3. පරිශුද්ධ වර්ගය
තෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි පරිසුද්ධා යනු නිර්‍මලවූයි, පරියොදාතා යනු පැබසරවූයි (බබළන), දෙවැන්න ආදිය පැහැදිලි අරුත් ඇත්තේමය.
තෙවැනි පාරිසුද්ධි වර්‍ගයයි.
4. සාධු වර්ගය
සිවුවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි සාධුං යනු සොඳුරුවූයි, සිලිටිවූයි, දෙවැන්න ආදිය කියන ලද අරුත් ඇත්තේමය.
සිවුවැනි වූ සාධුවර්‍ගයයි.
5. අරිය වර්ගය
අරියමග්ගවර්‍ගය කියනලද අරුත් ඇත්තේමය.
තෙවැනි පණ්ණාසකය නිමියේයි.
4. සතරවන පණ්ණාසකය
2. ජාණුස්සොණි වර්ගය
සිවුවැනි පණ්ණාසකයෙහි පළමුවැනි සූත්‍රය ආදිය පැහැදිලි අරුත් ඇත්තේමය.
8. කම්මනිදාන සූත්‍ර වර්ණනාව
අටවැනි සූත්‍රයෙහි ලොභහෙතුකම්පි යනු සත්‍වාඝාතනයට ලෝභය උපනිඃශ්‍රය කෙළවරින් හේතු වෙයි. දෙවෙෂමොහ යුක්ත තැනැත්තේ ද එසේය. මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්‍ත්‍ථය දතයුතුය.
9. සපරික්කමන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි පරික්කමනං හොති යනු අත්හැරීම වෙයි,
10. චුන්ද සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි කම්මාරපුත්තස්ස යනු රන්කරු පුත්‍රයාගේයි, කස්ස නො ත්‍වං යනු නුඹ කාගේ ද? පච්ඡාභූමිකා යනු පැසුළුබිම වැසියෝයි, කමණ්ඩලුකා යනු සෙවල මල්දමක් මෙන් දරත්, සෙවලින් තැනු පිළි හඳින්නාහුයි ද කියන ලද්දේය. උදකොරොහකා යනු උදේ හවස ජලයට බැසීමේ ව්‍රතයෙහි යෙදුනාහුයි, ආමසෙය්‍යාසි යනු අතින් පිරිමඳින්නේය.
11. ජාණුස්සොණි සූත්‍ර වර්ණනාව
එකොළොස් වැන්නෙහි උපකප්පතු යනු පැමිණේවා! ඨානෙ යනු අවස්ථාවෙහියි, නො අට්ඨානෙ යනු අනවස්ථාවෙහි නොවේ. නිරාගතවූවන්ගේ ආහාරය නම් එහි උපදින කර්‍මයමයි. එයින්ම ඔවුහු එහි යැපෙති. තිරිසන් යෝනියෙහි වූවන්ගේ තණපත් ආදි වශයෙන් ආහාරය දතයුතුයි, මිනිසුන්ගේ බත් කොමු ආදි වශයෙනි, දෙවියන්ගේ අමාබොජුන් වශයෙන්, ප්‍රේතවිෂයෙහි වූවන්ගේ කෙළසොටු ආදි වශයෙනි, යං වා පනස්ස ඉතො අනුප්පවෙච්ඡන්ති යනු ඔහුගේ මිත්‍රාදීහු යමක් මෙයින් දෙමින් පිවිසුවත් ප්‍රේතවිෂයෙහි වූවෝ පරදත්තූපජීවීහු වෙති. අනෙකුන්ට අනුන් විසින් දෙන ලද දෙය නොපැමිණෙයි, දායකොපි අනිප්ඵලො යනු යමකු සඳහා ඒ දානය දෙන ලද්දේ ද ඔහුට පැමිණෙවා හෝ නොවේවා! දායකයා නිෂ්ඵලවීමට නොහැකිය. ඔහුට දානයේ විපාකය ලැබේමය.
අට්ඨානෙපි භවං ගොතමො පරිකප්පං වදති යනු ඒ ඥාතියා අනවකාශයෙහි (අවස්ථාව නොමැති තැන) උපන් කල්හිද භවත් ගෞතම තෙමේ දානයේ ප්‍රතිඵලය පරිකල්පනය කරයිමය, පනවන්නේම දැයි අසයි, මෙසේ දෙනලද දානයාගේ ඵලය දායකයා නොලබතැයි බමුණාගේ ලබ්ධියයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ප්‍රශ්නය පිළිගෙන දායකයා යම්කිසි පින්ඵලයෙන් ජීවත්වන තැනක උපන්නේ දානයේ ඵලය ලබන්නේමයයි දැක්වීමට “ඉධ බ්‍රාහ්මණ” යනාදිය වදාළ සේක.
සො තත්‍ථ ලාභී හොති යනු හෙතෙම එහි ඇත් යෝනියෙහි උපන්නේද මඟුල් ඇත් තනතුරට පත්ව ලබන්නේ වෙයි. අසුන් ආදීන් කෙරෙහි ද මේ ක්‍රමයමයි.
දෙවැනි ජාණුස්සොණි වර්‍ගයයි
සාධුවර්‍ගය කියන ලද අර්‍ත්‍ථ ඇත්තේමයි.
සිවුවැනි පණ්ණාසකය නිමියි.
අතිරේක සූත්‍ර
1. කරජකාය වර්ගය
පස්වැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රාදිය කියනලද අරුත් ඇත්තේමය.
6. සංසප්පනිය පරියාය සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි සංසප්පතිපරියායං වො භික්ඛවෙ ධම්මපරියායං යනු වේදනාවට පත්වීමට කරුණු දෙසීම නම්වූ ධර්‍ම දේශනයයි. සංසප්පති යනු ඒ කර්‍මය කරන්නේ වේදනාවට පත් වෙයි. බියවෙයි, ගැහෙයි, ජිම්හාගති යනු ඒ කර්‍මයෙන් යම් ගතියකට යන්නේ ද එය වක් වෙයි, ජිම්හුපපත්ති යනු ඒ කර්‍මයට යම් ගතියක උපදින්නේද ඒ ගතිය ද වක්වූයේම වෙයි, සංසප්පජාතිකා යනු සංසප්පන (ගැහෙන) ස්වභාවයයි, භූතා භූතස්ස උප්පත්ති හොති යනු පැවති ස්වභාවයෙන් පවතින කර්‍මයෙන් සත්ත්වයාගේ උපත වෙයි. ඵස්සා ඵුසන්ති යනු විපාකස්පර්‍ශයෝ ස්පර්‍ශ කරති.
7-8. පඨම සඤ්චෙතනික ආදි සූත්‍ර වර්ණනා
සත්වැන්නෙහි සඤ්චෙතනිකානං යනු සිතා කල්පනා කොට කරන ලද්දවුන්ගේයි. උපවිතානං යනු රැස්කරන ලද්දවුන්ගේ, වඩන ලද්දවුන්ගේයි, අප්පටිසංවිදිත්‍වා යනු ඒ කර්‍මයන්ගේ විපාකය නොවිඳයි, ව්‍යනතීභාවං යනු පහවූ කෙළවර ඇති බවයි, ඒ කර්‍මයන්ගේ පිරිසිඳීමට කෙළවර කිරීමට කාරණයයි, තඤ්ච බො දිට්ඨෙව ධම්මෙ යනු ඒ විපාකය මෙලොවදී විදිය යුතුය. ඉහාත්මයෙහිම උපදියි, උප්පජ්ජෙ යනු අනතුරු ආත්මභාවයෙහි (විපාක දිය යුතු) උපපජ්ජවෙදනියයි, අපරෙ වා පරියායෙ යනු සසර පැවති කල්හි දහස් වැනි අත්බැව්හි හෝ අපරාපර්‍ය්‍යව විදිය යුතුය යන මෙයින් “ලද විපාකයට සුදුසුවූ කර්‍මය සසර පවත්නා විට, ඒ පාපකර්‍මනේ යම් තැනක සිට මිදෙන්නේද එබඳු වූ ලොව පෙදෙසක් විද්‍යමාන නොවේ” යන මෙය දක්වයි. තිවිධා යනු තෙවැදෑරුම්ය, කායකම්මන්තසන්‍දොසඛ්‍යාපත්ති යනු කායකර්‍ම සංඛ්‍යාත වූ විපත්තියයි, මේ ක්‍රමයෙන් සියලු පදයෝ දතයුත්තාහ. අටවැන්නෙහි අපණ්ණකො මණි යනු හාත්පසින් සතරැස්වූ උගුලකි.