෙයි.
අගාරස්මා අනගාරියං පබ්බජිතානං යනු ගෙයින් නික්ම ගෙට, ගිහිගෙහි විසීමට හිතඑළවන ගොවිතැන ගවයන් රැකීම් ආදියෙන් වෙන්වූ අනගාරික පැවිද්දට එළඹුනවුන්ගේය. සබ්බූපධිපටිනිස්සග්ගත්ථාය පධානං යනු සියලු ස්කන්ධඋපාධි කේලශඋපධි අභිසංස්කාර උපාධි සංඛ්‍යාතවූ උපධීන් අත්හැරීම් සංඛ්‍යාතවූ නිර්වාණය සඳහා විදර්ශනාවෙන් මෙන්ම මාර්ගයෙන්ද එකට උපන් වීර්යයයි. තස්මා යනු යම් හෙයකින් මේ වීර්ය දෙක දුකසේ හටගනියිද එහෙයිනියි.
දෙවෙනි සූත්‍රයයි.
තපනීය සූත්‍රය
තුන්වෙනි සූත්‍රයෙහි තපනීයා යනු මෙලොවෙහිද පරලොවෙහිද තැවෙත්නුයි තපනීයා නම් වේ. තප්පති යනු සිත්තැවුලෙන් තැවෙයි. ශෝක කරයි. කාය දුශ්චරිතය කොට නන්දයක්ෂයා මෙන් නන්දමානවකයා මෙන් නන්ද ගෝඝාතකයා මෙන් දෙව්දත් මෙන් දෙබෑයන් මෙන්ද තැවෙයි. ඔවුහු දෙනක මරා මස් දකොටසකට කළහ. ඉක්බිති කනිටු බෑයා දෙටු බෑයනට, මගේ දරුවෝ බොහෝය. මේ බඩවැල් දෙක දෙන්නැයි කීවේය. ඉක්බිති හෙතෙම ඔහුට සියලුමස් දෙකට බෙදනලදී. යළි කුමක් සොයහිදැයි (පවසා) පහරදී දිවිතොර කළේය. ආපසු හැරී ඔහු දෙස බලමින් මියගියහු බලා මවිසින් බැරෑරුම් දෙයක් කරනලදැයි සිතක් ඉපදවීය. ඉක්බිති ඔහුට බලවත් ශෝකයක් උපන්නේය. හෙතෙම සිටි තැනද හුන්තැනද ඒ ක්‍රියාවම සිහිකරයි. සිත් සතුටක් නොලබයි. කෑ බිව් අනුභවකළ විඳි දෙයද ඔහුගේ සිරුරෙහි ඔද ඇති නොකරයි. ඇට සම් පමණක්ම වීය. ඉක්බිති එක් තෙරකෙනෙක් ඔහු දැක උවසුව, නුඹ බොහෝ කෑම් පීම් ඇත්තෙකි. ඔබේ ඇටසම පමණක් ඉතිරිව ඇත. ඔබගේ කිසියම් ශෝකකළයුතු කර්මයක් ඇත්දැයි ඇසූහ. හෙතෙම එසේය ස්වාමීනියි සියල්ල පැවසීය. ඉක්බිති ඔහුට තෙරණුවෝ උවසුව ඔබ බැරෑරුම් කර්මයක් කරනලදී. අපරාධ නොකළයුතු තැන අපරාධ කෙළෙහියි පැවසූහ. හෙතෙම ඒ කර්මයෙන්ම කළුරිය කොට නිරයෙහි උපන්නේය. වාග් දුශ්චරිතයෙන් සුප්රබුද්ධ ශාක්‍ය, කොකාලික චිඤ්විමානවිකාදීන් මෙන් තැවෙයි. ඉතිරිය මෙහිද සතර වෙන් සූත්‍රයෙහිද පැහැදිලි අරුත් ඇත්තේමය.
උපඤ්ඤාත සූත්‍රය
පස්වැන්නෙහි ද්වින්නාහං යනු දෙදිනකි. උපඤ්ඤාසිං යනු එළඹ ගුණය දැනගත්තේය. වටහා ගත්තේය, අවබෝධ කළේය යන අර්‍ත්‍ථයි. දැන් ඒ ධර්මයන් දක්වමින් යාච අසන්තුට්ඨිතා යනාදිය පැවසූසේක. මේ ධර්මදෙක නිසා ශාස්තෘන්වහන්සේ සර්වඥතාඥානයට පත්සේක. එබැවින් එහි බලය දක්වමින් මෙසේ පැවසූසේක. එහි ‘ක්ුසලධර්මයන්හි අසතුටු බව’ යන මෙයින් මෙය ප්රකටකරයි. මම ධ්යානමාත්රයකින් හෝ අවභාසනිමිත්තමාත්රයකින් හෝ අසතුටුවී රහත්මගම ඉපදවූයෙමි. යම්තාක් එය නූපන්නේද ඒතාක් සතුටුවූයේ නොවෙමි. බවුන් වැඩීමෙහිදිද උකටලී නොවී නොපසුබටවම බවුන්වැඩීම කෙළෙමි යන මේ අර්ත්ථය දක්වමින් යාච අප්පටිවානිතා යනාදිය පැවසූසේක. එහි අප්පටිවානිතා යනු පසු නොබැසීමයි. නොපසුබටවීමයි. අප්පටිවානී සුදාහං භික්ඛවෙ පදහාමි යන මෙහි සුදං යනු නිපාතමාත්‍රයකි. ‘මහණෙනි, මම නොපසුබැසීමෙහි සිටියෙමි. බෝසත්කල්හි සර්වඥතා ඥානය පතමින් ප්‍රධන් වීර්‍ය්‍යය කෙළෙමි යන මෙය මෙහි අදහසයි.
දැන් යම්සේ මෙතුමා විසින් ඒ ප්‍රධන් වීර්‍ය්‍යය කරනලද්දේද එය දක්වමින් කාමං තචො ච යනාදිය පැවසූසේක. එහි යන්තං යන මෙයින් ලැබියයුතු ගුණසමූහය දක්වයි. පුරිසත්ථාමෙන යනාදියෙහි පුරුෂයාගේ ඥාන ශක්තිය, ඥානවීර්ය, හා ඥානපරාක්රමයද කියනලදී. සන්ථානං යනු පිහිටුවීම, නැවැත්ම, පසුබැසීම, සංසිඳීමයයි අර්‍ත්‍ථයි. මෙපමණකින් මෙයින් සතර අංගයකින් යුක්තවූ විර්ය අධිෂ්ඨානය කියන ලද්දේ නමි. මෙහිද කාමං තචො යනු එක් අංගයකි. අට්ඨි යනුද තවත් අංගයකි. මංසලොහිතං යනුද එක් අංගයකි. මේ සතර අංගයෝයි. පුරිසත්ථාමෙන (පුරුෂවීර්යයෙන්) යනාදිය බලවත් වීර්ය සඳහාවූ වෙනත් නම්ය. මෙසේ මුලින් සඳහන් කළ සතරින් යුක්තවී මෙසේ අධිෂ්ඨාන කරනලද වීර්යය චතුරංග සමන්වාගත වීර්යාධිෂ්ඨානය නමැයි දතයුතුය. මෙපමණකින් මෙතුමා විසින් බෝධිපර්ය්යංකයේහිදී තමාගේ පැමිණියයුතු ප්‍රතිපදාව කියනලදී.
දැන් ඒ ප්‍රතිපදාවෙන් ලබනලද ගුණය කීමට තස්ස මයහං භික්ඛවෙ (මහණෙනි. ඒ මට) යනාදිය පැවසූසේක. එහි අප්පමාදාධිගතා යනු සිහියෙන් නොවෙන්ව විසීම් සංඛ්‍යාත අප්‍රමාදයෙන් ලබනලදී. නිදාගෙන පමාවූවහු විසින් නොලබනලදී. බොධි යනු සිවුමග නුවණ හා සියල්දත් නුවණයි. මෙයි නිදාගෙන පමාවුවහු විසින් ලැබීමට නොහැක. එහෙයින් බෝධිය අප්‍රමාදයෙන් ලබනලදැයි කියනලදී. අනුත්තරො යොගක්ඛෙමො යනු හුදෙක් බෝධිය පමණක් නොව අර්හත්ඵලනිර්වාණ සංඛ්‍යාතවූ අනුත්තර යොගක්ෂෙමයද අප්‍රමාදීව ලබන ලද්දේමය.