9. කරජකාය සූත්ර වර්ණනාව
නවවැන්නෙහි දුක්ඛස්ස යනු විපාක දුකටය, සසරදුකට හෝය, මේ සුත්රයෙහි මණි උපමාවක් නැත. එවං විගතාභිජ්ඣො යනු එවං යනු නිපාත මාත්රයකි. යම්සේ හෝ මෛත්රිය වඩන්නෝ දුරුකළ දැඩි ලෝභය ඇත්තෝ වෙත්ද එසේ දුරුකළ දැඩි ලෝභය ඇත්තේයි, මෙසේ ඔහුට දුරුකළ අභිධ්යාදියෙන් නීවරණ යටපත් කිරීම දක්වා දැන් අකුසල නිශ්ශරණයන් පවසන සේක් මෙත්තාසහගතෙන යනාදිය කීසේක. අප්පමාණං යනු අපමණ සතුන් අරමුණු වන බැවින් හෝ පුරුදු කළ පුහුණුවෙන් හෝ අපමණවූයි, පමාණකතං කම්මං යනු කාමාවචර කර්මයයි, නතං තත්රාවතිට්ඨති යනු මහා සැඬපහරක මඳදියක් මෙන් තමන්ගේ ඉඩ ගෙන සිටීමට නොහැකි වෙයි, සැඬපහරෙහි කුඩාදියක් මෙන් මේ අපමණ කර්මයම කිදාගොස් තමන්ගේ විපාකය උපදවයි, දහරතග්ගෙ යනු කුඩා කාලයෙහි පටන්ය,
නායං කායො ආදාය ගමනීයො යනු මේ කය රැගෙන පරලොව යාමට නම් නොහැකිය යන අරුත්ය. චිත්තන්තරො යනු සිත නැමැති කාරණය (හේතුව) යි, නැතහොත් සිතෙන්ම අනතුරු වූයේයි, එකම චුති සිතකට අනතුරුව දෙවැනි ප්රතිසන්ධි සිතෙහි දෙවියෙක් නම් වූයේ වෙයි, නිරාගතවූවෙක් නම් වෙයි, තිරිසන්ගිය නම් වූවෙක් වෙයි. මුල්ක්රමයෙහි ද හේතුව වූ සිතින් දෙවියෙක් හෝ නිරාගතවූවෙක් හෝ වෙයි යන අර්ත්ථයි. සබ්බං තං ඉධ වෙදනීයං යනු මෙය දිට්ඨධම්මවෙදනිය කොට්ඨාස වශයෙන් කියන ලදි. න තං අනුභවිස්සති යනු මෛත්රියෙන් උපපජ්ජවෙදනිය බව සිඳුණු බැවින් උපපජ්ජවෙදනිය වශයෙන් අනුගත නොවන්නේය. සොතාපන්නසකදාගාමී ආර්ය්ය පුද්ගලයන්ගේ මේ ප්රත්යවෙක්ෂණය දතයුතුය. අනාගාමිතාය යනු ධ්යාන අනාගාමී බවෙහි, ඉධ පඤ්ඤස්ස යනු මේ සසුනෙහි ප්රඥාව ඉධප්රඥාව නමි. ශාසනයෙහි හැසිරෙන ආර්ය්ය ප්රඥාව නමි. ශාසනයෙහි හැසිරෙන ආර්ය්ය ප්රඥාවෙන් යුක්ත ආර්ය්ය පුද්ගලයාගේයි, උත්තරිං විමුත්තිං යනු රහත්බවයි. දසවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
පළමුවැනි කරජකාය වර්ගයයි.
2. සාමඤ්ඤ වර්ගය
දෙවැනි වර්ගයෙහි පළමු සූත්රය ආදි කොට සියලු පෙය්යාලපෙළ පැහැදිලි අරුත් ඇත්තේය.
මනොරථපූරණී නම් වූ අඞ්ගුත්තර නිකායට්ඨකථාවෙහි
දසක නිපාත වර්ණනාව නිමියේයි.
දසක නිපාත වර්ණනාව නිමියේයි.