5. රාජන්තෙපුරප්පවෙසන සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි කතං වා කරිස්සන්ති වා යනු මෛථුන පාරාජික ඇවත ඉක්මවූවාහුය හෝ ඉක්මවන්නාහුය, රතනං යනු මැණික් රුවන් ආදියෙහි යම්කිසිවකි, පත්ථෙති යනු මැරීමට කැමති වෙයි, ඇතුන්ගෙන් බාධාව හෝ ඇතුන් විසින් වටකරගනු ලැබීම හෝ යනු එහි අර්ත්ථයයි. සෙස්සෙහි ද මේ ක්‍රමයමයි.
6. සකක්‍ය සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි යෙන කෙනචි කම්මට්ඨානෙන යනු ගොවිතැන වෙළඳාම ආදිය අතුරින් කිසියම් කටයුත්තකිනි, අනාපජ්ජ අකුසලං යනු කිසියම් අකුසලයකට නොපැමිණයි, නිබ්බිසෙය්ය යනු උපදවන්නේය, රැස්කරන්නේය, අනාපජ්ජ අකුසලං යනු අකුසලයකට නොපැමිණෙයි, දක්ඛො යනු දක්ෂයෙකි, උට්ඨානසම්පන්නො යනු උත්ථාන වීර්යයෙන් යුක්ත වූයේයි, අලං වචනාය යනු කීමට යුත්තෙකි, එකන්තසුඛපටිසංවෙදී විහරෙය්ය යනු ඒකාන්තවූම කායික චෛතසික සුවය (නුවණින් විඳිමින් වසන්නේය, අනිච්චා යනු වී නැතිව යාමෙන්ය, තුච්ඡා යනු සැපරහිත වූයි, මුසා යනු නිත්‍ය සුභ සුඛයයි ගනු ලබන්නාහුද එසේ නොවෙත්නුයි මුසායි, මොසධම්මා යනු නැසෙන ස්වභාවය ඇත්තෝයි, එහෙයින් ඒවා නිසා දුක උපදීයයි දක්වයි, ඉධ ඛො පන වො යන මෙහි වො යනු නිපාත මාත්‍රයෙකි, අපණ්ණකං වා සොතාපන්නො යන ඒකාන්තයෙන්ම සෝවාන් වූයේ හෝ වෙයි, හෙතෙමේත් ධ්‍යාන උපදවයි, බඹලොව හෝ ගොස් කාමස්වර්ග සයෙහි හෝ ඒකාන්තයෙන් සුව විඳින්නේ වී වසන්නේය. මේ සූත්‍රයෙහි දී ශාස්තෲන් වහන්සේ අෂ්ටාංග උපොෂථයේ ගුණ ප්‍රකාශ කළ සේක.
7. මහාලි සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි මිච්ඡාපණිහිතං යනු වැරදිව තබන ලද්දාවූයි, අධම්මචරියා විසමචරියා යනු අකුශල කර්මපථ වශයෙන් අධර්මචර්යා සංඛ්‍යාත විෂම චර්යාවයි, සෙස්ස කුශල කර්මපථ වශයෙන් දතයුතුය. මෙසේ මෙහි මෙයම කියන ලදි.
8. දසධම්ම සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි පබ්බජිතෙන යනු ගිහිගෙයි විසීම අතහැර සසුනෙහි පැවිද්දට එළැඹි තැනැත්තා විසිනි, අභිණ්හං යනු නිතරයි, නැවත නැවතයි, පච්චවෙක්ඛිතබ්බා යනු බැලිය යුතුයි, සැලකිය යුතුයි, වෙවණ්ණියං යනු විවර්ණභාවයයි. ඒ මේ විවර්ණභාවය දෙවැදෑරුම් වෙයි, ශරීර විවර්ණභාවය හා පරිෂ්කාර විවර්ණභාවය යනුවෙනි, එහි කෙරැවුල් බෑමෙන් සිරුරෙහි විවර්ණ බව දතයුතුය. පෙර නොයෙක් අගරස බොජුන් රන්රිදී බඳුන්වල වළඳා සිරියහන් ගැබ්වල උතුම් සයනයන්හි වැදහෙව හිඳ ගිතෙල් වෙඬරු ආදියෙන් බෙහෙත් කොට ද පැවිදි වූ කාලයෙහි පටන් සිඳුණු ගැටලූ කසට රස පොවන ලද වස්ත්‍ර හැඳිය යුතුය, යකඩ පාත්‍රයෙහි හෝ මැටි පාත්‍රයෙහි මුසුබත බිදිය යුතුය. රුක්මුල් ආදී සෙනසුන්හි තණ ඇතිරිලි ආදියෙහි වැදහෙවිය යුතුය. සම්කඩ පැදුරුකඩමාලු ආදියෙහි හිඳියයුතුය. පූතිමුත්රාදියෙන් බෙහෙත් කළයුතුය. මෙසේ මෙහි පරිෂ්කාර විවර්ණත්වය දතයුතුය. මෙසේ සලකන්නාගේ මානය දුරුවෙයි.
පරපටිබද්ධා මෙ ජීවිකා යනු මගේ සිවුපස ජීවිකාව අනුන් හා බැඳුනේය, අනුන් අයත්යයි මෙසේ සලකන්නාගේ ඉරියව්ව ගැලපෙයි, ආජීවය පිරිසුදු වෙයි. පිණ්ඩපාතය ද ගරු කරන ලද්දේ වෙයි. සිවුපසයෙහි ප්රත්යවෙක්ෂා නොකළ පරිභෝගයක් නම් නොවෙයි. අඤ්ඤො මෙ ආකප්පො කරණීයො යනු උරය නෙරා ගෙල දැඩි කොට ලෙලෙන අයුරින් අනියතව පියවර තැබීමෙන් යන ආකාරයක් ගිහියන්ගේ වේද ඊට වෙනස් වූ ආකාරයක් (ආකල්පයක්) මා විසින් කළයුතුය. සන්සුන් ඉඳුරන්ගෙන් සන්සුන් මනසින් වියදඬු පමණ බැල්මෙන් විෂම තැනක් ඉක්මවන දිය (ගෙනයන) රියක් මෙන් සිත්ගන්නා (ලෙස) නියමිත පියවර තැබීමෙන් මා යායුතුයයි සැලකිය යුතුය, මෙසේ සලකන්නාගේ ඉරියව්ව ගැලපෙන්නේ වෙයි, ත්‍රිවිධ ශික්ෂා සපිරෙයි. අත්තා යනු සිතයි, සීලතො න උපවදති යනු ඔබගේ ශීලය අපිරිසුදුයයි ශීලයෙන් උපවාද නොකරයි. මෙසේ සලකන්නාගේ අධ්‍යාත්මයෙහි ලජ්ජාව හටගනියි. ඒ ලජ්ජාව තිදොරෙහි සංවරය ඇතිකරවයි. සිවුපිරිසුදු ශීලය ඇති කරවයි, සිවුපිරිසුදු සිල්හි පිහිටියේ විදසුන් වඩා රහත් වෙයි, විඤ්ඤු සබ්‍රහ්මචාරි යනු පණ්ඩිත වූ එකට බඹසර හැසිරෙන්නෝයි, මෙසේ සලකන්නට බැහැරිබිය හටගනියි, එය තිදොරෙහි සංවරය අහිතකරවතැයි කියනලද අයුරින්ම දත යුතුයි